• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හින්දි සින්දු කිව්ව එක ලොකු පාඩුවක්

April 25, 2021
in Heart
Reading Time: 3 mins read
A A
හින්දි සින්දු කිව්ව එක ලොකු පාඩුවක්
Share on WhatsAppShare on Facebook

⬤ අදටත් ප්‍රසංග වේදිකාවේ මට කිසි වෙනසක් නැහැ…

⬤ මං ඒ පරම්පරා වෙනසට හුරුවුණා…

ටෝනි හසන් කියන නම ඇහුව ගමන් අදටත් අපි හැමෝටම මතක් වෙන්නේ හින්දි ගීත. දශක ගණනාවක් පුරා ලංකාවේ ප්‍රසංග වේදිකාව හින්දි ගීතයෙන් මුසපත් කළ කලාකරුවෙක් ලෙස තමයි බොහෝ දෙනා ටෝනි හසන්ව හඳුනන්නේ. නමුත් ගායන ශිල්පියෙක් විදියට ඊට එහා ගිය ලොකු කතාවක් ටෝනි හසන් මහත්මයාට තියෙනවා. කාලෙකට පස්සේ ඒ දේවල් ගැන මතක අලුත් කර ගන්න අපි ඒ මහත්මයාට කතා කළා. ආගමික සිරිත අනුව නෝම්බි චාරිත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න මොහොතක වුණත් මව්රට හාට් ඔබ වෙනුවෙන් ටෝනි හසන් මහත්මයා අපිට පිළිතුරු දුන්නා.
🔴 ගෙදරට වෙලා හිටිය කාලේ බොහෝ කලාකරුවෝ අලුත් අලුත් දේවල් කරලා තියෙනවා. ඔබත් ඒ වගේ දෙයක් කරලද කියලා දැන ගන්න ප්‍රේක්ෂකයන් කැමැති වේවි?
මේ කාලේ නම් එහෙම මොකුත්ම කළේ නැහැ. මං හිතන්නේ මේ ඒකට වෙලාව නෙවෙයි. හැබැයි ඉක්මනටම අලුත් දෙයක් රසිකයන් වෙනුවෙන් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක කවදද කියලා නම් තවම කියන්න බැහැ.
🔴 අන්තිමට ඔබේම කියලා ගීතයක් ගායනා කළේ කවදාද කියලා ඇහුවොත්?
මං හිතන්නේ මීට අවුරුදු එකහමාරකට විතර පෙර තමයි මම මගේම අලුත් ගීතයක් අන්තිමට එළියට දැම්මේ.
🔴 ඔබ අපේ රටේ ඉන්න ප්‍රවීණ ගායන ශිල්පියෙක්. ඒත් ඔබේ නව නිර්මාණ අපිට අහන්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. මොකක්ද ඒකට හේතුව?
මෙහෙමනේ. මේ දවස්වල සී. ඩී. එකක් කරලා එළියට දාන්න විදියක් නැහැ. ඒක ඊළඟ දවසෙම හොරෙන් ගහලා විකුණනවා. දැන් කාලෙක ඉඳන්ම ඔය ප්‍රශ්නය තියෙනවානේ. අලුත් සිංදු කියන්නේ නැති වෙන්න ඒකත් හේතුවක්.
🔴 අපි ටිකක් අතීතයට යමු. දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් කොපමණ කාලයක් ගත වෙලාද?
මම මුලින්ම ගීත ගායනා කරන්න පටන් ගත්තේ 1962 අවුරුද්දේ. ඒ කියන්නේ මීට අවුරුදු 59කට කලින්.
🔴 කොහොමද ඒ අවස්ථාව හම්බ වුණේ. පොඩ්ඩක් ඒ ගැන මතක් කරමු?
මං ඉතාම කුඩා අවධියේදී තමයි ක්ෂේත්‍රයට ආවේ. කරුණාරත්න අබේසේකර මහත්මා සහ ලලිත්. එස්. මෛත්‍රීපාල මහත්මයා එක්ව කොම්පඤ්ඤ වීදියේ පැවැත්වූ ප්‍රසංගයකදී තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. කරු අයියයි ලලිත් අයියයි එතැනින් පස්සෙත් මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ වගේම නැසී ගිය මිල්ටන් පෙරේරා මහත්මයාත් මට බොහෝ උදව් කරලා තියෙනවා.
🔴 මොනවද මුල් කාලේ වේදිකාවේ ගායනා කළ ගීත කියලා මතකද?
මගේ මාමා ජනප්‍රිය සරල ගී ගායකයෙක්. ඒ මාමාගේ ගීත තමයි මම මුල් කාලේ ගායනා කළේ.
🔴 එතැනින් පස්සේ කොහොමද ඔබ චිත්‍රපට ගායනය සඳහා යොමු වුණේ?
1966 වසරේ තමයි මම මුලින්ම චිත්‍රපට ගායනය සඳහා යොමු වුණේ. ඒ “ඔබ නැතිනම්” චිත්‍රපටයෙන්. ආර්. මුත්තුසාමි මහත්මයා තමයි එහි සංගීත අධ්‍යක්ෂවරයා වුණේ. එඩී ජුලියස් තමයි මම ගායනා කළ මුල්ම ගීතයට රංගනයෙන් දායක වුණේ.
🔴 එතැනින් පසුව ඔබ පසුබිම් ගායනයෙන් සම්බන්ධ වූ නළුවන් ගැන කතා කළොත්?
විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ශෂී විජේන්ද්‍ර වගේ නළුවන් රැසකට මම පසුබිම් ගායකයෙකු විදියට සම්බන්ධ වෙලා තියෙනවා.
🔴 මතක විදියට ඔබ චිත්‍රපට කීයක විතර ගීත ගායනා කරලා තියෙනවාද?
මං හිතන්නේ චිත්‍රපට 30ක විතර මම ගීත ගායනා කරලා ඇති.
🔴 ඒ දේවල් එහෙම වුණත් ඔබව බොහෝ දෙනෙකු අදටත් හඳුනන්නේ හින්දි ගීත ගායනා ශිල්පියෙක් විදියටයි. කොහොමද ඔබ හින්දි ගීත ගායනය සඳහා යොමු වුණේ?
ඒක වුණේ 1964දි. ඒ කාලේ තමයි දෝස්ති චිත්‍රපටය තිරගත වුණේ. එහි තිබුණු හින්දි ගීත මම ආශාවෙන් ගායනා කළා. ඒ වගේම ඒ ගීතවලට ඉතාම හොඳ ප්‍රතිචාර හම්බ වුණා. එතැනින් පස්සේ බොහෝ දෙනාට අවශ්‍ය වුණේ මගෙන් හින්දි ගීත අහන්න.
🔴 ඒ ඉල්ලීමද ඔබේ සිංහල ගීත එතරම් ජනප්‍රිය නොවෙන්න හේතුව?
ඇත්තටම ඔව්. මගෙන් හින්දි ගීත ඉල්ලුවා මිසක් බොහෝ අය මගේ සිංහල සින්දු ගැන හෙව්වේ නැහැ. මගේ සිංහල ගීත රාශියක් තියෙනවා. ඒත් මගෙන් හින්දි ගීත අහන්න තමයි හැමෝටම ඕනෑ වුණේ.
🔴 ගායන ශිල්පියෙක් විදියට දුර ගමනක් යන්න ඒක බාධාවක් වුණා කියලා කිව්වොත්?
ඇත්තටම ඒකෙන් ලොකු පාඩුවක් වුණා. එහෙම නැති වුණා නම් චිත්‍රපට පසුබිම් ගායනයෙනුත් මීට වඩා දුර ගමනක් යන්න තිබුණා. හින්දි ගීත නොකිව්වා නම් හොඳයි කියලා මට හිතිලා තියෙනවා.
🔴 එහෙම හිතුණේ කොයි කාලෙද?
ඒක එදා ඉඳන්ම හිතුණු දෙයක්.
🔴 එහෙනම් ඇයි ඒකෙන් ඈත් වුණේ නැත්තේ?
එහෙම කරන්න බැරි වුණා. මොකද හැමෝම මගෙල් ඉල්ලුවේ හින්දි ගීත. ඒ තිබුණු ඉල්ලුමට එරෙහි වෙන්න මට බැරි වුණා. හින්දි ගීත ඉල්ලන ප්‍රසංගයකට මම ගිහින් සිංහල සින්දු කිව්වට වැඩක් වෙන්නේ නැහැනේ.
🔴 ඔබත් එක්ක කරන කතා බහේදී ප්‍රසංග වේදිකාව මතක් නොකළොත් ඒක අඩුවක්. මේ දශක හයකට ආසන්න කාලය පුරාවට ප්‍රසංග වේදිකාව එක්ක ඔබට තිබුණේ අතිශය සමීප සබඳතාවයක්?
ඔව්. මාත් එක්ක ගීත ගායනා නොකළ සංගීත කණ්ඩායමක් ලංකාවේ නැහැ. එදා ඉඳන් අද වනතුරු ලංකාවේ තිබුණු සෑම සංගීත කණ්ඩායමක් එක්කම මම ගීත ගායනා කරලා තියෙනවා.
🔴 ඒ අතර කාලයේ සිදු වුණු පරම්පරා වෙනසට ඔබ මුහුණ දුන්නේ කොහොමද?
ඒකට අපි මුහුණ දෙන්න ඕනෑනේ. ඒත් අදටත් තරුණ සංගීත කණ්ඩායමක් එක්ක ගීත ගායනා කළා කියලා මට වෙනසක් දැනෙන්නේ නැහැ. වයස ගියාට ඒ වෙනසට හුරු වෙන්න මට පුළුවන් වුණා.
🔴 ඒ කාලයත් එක්ක ප්‍රසංග වේදිකාවේ තිබුණු ඉල්ලුම වෙනස් වුණේ කොහොමද?
ඒ ඉල්ලුම නම් කවදාවත් අඩු වුණේ නැහැ. එදා තිබුණු ඉල්ලුම අදටත් ඒ විදියමයි.
🔴 අවසන් වශයෙන් ඔබේ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?
මේ තරම් කාලයක් මට ආදරය කෙරුව එක ගැන, මාත් එක්ක හිටිය එක ගැන මම ඒ අයට ආදරෙයි. ඒ වගේම ඒ අය වෙනුවෙන් ළඟදීම මම අලුත් දෙයක් ලබා දෙනවා කියන එකත් කියන්න ඕනෑ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ටාෂිගේ වාසියට සෙට්වුණු දාම් ඇදිල්ල

Next Post

රාවණා පාර්ලිමේන්තුවට ඇවිත්!

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.