• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක රැයින් රටම හෙල්ලූ යාපන නගරාධිපති ‘පොලිස් ඇඳුම’ මැහුවේ මැරුණු කොටියට පණ දෙන්නද?

April 19, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
එක රැයින් රටම හෙල්ලූ යාපන නගරාධිපති ‘පොලිස් ඇඳුම’  මැහුවේ මැරුණු කොටියට පණ දෙන්නද?
Share on WhatsAppShare on Facebook

තල්රුප්පාව අතරින් වසර ගණනාවක් පුරා අතෝරක් නැතිව නැඟුණු කුරිරු යුද්ධයේ අඳුරු දුමාරය දැන් වියැකී ගොසින්ය. කළුදැලි ගැසී, දැවී ගිය මුදුන් සහිත තල්රුප්පාව දැන් හරිත දලුපත් ලියැලමින් පොළෝ තලයට සෙවණ සලසයි. නවදැල් හේනේ සිටි කේඬෑරි මිනිසුන් අද එහි දක්නට නැත. එහෙත් ගිනිගත් කතරෙහි කාෂ්ටකයෙන් නම් කිසි අඩුවක් නැත. ඒ එදත්, අදත් ‘යාල් පානම්’ හැටිය. ‘යාල් දේවියත් තොරතෝරංචියක් නැතිව පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව වෙතම ඇදී එන්නේ සිත්, සතන් මුදිත කරවමින්ය. කිසිදු ජාති, කුල, ආගම් භේදයක් නැතිව උතුරේ, දකුණේ මිනිසුන් හුස්ම පොද හෙළන අපූරුව පෙනෙයි. කුඩා මාළු කූරි දෙතුන් දෙනකු බැදගෙන තල් රා පොල් කට්ටයක් හෝ දෙකක් ගිල දමන සුන්දර මිනිසුන්ගෙන් අද යාල්පානම ඉතිරී ගොසින්ය. දකුණේ අපි එදා සිට ‘යාල් පානම’ නොහොත් ‘යාපනයට’ හදවතින්ම ආදරය කළෙමු. එසේම සිංහලෙන් සහ දමිළයෙන්ද ආදී කාලයක සිටම සංස්කෘතිකමය වශයෙන් බොහෝ බැඳීම් තිබුණු ජාතීන් දෙකකි. එහෙත් කුරිරු අන්තවාදීන් සහ ජාතිවාදීන් මේ මානවයන් භේද කරන්නට කැස කැවීය. ඒ වුවත් බුද්ධිමත් ජනයා ඒ පටු මතිමතාන්තර බැහැර කළේය. එවැනි වටපිටාවක් තිබියදී වුවද තවද විටින් විට යාපනයේ තල් අරඹ හරහා ඇසෙන්නේ එක්තරා අපූරු කතාන්දරය. මෙයට දින කිහිපයකට ඉහතදී ඇසුණේ එවැනි එක් අපූරු වගතුගකි. එය මෙසේ විය.

“මෙන්න එල්.ටී.ටී.ඊ. කොටි ඇඳුම් අන්දවලා අලුත් පොලිසියක් හදලා, මේ වැඩේ කරලා තියෙන්නේ යාපනයේ නගරාධිපතිවරයා. මේක ලෙහෙසියෙන් අල්ලලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එල්.ටී.ටී.ඊ. එක එදා ඒ අයගේ පොලිසියට අඳින්න දුන්නේත් මේ නිල ඇඳුමම තමයි. ඒකේ කිසිම වෙනසක් නැහැ. යාපනයේ අලුත් නගරාධිපතිවරයා තමයි මේ වැඩේ කරන්න මූලික වෙලා සහ තීරණය කරලා තියෙන්නේ. දැනටමත් නිලධාරීන් පස්දෙනකුට මේ නිල ඇඳුම අන්දවලා ඒ අය යාපනය නගරයේ රථ වාහන පාලනයත් කරනවා. වහාම මේ ගැන ක්‍රියා කරන්න, නැවත කොටින්ට ඔළුව උස්සන්න දෙන්න බැහැ.”

පසුගියදා දිගට හරහට ඇසුණේ මෙවැනි මහා ඝෝෂාවකි. ඔබද මෙහි යම් වගතුගක් පුවත් මගින් දකින්නට ඇතිය. එහෙත් මෙහි සැබෑ ආතුළාන්තය කුමක්ද? යාපනයේ නගරාධිපතිවරයා සහ ඔහු නිර්මාණය කළා යැයි කියන කොටි පොලිසිය යනු කුමක්ද? මෙම කතාන්දරයේ මහා චූදිතයා ලෙසට නම්කර ඇත්තේ යාපනයේ වත්මන් නගරාධිපති විශ්වලිංගම් මනිවනන්ය. මනිවනන් යනු පසුගිය 2020 දෙසැම්බර් මාසයේදී යාපනය නගරාධිපති ධුරයට පත්වූ දමිළ ජාතිකයෙකි. මොහු උතුරේ දේශපාලන පක්ෂයක් වන දමිළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙකි. ඔහු මෙම තනතුරට පත් වන්නේ බොහෝ අහම්බයකින් වන අතර, එනම් එවිට යාපනය නගරාධිපති ධුරය ඉසිලුවේ එම්මෑනුවෙල් ආනෝල්ඩ්ය. එහෙත් හදිසියේම ඔහුට එම තනතුර අහෝසි වන්නේ නගරාධිපති ධුරය සඳහා පැවැති ඡන්දයේදී ඔහු පරාජය වීම හේතුවෙනි. මෙහිදී ආනෝල්ඩ්ගේ ප්‍රතිවාදියා වූයේ මනිවන්නන්ය. එනම් යාපනය නගර සභාවේ පැවැති එම ඡන්දයෙන් මනිවන්නන්ට ඡන්ද 22ක් හිමිවූ අතර, ආනෝල්ඩ්ට හිමිවූයේ ඡන්ද 20ක් පමණි. ඒ අනුව ඡන්ද 02කින් ආනෝල්ඩ් පරාජය කළ මනිවන්නන් යාපනය නගරාධිපති ධුරයට තේරී පත්විය. ආනෝල්ඩ් නියෝජනය කළ පක්ෂය දෙමළ ජාතික සන්ධානය වූ අතර, ඔහු දෙවැනි වර ඡන්ද විමසීමේදීම නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

මෙම ඡන්ද විමසීම පවත්වනු ලැබුවේ යාපනය නගර සභාවේ 2021 වසර අය වැය සම්මත කර ගැනීම උදෙසාය. එසේම දමිළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයකු නගරාධිපති තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි. දමිළ ජාතික ජනතා පෙරමුණේ නායකයා වන්නේ ජනප්‍රිය තරුණ දමිළ දේශපාලකයකු වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ය. එසේම 2010 පෙබරවාරි මාසයේදී පිහිටුවා ගත් එම පක්ෂයේ ප්‍රධාන නිර්මාතෘවරයාද ගජේන්ද්‍ර කුමාර්ය. දැනට 47 වැනි වියෙහි පසුවන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යනු ප්‍රකට දමිළ දේශපාලකයකු වූ කුමාර් පොන්නම්බලම්ගේ පුත්‍රයා වන අතර, අතීතයේ සිටි අතිශය ප්‍රකට දේශපාලකයකු වූ ජී.ජී. පොන්නම්බලම්ගේ මුණුබුරාය. මේ ආකාරයට යාපනයේ වත්මන් නගරාධිපති විශ්වලිංගම් මනිවනන්ද මෙලෙස නව දේශපාලන පක්ෂයකට සම්බන්ධව සිටින තරුණ දේශපාලකයෙකි. කෙසේ හෝ එවැනි වටපිටාවක් තිබියදී මෙම තරුණ නගරාධිපතිවරයාට එරෙහිව ඉහත චෝදනාව එල්ල විය. එල්.ටී.ටී.ඊ. දමිළ කොටි සංවිධානයේ මතවාදයට ශක්තියක් ලබාදෙන ක්‍රියාවක් ලෙස මෙම නව නිලධාරී මණ්ඩලය පිහිටුවීම රජය විසින් හඳුන්වාදී තිබිණි. මෙය අතිශයින්ම නීති විරෝධී ක්‍රියාවක් ලෙසද ප්‍රකාශ කළ අතර, රජය පසුගියදා වහා තීරණය කළේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමටය.

මේ අනුව පසුගිය 09 වැනි සිකුරාදා ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනිණි. මෙම සිදුවීම උතුරුකරය මහත් ආන්දෝලනයකට පත්කළ සිදුවීමක් වූ අතර, විවිධ පාර්ශ්ව එයට එරෙහිව තම හඬ නැඟුවේය. කෙසේ හෝ එදිනම යාපනය නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත යාපනය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කළේය. කෙසේ හෝ මහත් විශාල කලබැගෑනියක් ඇතිකළ මෙම සිදුවීම ගැන එරෙහිව සහ පාක්ෂිකවද හඬ නැඟීමට විවිධ පාර්ශ්ව කටයුතු කළේය. යාපනය නගරාධිපතිවරයා සිදුකළ මෙම ‘නිලධාරී බළකායක්’ ඇති කිරීමේ ක්‍රියාව ගැන රාජ්‍ය හිතවාදී පාර්ශ්ව මෙසේ ප්‍රකාශ කර තිබුණේය. යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය නමැති සංවිධානයක් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබිණි.

“යාල් මානගර කාවල් පඩෙයි” (යාපනය මහ නගර ආරක්ෂක බළකාය) නමින් යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා විසින් ආරම්භ කර ඇති මෙම බළකාය යාපනය සිවිල් ජනතාවට නැවත එදා කොටි පොලිසිය සිහි ගැන්වීමට සමත්ව තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය, රථ වාහන හැසිරවීම, නගර පිරිසිදු කිරීම, මහමග කුණු දැමීම හා කෙළ ගැසීම වැනි වැරැදි සඳහා දඩ මුදල් ආදිය පවා අය කිරීමෙ බලතල වැනි කටයුතු මෙම බළකායේ රාජකාරි බැව්ද, නගරාධිපතිවරයා විසින් පවසා ඇත. පොලිසිය ඇතුළු වෙනත් පිළිගත් ආයතනවලට අයත් මෙම රාජකාරි සඳහා ජනතාවට දඩ නිකුත් කිරීමට මොවුන්ට ඇති නීතිමය හැකියාව කුමක්ද? ප්‍රසිද්ධියේ එල්.ටී.ටී.ඊ. කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයකු වන විශ්වලිංගම් මනිවන්නන් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ අනුගාමිකයෙකි. මොවුන්ගේ යටි අරමුණ වන්නේ නැවත එදා ත්‍රස්තවාදී පාලන යුගයේ මතක නැවත ජනතාවට සිහිගැන්වීමටය. එදා කොටි පොලිසියේ නිල ඇඳුමට 100%ක්ම සමාන අයුරින් මෙම නිල ඇඳුම නිමවා ඇති බැව් ඕනෑම කෙනකුට දැක ගැනීමට හැකිය. මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය බලාපොරොත්තු වෙයි.”

මෙම පාර්ශ්වය විසින් සිදුකර ඇති ප්‍රකාශයෙහි යම් සත්‍යයක් ඇති බවක් සිතෙන්නේ අතීතයේදී තිබුණු යම් දසුන් අපගේ මතකයට එන විටය. එනම් පසුගියදා යාපනය නගරාධිපතිවරයා විසින් ස්ථාපිත කරන ලද ආරක්ෂක බළකායේ සාමාජිකයන් පස්දෙනා විසින් පැලඳ ඇති ඇඳුම බොහෝදුරට එකල එල්.ටී.ටී.ඊ. පොලිස් බළකායේ නිල ඇඳුමට සමාන බැව් පෙනෙයි. ළා නිල් පැහැති කමිසය සහ තද නිල් පැහැති දිගු කලිසම එහි ප්‍රධාන ලක්ෂණයයි. එසේම උඩුකය හරහා දිවෙන සුදු පටියක් සහ කළු පැහැති පළල බඳ පටියකින්ද මෙම ඇඳුම සමන්විතය. කෙසේ හෝ මේ ආකාරයේ නිල ඇඳුම් අප සමහර අවස්ථාවලදී දැක ඇත්තේ සමහර පෞද්ගලික ආරක්ෂක (සිකියුරිටි) සේවාවන්වලදීය. එහෙත් මෙම නිල ඇඳුම් පැලඳි නිලධාරීන් යම් දමිළ නියෝජනයක් හරහා සමාජගත වන හෙයින් යමෙකුට මේ ආකාරයේ ආන්දෝලනාත්මක තර්ක ඉදිරිපත් කළ හැකිය. ඒ කෙසේ වුවද එලෙස බඳවාගත් සේවකයන් 5 දෙනා එම නිල ඇඳුමද පැලඳ යාපනය නගරයේ රථ වාහන හැසිරවීම සහ තවත් සිවිල් කටයුතුද සිදුකරන ආකාරය දක්නට හැකිවී ඇත. යාපනය පොලිසියට මෙම සිද්ධිය ආරංචි වූයේ ඉන් පසුවය. ඉන් පසුව එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය ප්‍රවර්ධනය සඳහා අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිවරයා යාපනය ප්‍රධාන මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් යාපනය නගරාධිපතිවරයාට දැඩි ලෙස අවවාද කර ඇත්තේ නීතිය දැන නීතිය කඩකිරීම සුදුසු නොවන බැව් පවසමිනි.

තත්ත්වය එසේ වුවද යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් තමන්ගේ අදහස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ මෙසේය. යාපනය මහාධිකරණය ඔහු ඇප මත නිදහස් කිරීමෙන් පසුව මෙම අදහස් පැවසීය.

“මගේ එකම අරමුණ යාපනය නගරය පිරිසිදුව තබා ගැනීමයි. ඒ වෙනුවෙන් මමත් මහ රෑ පාරට බැහැලා කුණු කානු හේදුවා. තවත් මම ඉදිරියටත් නගරාධිපතිවරයා වශයෙන් යාපනය පිරිසුදුව තබා ගන්නට යමක් කරන්න තියෙනවා නම් මම ඒක කරනවා. මට මේ රට බෙදන්නවත්, තිබුණු යම් සංවිධානවලට පණ පොවන්නවත් ඕනේ නැහැ. මම කළේ මට ඇති බලය අනුව නගරයේ ඇති පිරිසිදුකමෙහි පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්න වෙනම බලකායක් පිහිටුවන්නයි. ඒකට ‘පොලිස්’ කියන වචනය දාගෙන තියෙන්නේ මම නෙමෙයි. මේ අය ඇඳගෙන ඉන්න ඇඳුම කොටි පොලිසියේ ඇඳුමම කියලා ඔප්පු කරන්නයි පොලිස් ත්‍රස්ත මර්දන අංශයට උවමනා වුණේ. මේකට දකුණේ මාධ්‍ය සහ සිංහල බෞද්ධ බලවේග විශාල ප්‍රචාරයක් ගෙන ගියා. මේ ඇඳුම කොටි පොලිසියේ ඇඳුම කියලා ඔවුන් කියන්නේ ඒකේ පාට නිසයි. ගුවන් හමුදාවේ ඇඳුමත් මේකට සමානයි. ඒ වගේම පෞද්ගලික ආරක්ෂක සේවාවලත් මේ ඇඳුම තිබෙනවා. දෙමළ අය මේ පාට ඇන්දම තමයි වැරැදි. මේක තමයි විශාලම අසාධාරණය. මේ වගේ පුංචි දෙයක් වෙනුවෙන් නගරාධිපතිවරයෙක් අත්අඩංගුවට ගැනීම කෙතරම් වැරැදිද? මමත් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවරක් ගන්නවා” යැයි නගරාධිපතිවරයා පැවැසීය.

යාපනය නගරාධිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ද්‍රවිඩ ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා යාපනයේ මහාධිකරණයේ විභාගයෙන් පසුව මෙසේ මාධ්‍යයට තම අදහස් ප්‍රකාශ කළේය.

“එල්.ටී.ටී.ඊ. පොලිසියේ ඇඳුමක් වගේ කියන එක තමයි මේ අය කියන්නේ. මොන නිල් පාට ඇඳුමක් දැක්කත් පොලිසිය බය වෙන එක මිසක්, මේ අය වෙන කිසිම අපරාධයක් කරලා නෑ කියන එක මම මහෙස්ත්‍රාත්තුමාට ප්‍රකාශ කළා. ඒ මොකද පොදුවේ පිරිමි පාර්ශ්වය වැඩිපුරම අඳින්නේ නිල් පාට තමයි. කාකි ඇඳුමක් ඇන්දොත් පොලිසියේ ඇඳුම ඇන්දා කියලා චෝදනා කරන්න පුළුවන්. මහෙස්ත්‍රාත්තුමා පොලිසියෙන් අහලා තිබුණා මේ අයගේ නිල ඇඳුමේ එල්.ටී.ටී.ඊ. ලාංඡනය තිබුණාද කියලා. ඒ වෙලාවේ පොලිසිය නැහැ කියලා කිව්වා. ඒකට අපි පිළිතුරු දුන්නා ඒ අයගේ ඇඳුමේ තිබුණේ යාපනය මහ නගර සභාවේ ලාංඡනය කියලා. ඒ නිසා වෙන කාටවත් මේ අය වැරැදියි කියලා කියන්න බැහැ. මේක මහ නගර සභාවේ නීතිමය පියවරක්. මේ නීතිමය කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ නගරාධිපතිවරයා. කොළඹ මහ නගර සභාවට කරන්න පුළුවන් නම් ඇයි යාපනය මහ නගර සභාවට කරන්න බැරි” යැයි ජනාධිපති නීතිඥ සුමන්තිරන් අවධාරණය කර සිටියේය. තත්ත්වය එසේ වුවද මේ සිද්ධිය පිළිබඳ රාජ්‍ය පාර්ශ්ව වෙනත් මතයක සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ‘යාපනය මහ නගර සභාවේ රාජකාරි සඳහා එල්.ටී.ටී.ඊ. කොටි පොලිසියේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පස්දෙනකු යාපනය නගරාධිපතිවරයා විසින් සේවයේ යොදවා තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරෙනවා’ යනුවෙනි. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ උපදෙස් පරිදි යාපනය පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය විසින් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය නාගරික කොමසාරිස්වරයා සහ මහ නගර සභාවේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. මේ සිද්ධිය පිළිබඳව අධිකරණ කටයුතු සහ අනෙකුත් විමර්ශන කටයුතුද දිගටම සිදුකෙරෙමින් පවතී.

කෙසේ හෝ මෙම ආන්දෝලනාත්මක අර්බුදය හේතුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවද ගිනි ජාලාවක් බවට පත්විය. විපක්ෂයේ දමිළ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන් මේ පිළිබඳව ඉතා දැඩි ලෙස තම වාග් ප්‍රහාර එල්ල කළේය. දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඉතා ප්‍රබල අදහස් ප්‍රකාශ කළේය.

“මේ නම් ෆැසිස්ට්වාදයයි. ඔබ එක අතකින් රට මිලිටරීකරණය කරන අතරවාරයේ අනෙක් අතින් ජාතිවාදය ජනනය කරමින් සිටිනවා. ඒ අතරම දැන් ඔබ වෙනත් මතවාද වළක්වනවා. මෙය සත්‍ය ලෙසම ෆැසිස්ට්වාදය හැර අන් කිසිවක් නෙවේ. ඔබ මෙය නතර කළ යුතුයි. එල්.ටී.ටී.ඊ. පොලිස් බළකාය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගැනීම යැයි මතය රජය දැරූ විකාර වෑයමක්. රටේ මහ නගර සභා යටතේ විවිධ අංශ නිර්මාණය වී තිබෙනවා. කොළඹ නගර සභාව ඇතුළුව මහ නගර සභාවල මෙවැනි ක්‍රමවේදයන් තිබෙනවා. කොළඹ නගර සභාවේ මෙවැනි බළකායක සිටින සේවකයන්ටත් දීලා තිබෙන්නේ මෙවැනි ඇඳුමක් තමයි. මේක කොටි සංවිධානය ප්‍රවර්ධනය කිරීමක් නෙවෙයි. රජය එහෙම හිතන එක මහා විකාරයක්.”

මෙම අර්බුදයට මැදිවී සිටින යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් වෘත්තියෙන් නීතිඥවරයෙකු වෙයි. ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා’ යැයි කියැවෙන උපහැරණය සිහිගන්වමින් ඔහුට පසුගියදා සිදුවූයේ තවත් විශාල අකරතැබ්බයකි. එනම් පසුගියදා ඔහුට කොරෝනා රෝගයද වැළඳුණු අතර, ඒ සඳහා ප්‍රතිකාර ගෙන රෝගය සුව වූයේය. පසුගියදා නගරාධිපතිවරයා සහභාගි වූ විවාහ මංගල උත්සවයකට පැමිණ සිටි කිහිප දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ඔහු කොවිඩ් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගෙන ඇති අතර, එම වාර්තාවට අනුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. ඔහු ඊට පසු ප්‍රතිකාර ගෙන නැවත නිරෝධායනය වීමෙන් පසුව මෙම අර්බුදයට මැදිවී අත්අඩංගුවට පත්විය. කෙසේ හෝ පසුගිය කාලයේ මෙන්ම දැනටද යාපනය නගරය කොරෝනා තෝතැන්නක් බවට පත්වී ඇත. ඉහත අර්බුදයට මැදිවූ යාපනය මහ නගර සභා නව අධීක්ෂණ බළකායට අයත් එක් රාජකාරි කටයුත්තක් වූයේද කොරෝනා රෝග අධීක්ෂණ කටයුතු සිදුකිරීමය.

යාපනය නගරාධිපතිවරයා ගැන තවත් අපූරු පුවතක්ද මේ වන විට වාර්තා වෙමින් ඇත. එනම් ඔහු පසුගිය 2020 දෙසැම්බර් මාසයේදී නගරාධිපති ධුරයට තේරී පත්වූ පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට නියමිත වැටුප ලබානොගන්නා බැව්ය. එසේම එය නගර සභාවේ මහජන සුබසාධන යෝජනා ක්‍රම සඳහා යොදා ගන්නා බවද ප්‍රකාශ කර ඇත. එසේම මෙම තනතුර සඳහා ලබාදෙන සුඛෝපභෝගී මෝටර් රථයද ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර, තමන්ගේ සාමාන්‍ය මෝටර් රථය භාවිතා කරන බවට දැනුම්දී ඇත. එසේම ඔහු දැනට තමාගේම මෝටර් රථයක් නිල සහ පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කරනු ලබයි. මනිවන්නන්ට පෙර යාපනයේ හිටපු නගරාධිපති එම්මානුවෙල් ආර්නෝල්ඩ් තමාට සුඛෝපභෝගී මෝටර් රථයක් අවශ්‍ය යැයි කියමින් උතුරු පළාතේ හිටපු මහ ඇමැතිවරයා භාවිතා කළ සුඛෝපභෝගී මෝටර් රථය ලබාගෙන භාවිතා කළේ යැයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ වත්මන් නගරාධිපති මනිවන්නන් හට ජනතා ප්‍රසාදයක් ඇතිව තිබෙයි.

යාපනය නගරාධිපතිවරයා විසින් ස්ථාපිත කරන ලද මහ නගර සභා බළකාය දමිළ බසින් ‘යාල් මානගර කාවල් පාඩෙයි’ (යාපනය මහ නගර ආරක්ෂක බළකාය) ලෙසින් හඳුන්වන අතර, යාපනය මහ නගර සභාව දමළ බසින් හඳුන්වන්නේ ‘යාල්පානම් මානකරා කාපායි’ ලෙසිනි. යාපනය මහ නගර සභාව යනු අතිශය ඓතිහාසික පසුබිමක් ඇති රාජ්‍ය සංස්ථාවක් වන අතර, එහි ඉතිහාසය 1892 වැනි ඉංග්‍රීසි පාලන සමයක් කරා දිවයයි. එහෙත් එය මහ නගර සභාවක් ලෙස ස්ථාපිත වන්නේ ශ්‍රී ලංකාවේ නිදහසින් පසු 1949 වසරේදීය. යාපනය මහ නගර සභාව තවත් ඉතිහාසයකට එකතු වන්නේ එහි 1970-1975 සිටි නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා කුරිරු කොටි ත්‍රස්තයින් විසින් ඝාතනය කිරීමය. 1975 ජූලි 27 වැනිදා සිදුකළ එම ඝාතනය එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ ප්‍රථම බිල්ල විය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මහින්දගෙන් ආණ්ඩුවටම ඩිනර් එකක්! බර්ත්ඩේ කේක් එකකුත් කපයි

Next Post

ගෝඨා කොළඹ ගහන්න යන අලුත්ම ගේම

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.