ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මියගිය පක්ෂ නායකයින් සහ රණවිරුවන් සිහි කිරිමෙන් අනතුරුව එළැඹෙන මැයි පළමු වන දිනට යෙදෙන කම්කරු දිනය සැමරීම පිලිබඳව මෙහි දී සාකච්ඡා විය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිලිබඳව මෙහි දී පක්ෂ නායකයිගේ අවධානය යොමු වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජී. එල්. පීරිස්,දිනේෂ් ගුණවර්ධන මහත්වරු ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් රැසක් සහභාගී වූහ.
කෙසේවෙතත් මෙම පක්ෂ නායක රැස්වීමට විමල් ඇතුලු පිරිස සහභාගී නොවුණු අතර රැස්වීමට පෙර අගමැතිවරයා මුණගැසී වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා අරලිය ගහ මැදුරෙන් පිටව ගොස් තිබිණ.













