අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමටද වෙනත් පාර්ශවයන් හට ආරාධනා කර ඇත්නම් ඊට සහභාගී වන්නේද යන්න සම්බන්ධයෙන් නැවත වතාවක් සිතා බැලීමට විමල් වීරවංශ පාර්ශවය තීරණය කර ඇත.
කෙසේවෙතත් හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමටද ආණ්ඩුව නියෝ්ජනය කරන පක්ෂ 14ට අමතරව වෙනත් කණ්ඩායම්වලටද ආරාධනා කොට ඇති බව දැනගන්නට තිබේ.
මීට දෙසතියකට ඉහතදීද මෙම පක්ෂ නායක රැස්වීමට පුද්ගලයන් 51කට ආරාධනා කිරීම හේතුවෙන් එම පක්ෂ නායක රැස්වීම වර්ජනය කිරීමට විමල් පාර්ශ්වය පියවර ගෙන තිබිණ.