• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරීන්.. හරිද… හිරේද….

May 4, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
හරීන්.. හරිද… හිරේද….
Share on WhatsAppShare on Facebook

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට කුමක් සිදු වේද යන්න සම්බන්ධයෙන් දේශපාලනය පිළිබඳ උනන්දුවන බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. මේ තත්ත්වය ඇති වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් පසුවය. ප්‍රනාන්දු මහතා එම සුවිශේෂී අනාවරණය සිදු කළේ එකුත් අප්‍රේල් 20 වැනිදාය. එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ වැදගත් තොරතුරු රාශියක් හෙළි කිරීමට ඒ මහතා පියවර ගත් අතර ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේද වේගයෙන් පැතිර යන්නට විය.

එම ප්‍රකාශය සිදු කළ දිනට පසු දිනයේද පාර්ලිමේන්තුව ඉතා උණුසුම් මුහුණවරක් ගත් අතර එහිදී ඇති වූ කතාබහක් මත පාර්ලිමේන්තු ලොබියේදී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අතර ගුටි බැට හුවමාරුවක් සිදුවූ බවද වාර්තා විය.

එම ගැටුම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තිස්ස කුට්ටිආරච්චි මහතා කටයුතු කර තිබුණු අතර හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇති බවද වාර්තා විය.

පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් පසුගිය 22 වැනිදා උදෑසන සිටම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් විය.

එම ආරංචි අනුව දැන ගන්නට ලැබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ කරුණු පරස්පර විරෝධී වීම හේතුවෙන් ඒ පිළිබඳ ප්‍රකාශයක් ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කටයුතු කරන බවය. එලෙස කරුණු පරස්පර වී ඇති බව කියැවුණේ ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ සිදු කළ ප්‍රකාශයක් සමඟිනි. එමෙන්ම තිස්සකුට්ටිආරච්චි මහතා සමඟ ඇති කර ගත් ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමේ සූදානමක් පවතින බවටද ආරංචි පැතිර ගියේය.

මේ ආරංචියත් සමඟ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනකු කැලඹීමට පත් වූ බවක්ද දැන ගත හැකි විය. ඒ සඳහා හේතු වූයේ පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ අයිතියක් නීතියෙන් නොමැති වීමය.

එම උත්සාහය පිළිබඳව පැතිර යන ආරංචි සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ එය ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරන බලවත් පහරක් බවය. පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කළ නොහැකි බවද එහිදී මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා අප්‍රේල් 23 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී තිබුණු අතර රෝහල්ගතව සිටීම හේතුවෙන් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇති බවද වාර්තා විය.

ඊට පසුදින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රනාන්දු මහතා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමේ සූදානමක් පවතින බැවින් ඒ සඳහා කතානායකවරයා මැදිහත් විය යුතු බවය. ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇල්ලීම බවද සඳහන් කළ විපක්ෂනායකවරයා ඒ වෙනුවට පණිවිඩකරු දඩයම් කිරීම නොකළ යුතු බව පෙන්වා දුන් අතර වහාම පාර්ලිමේන්තු වරප්‍රසාද කියවන ලෙසද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඉන් අනතුරුව ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා සමඟි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරු නවලෝක රෝහලට පැමිණෙන ආකාරය දැක ගත හැකි විය. ඒ අවස්ථාවල මාධ්‍යයට අදහස් දැක්වීමටද එම මන්ත්‍රීවරු කටයුතු කළහ.

හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා පැමිණි අවස්ථාවේ මනුෂ නානායක්කාර මහතා අදහස් දැක්වූයේ මෙසේය.

“සුමාන දෙකෙන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලනවා කියලා ඇවිල්ලා හරීන් ප්‍රනාන්දුලා මේ ප්‍රහාරයට සම්බන්ධයි කියලා පෙන්වන්නද මේ හදන්නේ කියලා අපට සැකයක් තියෙනවා. සහරාන්ලා නෙවෙයි හරීන් ප්‍රනාන්දුලාද බෝම්බ ගැහුවේ කියලා පෙන්වන්නද මේ උත්සාහ කරන්නේ කියන එක අපට බරපතළ ප්‍රශ්නයක්. යම් යම් පාර්ශ්ව සතුටු කරන්න වගේම ආණ්ඩුවට නැඟෙන චෝදනා යටපත් කරගන්න ගන්න උත්සායක් තමයි මේ කරන්නේ.”
ඒ මනූෂ නානායක්කාර මහතාගේ අදහස්ය.

රෝහලට පැමිණි සමඟ ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියද මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවාය.

“අද රට පත්වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියන එක මේ හරීන් ප්‍රනාන්දු මහතාගේ සිද්ධියත් එක්ක රටේ ජනතාවට පැහැදිලි ඇති. මේ රජය විවේචනය කිරීමට හෝ රජයට විරුද්ධව යමක් කතා කිරීමට අද මාධ්‍යවේදීන්ට බැරි වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරන්න ජනතාව විසින් පත් කරලා එවපු මහජන නියෝජිතයන්ටත් අද බැරි වෙලා තියෙනවා. අද මේ රට ඒකාධිපති ස්වරූපයකට යන බවක් පේනවා. එතුමා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය මොකක්ද කියලා අද සියලු දෙනාම දන්නවා. පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ කවුද කියලා අහපු එකට ආණ්ඩුවේ මොළේ දනවා වගේ හැසිරෙන්නේ ඇයි කියන එක තමයි අපට තියෙන ගැටලුව.”
ඒ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ අදහස්ය.

මේ අතර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා පැමිණි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවය. එලෙස අත්අඩංගුවට ගතහොත් වසර එකහමාරක් දක්වා රැඳවුම් නියෝග ලබා ගත හැකි බවද සඳහන් කළ සිල්වා මහතා එසේ අත්අඩංගුවට ගතහොත් ඒ පිළිබඳව කිසිදු අධිකරණයක ප්‍රශ්න කිරීමේ හැකියාවක් හෝ නොපවතින බවද සඳහන් කළේය.
හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමද සුවිශේෂී කරුණක් විය. එම අවස්ථාවේ අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙය මන්ත්‍රීවරුන්ට හිරිහැර කිරීමක් ලෙස තමන් දකින බවය.

මේ සියල්ල මධ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හරීන් ප්‍රනාන්දු මහතා ඉන් ඉල්ලා තිබුණේ පාස්කු ප්‍රහාරයට අදාළව පොලිසිය විසින් තමා රඳවා තබා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසය. ප්‍රනාන්දු මහතා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය 27 වැනිදාය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ, පොලිස්පති, නීතිපතිවරයා සහ අමාත්‍ය සරත් වීරසේකර මහතාවය. තමා අත්අඩංගුවට ගැනීමේ සැබෑ අරමුණ පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා සහ රජයට විරුද්ධ වීම බවද එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දක්වා ඇත.

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සඳහන් කර තිබුණේ එලෙස අත්අඩංගුවට ගන්නේ නම් ඒ සඳහා විරුද්ධ වන බවය. එම කරුණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේ ගැටලුවක් නොමැති බවත් සඳහන් කළ අමාත්‍යවරයා එසේ වුවද ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අවධාරණය කළේය. එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ මීට වසර දෙකකට පමණ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන බවය.

මේ සටහන ලියැවෙන මොහොත වන විටද හරීන් ප්‍රනාන්දු මහතාට ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න පැවතියේ අවිනිශ්චිත තත්ත්වයකය. අපි මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ විපක්ෂ මන්ත්‍රීවරුන් මර්දනය කිරීමේ රජයේ සූදානම පිළිබඳව විපක්ෂනායකවරයා විසින් විදේශීය තානාපතිවරුන්ට කරුණු දැක්වූ බවය.

“පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් ප්‍රශ්න කරන්න බැරි හින්දා ඉන් බාහිර වෙනත් ප්‍රකාශයක් පදනම් කර ගෙන තමයි ආණ්ඩුව හරීන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගන්න හදන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරු විදියට අපි ඊට විරුද්ධව ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. පසුගියදා විපක්ෂනායකතුමා විදේශීය තානාපතිවරුන් හමු වූ අවස්ථාවේදී මේ තත්ත්වය පැහැදිලි කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්දනය කිරීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව දීර්ඝව කරුණු පැහැදිලි කරන්න විපක්ෂනායකතුමා කටයුතු කළා. ඒ වගේම අපි මේ ගැන සියලුම පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ ප්‍රශ්නය ඉදිරියේදී ජනතාව අතරටත් ගේන්න සූදානම්.”

නලීන් බණ්ඩාර මහතා අදහස් දැක්වූයේ එසේය.

සැබවින්ම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ඉදිරියේදී සිදු වන්නේ කුමක්ද? එම ගැටලුවට විසඳුම් බොහෝ දුරට ලබන සතියේදී ලැබෙනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඉන්දියාවෙන් ලංකාවට පනින්න ආ 86 දෙනෙක් අල්ලාගනී

Next Post

තෙල් නෑ: පොහොර නෑ: බෙහෙත් නෑ: ඩොලරුත් නෑ: අනේ මෙහෙම ආණ්ඩුවක්! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.