• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

ලක්ෂ 5කින් CIDයම හෙල්ලූ පොඩි ලැසී හැදුවේ හි‌රෙන් පනින්නද? යකඩ පටියෙන් කරපු දේ මෙන්න

May 3, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ලක්ෂ 5කින් CIDයම හෙල්ලූ පොඩි ලැසී හැදුවේ හි‌රෙන් පනින්නද? යකඩ පටියෙන් කරපු දේ මෙන්න
Share on WhatsAppShare on Facebook

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි තමන්ට බූස්ස බන්ධනාගාරයට මාරුකිරීම හේතුවෙන් උරණව ජනපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් රැසකට මරණීය තර්ජනය කළේයැයි චෝදනා ලබා රඳවා ගැනීමේ නියෝගයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාල අපරාධකරුවෙක් වන ජනිත් මධුසංකද සිල්වා නොහොත් පොඩි ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටියදීත් ජංගම දුරකතනයක් භාවිතා කරමින් සුපුරුදු ලෙස මත්කුඩු ජාවාරම මෙහෙයවමින් පාතාල කටයුතුවල නිරතව සිට ඇතැයි මේ වන විට හෙළිවී හමාරය.

ජංගම දුරකතනය පමණක් නොව, උල් කරන ලද අඩියක් පමණ වූ යකඩ පටියක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔහුව රඳවා සිටි සිර මැදිරිය තුළ සඟවාගෙන සිටියේය. එම උල් ආයුධය ලැසියා සඟවාගෙන සිටියේ කොළඹ කොටුවේ පිහිටි නව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහි පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිව් වැනි මහලේ සිර මැදිරිය බිඳ පළායාමටදැයි දන්නේ ඔහු පමණි.

මෙම උල් ආයුධයත්, ජංගම දුරකතනයත් ලැසියා රඳවා සිටි සිර මැදිරියේ තිබී සොයා ගන්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම සේවයේ නිරත නිලධාරියෙකි. ඒ අහඹු පරීක්ෂාවකදීය. ඒ වන විටත් ඔහු එම උල් ආයුධයෙන් බිත්තියක් සිදුරුකරන්නට ගත් උත්සහයන්ද සිර මැදිරියේ බිත්තියෙහි දක්නට ලැබී ඇත. මෙම ආයුධයත්, ජංගම දුරකතනයත් ඔහු අතට පත්ව තිබුණේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරියෙකුගෙනි.

පොලිස් කොස්තාපල්වරයෙක් වන එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයේ සේවයේ යොදවා සිටියකි. ලැසී ඔහුව අල්ලාගත්තේ මුදල් බලයෙන් බව කියැවේ. ලැසියා එම කොස්තාපල්වරයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක් වැයකොට ඇති බව පැවසේ. ලැසියා ඒ ලක්ෂ 05 පොලිස් කොස්තාපල්වරයා අතට පත්කර ඇත්තේ එක් දුරකතන ඇමතුමකින් සිය ගෝලයෙක්ට ඇමතුමක් දෙමින් බව කියැවේ. එම ඇමතුම ලැසියා ලබාදෙන්නේ කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයෙනි. ලක්ෂ 05 අතට පත්වීමෙන් අනතුරුව ලැසියාටම කියා ජංගම දුරකතනයක් සිර මැදිරියට ලැබී තිබුණේය. උල් ආයුධයද ලැබෙන්නේ ඒ ආකාරයෙන්මය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ලැසියා ජයටම ගෝලයන් මෙහෙයවමින් සිය මත්කුඩු ජාවාරම කරගෙන යෑම කිසිවෙකුගේත් සැකයට ලක්නොවීය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින ලැසියාට ජංගම දුරකතනයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන්නට තරම් හැකියාවක් ලැබෙතියැයි සිහිනෙකින්වත් සිකිවෙකුත් නොසිතන බැවිනි. එහෙත් ලැසියා සිය මුදල් බලයෙන් ඒ දේත් කළේය.

මේ සිදුවීම වන්නේ මෙයට මාස කිහිපයකට පෙරය. එහෙත් සියල්ල රහසක් ලෙස තබා ගැනීමට අපරාධ පරීීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් වගබලා ගත්තේය. ඒ ඔවුන්ට ඒ තුළින් සිදුවන ලැජ්ජාව සහ අපහාසය නිසාය. ලැසියාට ජංගම දුරකතනය සහ උල් ආයුධය ලබාදුන් කොස්තාපල්වරයාවත් අත්අඩංගුවට ගත්තද ඔහුවත් රඳවාගැනීමේ නියෝගයකින් මාස කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම රඳවා ගත්තේය. ලැසියාගෙන් ලබාගත් ලක්ෂ 05ට කළ දේවල් ගැනද ඒ කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා ගත්තේය. ඒ අනුව එම නිලධාරියා සිය බිරිදට එම මුදල්වලින් මිලදී ගෙන තිබුණු මාළ වලලු ආදී ස්වර්ණාභරණ ගොන්නක්ද සොයා ගත්තේය. අනතුරුව මේ නිලධාරියාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඉකුත් සතියේදීය.

ලැසියා වසර දෙක තුනක් තිස්සේම සිටියේ බන්ධනාගාරගතවය. ඒ මිිනිස් ඝාතන සහ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ඔහුව ගන්නේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදීය. ඒ ඉකුත් වසරේදීය. අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස වැඩිදියුණු කර දුරකතන සහ තහනම් භාණ්ඩ වලින් තොර ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස සැලකූ බූස්ස බන්ධනාගාරයේ සිටියදීත් ලැසියා ජංගම දුරකතනයක් භාවිතා කළේය. වැඩි කාලයක් ඔහුව රදවා සිටියේ ගාල්ල බන්ධනාගාරයේය. එම බන්ධනාගාරය තුළ ලැසියා ජංගම දුරකතනයක් භාවිතා කරමින් පාතාල ක්‍රියාකාරකම්වල ප්‍රසිද්ධියේම නිරතව සිටියේ බන්ධනාගාරයේ දූෂිත ඉහළ නිලධාාරියෙකුගේද ආශිර්වාදය ඇතිවය. එම දූෂිත නිලධාරියාට බාධාවක් වූ ජේලර්වරයෙක් අම්බලන්ගොඩදී 2019 වසරේදී ඝාතනය වන්නේද ලැසියාගේ මෙහෙයැවීමකට අනුවය. ඒ පිටුපස සිටින්නේයැයි කියැවෙන්නේද ලැසියාට සිය දරුවෙක්ට මෙන් සලකන එම දූෂිත නිලධාරියාය.

ලැසියාව කාලයක් මැගසින් බන්ධනාගාරයේද රඳවා සිටියේය. එහිදීත් ඔහු ජංගම දුරකතනයක් භාවිතා කරමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරතතවිය. 2019 වසරේ අගෝස්තුවේදී ලැසියා සතුව තිබුණු ජංගම දුරකතනය හසුවන්නේ බන්ධනාගාර බුද්ධි අංශය විසින් කළ විශේෂ සෝදිසියකදීය. ඒත් එක්කම ඔහුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකළද එහිදීත් ඔහු ජංගම දුරකතනයක් භාවිතා කළේය.

ලැසියා කොහේ සිටියත් ජංගම දුරකතන භාවිතා කරන බව ඒ අනුව පැහැදිලිය. මුදලට ගිජු නිලධාරීන් හඳුනා ගන්නටත්, ඒ අයව තමා වෙත නම්වා ගන්නටත් ඔහු දක්ෂය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීත් ඔහු දූෂිත නිලධාරියෙක් හදුනා ගනිමින් ඔහුව බිලි බාගන්නේ එබැවිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටියදී ජංගම දුරකතනයක් භාවිතා කළ එකම පාතාල අපරාධකරු වන්නේ පොඩි ලැසියා නොව, මාකදුරේ මධුෂ්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ජංගම දුරකතනයක් භාවිතා කළේය. මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිරමැදිරියක රැඳෙමින් ජංගම දුරකතනයක් භාවිතා කළේ ඩුබායි සිට මෙරටට රැගෙන ඒමෙන් පසුවය. වසර එකහාමාරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මධුෂ්ව රදවා සිටියත් ඔහුව සුරතල් කරමින් කන්න බොන්න දෙමින් රැක බලාගත්තා මිස ඔහුගේ අපරාධ ජාලය ගැන මෙන්ම නීති වීරෝධි ලෙස ඔහු උපයාගත් දේපොළ කිසිවක් සොයා ගත් බවක් පෙනෙන්නට නොවීය. හැබැයි පොලිස් ලොක්කෝ මාධ්‍ය ඉදිරියට පැමිණ නම් කීවේ මධුෂ්ට ඩුබායි හී තරු පන්තියේ හෝටලයක් අයිතිව ඇති බවය. එසේම කෝටි ගණනක වත්කම්ද ඔහුට හිමිව ඇති බවද කීවේය. එම වත්කම්වලට කුමක් සිදුවීදැයි අදටත් ඇත්තේ අභිරහසක් ලෙසිනි. මධුෂ්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ජංගම දුරකතනයක් භාවිතා කරන්නට දෙමින් ඩුබායිවලට ඇමතුම් ගන්නට ඉඩ දුන් අයගෙන් ප්‍රශ්න කළහොත් නම් එම වත්කම්වලට සිදුවූයේ කුමක්දැයි කියනු ඇත. මේ සියල්ලක්ම සිදුවන්නේ යහපාලන ආණ්ඩුව පැවැති සමයේදීය. එහෙත් මධුෂ් ඒ සියල්ල සඟවාගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයේ සිටියදී මාළිගාවත්තේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වන්නේ ඒ සියලු රහස්ද සමගිනි.

මාකදුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියත් ඔහු ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිය පාතාල ජාලය මෙහෙයන බව හෙළිකරන්නේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාය. ඒ එදා පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා ලෙස මුලසුන දැරූ පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමකදීය. එහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සිටි ලොකු ලොක්කන්ද සිටියේ ගොලුවන් බිහිරන් ලෙසිනි. පසුව ඒ අය නිදහසට කරුණු කියන්නට ගත්තේ මධුෂ්ට ජංගම දුරකතනයක් භාවිතා කරන්නට ඉඩදී ඔහු ඇමතුම් ලබාගන්නා දුරකතන අංක ඔස්සේ විමර්ශනයක් කෙරන බවය. එහෙත් අවසානයේදී කළ විමර්ශනයක් නැත.

මාකදුරේ මධුෂ් ඩුබායි රටට පැන ගන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමගිනි. යහපාලන ආණ්ඩුව බලයට එන විට මධුෂ් සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරරයාව සිටියදී ඔහුවත් වත්මන් ජනාධිපති ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ඔහුවත් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.ය සමග කළ සැලසුමකට සැකපිටය. ඒ වන විට ඔහු රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. ඒ මීගමුවේ ලීසිං කම්පැනි කිහිපයක් මංකොල්ලකෑමේ චෝදනාවටය. දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කරවන්නේද ඔහු බන්ධනාගාරයේ සිටියදීය. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ භාරයට ගෙන වසර එකහාමාරක කාලයක්ම ඔහු එහි රඳවා සිටියේය. යහපාලන ආණ්ඩුව බලයට පැමිණිමත් සමග ඔහුව නැවත බන්ධනාගාරයට භාරදුන්නේය. ඇප ලබා නිදහස් වූ ඔහු පැන්නේ ඩුබායි රටටය. ඒ යන විටත් ඔහු දැවැන්ත පාතාල ජාලයක් ගොඩනගාගෙන සිටියේය. ඒ සදහා ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ ත්‍රස්ත විිමර්ශන කොට්ටාසයේ රඳවා සිටියදී භාවිතා කළ ජංගම දුරකතනය නිසාය. මධුෂ්ට ජංගම දුරකතය දුන්නේ ත්‍රස්ත විමර්සන කොට්ටාශයේම නිලධාරියෙකි. එම නිලධාරියාවත් පසු කාලයේ අනාවරණය විය. ඔහුට එරෙහිව නීතිය පවා ක්‍රියාත්මක විය.

පොඩි ලැසී, මාකදුරේ මධුෂ් පමණක් නොව, පාතාලයේ නම ගිය අපරාධකරුවන් බන්ධනාගාරයේදී පමණක් නොව, පොලිස් සිරමැදිරි තුළත් ජංගම දුරකතන තබාගෙන සිය අපරාධ මෙහෙයැවූයේය. ඒ අය අතර මාකිලන්ගමුවේ සංජීවද සිටින්නේය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග 2015 වසරේදී දෙමටගොඩදී භාරත ලක්ෂමන් ඝාතනයට මරණිය දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්දව රැගෙන යමින් තිබුණු බන්ධනාගාර බස් රථයකට වෙඩි තබන්නේ මාකිලන්ගමුවේ සංජීවගේද සහය ඇතිවය. එම වෙඩි තැබීමට සැකපිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකිලන්ගමුවේ සංජීව අත්අඩංගුවට ගත්තේය. එතැන් සිට ඔහු මේ දක්වාම සිටින්නේ බන්ධනාගාරයේය. ඇප ලැබුණත් ඔහු එළියට එන්නේ නැත. බන්ධනාගාරයේ සිට ඔහු දිගින් දිගටම ඉව ඇල්ලුවේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ඔස්මන්ටය. අවස්ථා හතර පහකදීම ඔස්මන්ට ඉව ඇල්ලුවත් ඒ සෑම අවස්ථාවකදීම සිය ජීවිතය රැක ගැනීමට ඔස්මන් සමත්කම් දැක්විය. ඒ ඔහුව මරා දැමීමට පැමිණි අපරාධකරුවන් පොලිස් වෙඩි පහරවලට ලක්ව ඝාතනය වෙමිනි. මාකිලන්ගමුවේ සංජීව එළියට එන්නේ නැතිව හිරේම ඉන්නේ ඔස්මන්ගේ හයි හත්තිය ගැන හොදාකාරවම දන්නා බැවිනි. සංජීව එළියට එනවා නම් එන්නේ ඔස්මන්ට වැඩක් දීය. නැතිනම් ඔහු එළියට පැමිණි සැණින් රටිින් පැන ගන්නවා නියතය.

මේ කථාව මාකිලන්ගමුවේ සංජීව රට පැනගැනීම ගැන නොව, ඔහුද බන්ධනාගාරයේ රඳවා සිටියත් එළියේ ඉන්නවටත් හොඳින් ජංගම දුරකතනයෙන් මත්කුඩු ජාවාරම මෙන්ම පාතාල කටයුතු මෙහෙයවන ප්‍රධාන පාතාල කල්ලි නායකයෙක් වන බැවිනි. මේ අපරාධකරු හිටපු එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයන් සමග එක්ව අවි ජාවාරමකද නිරත විය. මෑතකදී ඔහු එම චෝදනාවෙන් නිදොස් වන්නේ අධිකරණ නියෝගයකිනි. අවි ජාවාරම ගැන තොරතුරු හෙළිකරගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසිනි. එල්.ටී.ටී.ඊ..යේ හිටපු සාාමාජිකයින් සමග මාකිලන්ගමුවේ සංජීවගේ ගෝලබාලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නේ කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසිනි. බන්ධනාගාරයේ සිටි මාකිලන්ගමුවේ සංජීව රඳවා ගැනීමේ නියෝගයකින් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයටද ගත්තේය. මාස ගණනාවක්ම ඔහුව රඳවා සිටියේ කොළඹ පොලිස් ස්ථාන කිහිපයක මාරුවෙන් මාරුවටය. වැඩිම කාලයක් ඔහුව රදවා තැබුණේ වැල්ලවත්ත පොලිස් ස්ථානයේය. එහි සිටියදී මාකිලංගමුවේ සංජීව ජංගම දුුරකතන දෙකක්ම භාවිතා කළේය. එම ජංගම දුරකතන දෙක සඟවා තැබුණේ සිර මැදිරියේ වැසිකිළියේය. එම ජංගම දුරකතන දෙක ගැන තොරතුරු හෙළිවන්නේ ගම්පහ ඔස්මන්ගේ ඔත්තුවකිනි. ඒ මාකිලන්ගමුවේ සංජීව පොලිස් සිරමැදිරියේ සිටියත් ඔස්මන්ව මරා දැමීමට කළ සැලසුමක් ඔස්මන්ට දැන ගැනීමට ලැබීමත් සමගිනි. ඔස්මන් සිය ජාලය යොදා කළ සොයාබැලීමකදී හෙළිවන්නේ මාකිලන්ගමුවේ සංජීව වැල්ලවත්ත පොලිස් සිරමැදිරිය තුළ රැඳෙමින් ජංගම දුරකතනයකින් සිය ගෝලබාලයින් මෙහෙයවන බව ය. ඔස්මන් ඒ ගැන ඉහළ පොලිස් නිලධාරියෙකුට කීවේය. ඒ අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානනයේ මාකිලන්ගමුව සංජීව රඳවා සිටි සිරමැදිරිය පරීක්ෂාවට ලක්කළේය. එහිදී එම සිරමැදිරියෙන් මතුවන්නේ ජංගම දුරකතන එකක් නොව, දෙකක්ය. එම දුරකතන දෙක ඔහු සඟවාගෙන සිටියේ සිර මැදිරි වැසිකිළි පෝච්චියේය. ඒ පොලිතින් දවටනයක ඔතාය. එම ජංගම දුරකථන දෙක ඔහු අතට ලැබුණු ආකාරය අදටත් අභිරහසකි. ඒ ගැන පවා සොයන්නට පොලීසිය එතරම් උනන්දුවක් නොවීය. ඒ එම ජංගම දුරකතන දෙක පස්සේ පැන්නීමෙන් සිදුවන්නේ පොලීසියේ රෙදිම ගැලවෙන නිසා විය හැකිය.

කුඩා සිරමැදිරියක පොලීසියේ නිරන්තර අවධානයට යොමු වන පාතාල අපරාධකරුවන් එසේ ජංගම දුරකතන භාවිතා කරන විදි බැලීමේදී බන්ධනාගාරවල සිටින අපරාධකරුවන් ජංගම දුරකතන භාවිතා කරමින් අපරාධවල නිරතවීම ගැන කිසිවිටකත් පුදුම විය යුතු නැත.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

විමල්ලා-ගම්මන්පිලලා හෙට පක්ෂ නායක රැස්වීමත් වර්ජනය කරයිද?

Next Post

නාමල් කොරෝනා බළකාය කැඳවයි

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.