මේ වනවිට ලංකාව තුළ පවතින ඉතිරි ඇස්ට්‍රාසෙනිකා එන්නත්වල කල් ඉකුත් වීමේ දිනය ජුනි සහ ජූලි මාසවලට යෙදී ඇති බව වාර්තා වේ.
රජයේ නිල වාර්තාවන්ට අනුව මේ වනවිට පුද්ගලයන් 925,242කට එන්නත් ලබා දී ඇති නමුත් දැනට දෙවන වටය සදහා ලබා දීමට ඉතිරිව පවතින්නේ එන්නත් 356,000ක් පමණි.
මෙම එන්නත් ප්‍රමාණයෙන් 91,000ක් ජුනි 24 කල් ඉකුත් වීමට නියමිත අතර ඉතිරි එන්නත් 265,000 ජූලි 16 කල් ඉකුත්වීමට නියමිතය.
කෙසේවෙතත් මෙම ඉතිරි එන්නත් ප්‍රමාණය ලබා දෙන පිරිස කව්රුන්ද යන්න තවම නිශ්චිත කොට නැත.










