• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තරුණ නළුවො එක්ක රඟපාන්නෙ නැත්තෙ ගයාන්ගෙ කීමටද

May 1, 2021
in Heart
Reading Time: 2 mins read
A A
තරුණ නළුවො එක්ක රඟපාන්නෙ නැත්තෙ ගයාන්ගෙ කීමටද
Share on WhatsAppShare on Facebook

⬤ ගයාන් ගාව පටු අදහස් නැහැ…

⬤ කොහෙන්ද ඔය ගොසිප් එන්නේ…

⬤ හිනා යනවා මේවට…

නාලන් මෙන්ඩිස් නම් ප්‍රවීණ නිර්මාණකරු විසින් ටෙලි කලාවට හඳුන්වා දුන් ලස්සන නිළි තාරකාවන් අතර චතුරිකා පීරිස් තවමත් ප්‍රමුඛ පෙළේ තරුවකි. ‘සූරිය දරුවෝ’ තුළින් දඟකාර කටකාර සුන්දර කෙල්ලකගේ චරිතය රඟන විට ඇයට යම්තම් අවුරුදු 22 ලැබුණා විතරය. මීන ඇස් පිහිටා ඇති නාදලු දෙතොලක් හිමි චතුරිකාගේ පැහැපත් සොඳුරු පෙනුමට සහ දඟකාර හැසිරීමට බොහෝ පිරිමි ප්‍රේක්ෂකයන් පෙම් කළ බව නොරහසකි. මීට දශක කිහිපයකට පෙරාතුව ඕලෙවල් වාගේම ඒලෙවල් කෙල්ලන් උමතු කළ ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගලගේ චාපා නවකතාව ‘ආදරණීය වස්සානය’ ලෙස සිනමාවට නඟන විට එහි චාපාගේ යොවුන් චරිතයට පණ දුන්නේද චතුරිකා පීරිස්ය. ඉතින්, ඈ ගැන තව තතු කියන්නට අවශ්‍ය නැත. මේ දිනවල ‘අකුරු මැකී නෑ’ ටෙලිය ඔස්සේ සවස් යාමයට රසික ඔබේ ආලින්දයට එබිකම් කරන චතුරිකා මේ සූදානම් වන්නේ ‘මව්රට’ පුවත්පතෙහි හදවතට එබෙන්නටය. ඉත සිතින්ම මේ සොඳුරු තාරකාව හමුවේ අප ආයුබෝවන් යැයි කීයේ ඇගේ අලුත් තොරතුරු ගැන විස්තර දැනගැනීමේ සොඳුරු කුතුහලයෙනි.

🔴 කොහොමද චතුරිකා. අවුරුදු එහෙම ජයට සැමරුවාද?
ඔව්. ගිය වතාවේ අපට අවුරුදු සමරන්න බැරිවුණු නිසා මේ සැරේ අවුරුද්ද පවුලේ හැමෝම එක්ක සතුටින් සැමරුවා.
🔴 ඔයයි, ගයානුයි අවුරුදු සතුට වෙනුවෙන් චැනල් දෙකකට වෙන වෙනම සහභාගි වෙලා හිටියා?
ඔව් අනේ. චැනල් දෙකකින් අපට ආරාධනා ආවා. ඉතින් මොකක්ද කරන්නේ කොයි චැනල් එකද තෝරගන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නකොට ගන්න තිබ්බ හොඳම පියවර වුණේ ගයාන්ලගෙ අම්මා ළඟ බබාව තියලා අපි දෙන්නා චැනල් දෙකට බෙදුණු එකයි.
🔴 අලුත් අවුරුද්දේ අලුත් වැඩකටයුතු එහෙම මොනවද?
‘අකුරු මැකී නෑ’ රූගත කිරීම් ආරම්භ වෙනවා නැවැතත්. ඒ අතර අලුත් ටෙලිනාට්‍යයකට ගිවිසුම් අස්සන් කරන්නට නියමිතව තිබෙනවා.
🔴 තොරතුරු කියමුද ටිකක් ඒ ගැන?
මම හිතනවා ඒ ගැන මොනවත් නොකියනවා නම් හොඳය කියලා. මොකද, තවම නමක් එහෙමවත් යොදලා නැති නිසා ඒ ගැන පසුව කතා කරමු.
🔴 ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සැලැසුම් කරනවා කියලා ආරංචියි ඔයාලා?
ඔව්. සැලැසුම් සියල්ල අවසන් වෙමින් පවතිනවා. මමත් ගයානුත් බලාගෙන ඉන්නේ මේ කොරෝනා තත්ත්වය තවදුරටත් සමනය වෙනතුරුයි. ඉන් පස්සේ අපි ඒ ගැනත් කතා කරමු.
🔴 දෙන්නම රංගන කලාවට යොමුව ඉන්න නිසා පවුලේ නිදහස් පැවැත්මට එය ගැටලුවක් නෙමෙයිද?
අයියෝ නැහැ. වැරැදි පදනමක් මත ඇසූ ප්‍රශ්නයක් ඔබ ඉදිරිපත් කළේ. මං හිතන්නේ උදේට වැඩට ගිහින් හවස ගෙදර එන සාමාන්‍ය පවුලකට වඩා මමයි ගයානුයි අපේ එදිනෙදා වැඩකටයුතු සැලැසුම් කර ගන්නවා. මට දැනෙන විදියට වැඩිම අවබෝධය සහ නිවැරැදි දැක්ම තියෙන්නේ අපි දෙන්නම මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසයි.
🔴 ඔයාට ආරාධනා ලැබෙන සමහර ටෙලිනාට්‍ය බාරගන්න එපා කියලා ගයාන් නීති දාන්නේ නැද්ද?
සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මට බබා නිසා සමහර ටෙලිනාට්‍ය රිජෙක්ට් කරන්න හදනකොට එයා මට කෑගහනවා. මොන ප්‍රශ්න තිබුණත් ඔයා ඒ ටෙලිය බාරගන්න. නැත්නම් එයාලා හිතයි මම ඔයාට රූල්ස් දානවා කියලා. සමහරදාට පාන්දරින් නැගිටලා ෂූටිං යන්න වෙන ටෙලිනාට්‍ය මඟහරින්න හදනකොට වුණත් ගයාන් තමයි මාව ධෛර්යමත් කරන්නේ. ඒ හැම තැනකදීම එයා මට කියන්නේ, එහෙම කරන එකෙන් හැමෝම එයා ගැන වැරැදියට හිතනවා කියලයි.
🔴 තරුණ නළුවෝ එක්ක රඟපාන්නේ නැතිව වැඩිහිටි චරිත බාරගන්න කියල කිව්වේ ගයාන් නෙමෙයිද?
ඒ මොකක්ද ඒ කතාව. දෙවියනේ මම ඇහුවෙත් අදයි ඔය කතාව.
🔴 ඔයා දැන් වැඩිහිටි චරිත රඟපාන්න අරගෙනනේ. කවුරුත් හිතන්නේ ඒක ගයාන්ගේ කීමට කරන දෙයක් කියලයි?
අයියෝ… මට හරි හිනහයි මේ කතාවලට. කොහෙන්ද ඔයාල ඔය ගොසිප් හොයාගන්නේ. මම වැඩිහිටි චරිත රඟපාන්නේ ඒ චරිත මට ලැබෙන නිසයි. අනික මම අවුරුදු විසිදෙකේදී විසි හතරෙදි පවා අම්මලාගේ චරිත කරලා තියෙනවා. ඔයාලා ඔය කතා කරන්නේ ‘අකුරු මැකී නෑ’ චරිතය ගැන වෙන්න ඇති. මම ඒ චරිතයට හරි ආසයි. පුදුම විදියට මට ඒකට ප්‍රතිචාරත් ලැබෙනවා. ඒක හරිම සංකීර්ණ චරිතයක් ඇත්තටම.
🔴 ඔයාව ගන්න ටෙලිනාට්‍යයට එයාවත් ගන්නම ඕනෑ කියලා ගයාන් බලපෑම් කරන අවස්ථා තියෙනවද?
මෝඩ අදහසක් ඒක. ගයාන්ට හිනහා යයි දන්නව නම්. මාත් එක්ක රඟපාන්න ලැබෙන සමහර චරිත එයාට වැඩ වැඩි නම් රිජෙක්ට් කරපු අවස්ථා නම් සමහර විට තියෙනවා. ඔයාලා ඔය කියන ජාතියේ පටු අදහස් ගයාන් ළඟ තියෙනවද කියලා හිතන්නවත් බැරි තරමේ නිදහසක් ගයාන් මගේ රංගන ජීවිතය වෙනුවෙන් මට දීලා තියෙනවා. මට ලැබෙන සමහර දුර බැහැර රූගත කිරීම් බබා නිසා රිජෙක්ට් කරන්නේ මමයි. යම් චරිතයක් අතාරින්න බැරි අවස්ථාවල මමයි ගයානුයි හරිම සුහදව කතා කරලා ඒවට වේලාව වෙන්කර ගන්නවා. මට කොරෝනා හැදුණු වෙලාවේ පවා ගයාන් අම්මා එක්ක එකතු වෙලා අපේ දූ ආරාධනාව බලාගත්ත විදිය හරිම සංවේදීව මගේ හිතට දැනුණා. ඇත්තටම ගයාන් හරිම හොඳ ස්වාමියෙක්. හොඳ තාත්ත කෙනෙක්. අපි දෙන්නා ජීවත් වෙන රටාව හරිම සරලයි. ආදරණීයයි. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයක් කතාබහ කරල විසඳගන්න පුළුවන් බැඳීමකයි අපි දෙන්නා ජීවත් වෙන්නේ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ග්‍රහ බලයෙන් බිහිවන කෝටිපතියෝ

Next Post

ඩමි නැහැ ඔක්කොම වැඩකිඩ මගේ

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.