• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා කොළඹ ගහන්න යන අලුත්ම ගේම

April 20, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ගෝඨා කොළඹ ගහන්න යන අලුත්ම ගේම
Share on WhatsAppShare on Facebook

“බණ්ඩා නගරයට පැමිණීම” යනුවෙන් චිත්‍රපටයක් (ඒ දිනවල බයිස්කෝප්) එක් දහස් නමසිය පනස් ගණන්වලදී “TENT”(කූඩාරම්) අටවා ප්‍රදර්ශනය කෙරිණි. බණ්ඩා හැටියට රඟ පෑ එඩී ජයමාන්න කොළඹට පැමිණ “කොළොම් පුරේ ශ්‍රියා කොළොම් පුරේ ශ්‍රියා බොහාම ලස්සනයි කෙළොම් පුරේ ශ්‍රියා ශ්‍රියා” යන ගීතය ගයමින් කොළඹ තිබූ හැඩ වැඩ කීයේය.

වර්තමානයේ වැස්ස දාට අපායක් වන කොළොඹ නගරය නුදුරු අනාගතයේදී එඩී ජයමාන්න කී අන්න ඒ අන්දමේ දන මන සනහන පිනවන නහවන සංචාරක ශ්‍රියාවන්ත ස්ථානයක් බවට පත්කිරීමේ ප්‍රශංසනීය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ගෝඨාගේ ආණ්ඩුව පිඹුරුපත් සකස් කර තිබේ.

ඒ අනුව මෙතෙක් ආර්ථික දිස්ත්‍රික්කයක් වශයෙන් පැවති කොළඹ නගරය ඉන් පසු සංචාරක චිත්තාකර්ෂණීය සංචාරක පුරයකි.

වසර එකසිය පනහකට වැඩි පෞරාණික වටිනාකමක් ඇති ගොඩනැගිලි අපේ උරුමය ලොවට පෙන්වන සංකේත වේ. ඒ විසල් සුවිසල් මන්දිර පමණක් දැනට පවත්නා ස්ථානවලම තිබෙන්නට ඉඩ හැර සෙසු බොහොමයක් ගොඩනැගිලි වර්තමානයේ පිහිටි ස්ථානවලින් මේ ව්‍යාපෘතිය යටතේ පිටමං කිරීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය බෞද්ධාලෝක මාවතේ කර්මාන්ත තාක්‍ෂණික ආයතන පරිශ්‍රයේ ස්ථාපනය කෙරේ. කර්මාන්ත තාක්‍ෂණික ආයතනය මාලබේට යයි. පොලිස් මූලස්ථානය අත්තිඩියට යයි. ඒ ආසන්නයේ පොලිස් දෙපර්තමේන්තුවට අයත් විශාල භූමි ප්‍රදේශයක්ද ඇත. එපමණක් නොව, පොලිස් මූලස්ථානයේ නව පදිංචි ස්ථානයටම යාබදව ශ්‍රී ලාංකික තේ කර්මාන්තයේ ප්‍රෞඪ ඉතිහාසය කියන “තේ පුරාවිද්‍යා කෞතුකාගාරය”ද ස්ථාපනය කෙරේ.

මේ ව්‍යාපෘතිය දෙදහස් දහය (2010) වර්ෂයේ ආරම්භ කර දෙදහස් පහළොවේ දී (2015) අවාසනාවකට මෙන් අතර මග අත්හිටුවීමට සිදුවූ “අභිනව නගරය” යන නොනවතින අනාගතය දැක්මේ අඛණ්ඩ අවිච්ඡේදයයි. එසේ අතර මග නැවතුණු කර්තව්‍ය යළි ආරම්භ කෙරෙමින් ක්‍ෂේත්‍ර ගණනාවක සංවර්ධන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කෙරෙමින් තිබේ.

රුපියල් කෝටි තුන්සියයක (3,00,00,00,000) ඇස්තමේන්තුවකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණ කරනු ලබන ගෆූර් ගොඩනැගිල්ලේ මෙහෙයුම උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය.

සියල්ල නිමා වන විට ගොඩනැගිල්ල සාප්පු සංකීර්ණයක් සහිත තෙමහල් හෝටලයකි. ගොඩනැගිල්ලේ මස්තකය පිහිනුම් තටාකයකි.

වර්ෂා දිනවලදී ඇතුළට වැහි වතුර වැක්කෙරෙමින් තුබූ වසර එකසිය අසූ තුනක් (183) පැරණි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය රුපියල් විසිපන් කෝටියකින් (25,00,00,000) පිළිසකර කිරීමෙන් අනතුරුව මේ වන විට කළමනාකරණය සඳහා “වෝටර් එජ්”ආයතනයට භාරදී ඇත්තේය.

සිංගප්පූරුවේ රැෆල්ස් හෝටල දාමය හා බැඳුණු අතීත සම්බන්ධතා පැවති බව කියන ගෆූර් ගොඩනැගිල්ල මේ වන විට නව්‍යකරණය කිරීමෙන් පසුව නිමැවුණු සාප්පු සංකීර්ණය සහිත හෝටලය කෙරෙහි සිංගප්පූරු ආයෝජකයන් ගණනාවකගේ ඇල්ම බැල්ම වැටී ඇති බවද දැනගන්නට තිබේ.

ඉහත කාලයේ සාන්ත ජෝන් මාළු වෙළෙඳ පොළ තිබූ පරිශ්‍රයේ“රත්ත්‍රන් මධ්‍යස්ථානය” මේ වන විට ඩුබායි “ගෝල්ඩ් සවුක්” සංකීර්ණයට අනුව නවීකරණය කර තිබේ. උසස් මට්ටමේ තාක්‍ෂණික උපකරණ යොදා ආරක්‍ෂාව තහවුරුකර ඇති මධ්‍යස්ථානය විශේෂයෙන්ම භාරතීය සංචාරකයින්ගේ චිත්තාකර්ෂණය ඉලක්ක කරමින් සකස් කෙරුණකි.
“රත්ත්‍රන් මධ්‍යස්ථානය” ඊට තදාසන්න “සී ස්ට්ට්” ප්‍රදේශයේ මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ටද ආරාධනය කෙරමින් නුදුරු දින කීපයේදී විවෘත කිරීමට නියමිතය.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අබියසින් පොලිස් මූලස්ථානය දෙසට විහිදෙන මහා මාර්ගය මින් මතු පදිකයන් වෙනුවෙන්ම වෙන් වූ මාවතක් පමණි. ඒ දෙපස ඈත අතීතයේ විශාලා මහ නුවරවීදි දෙපස පිහිටුවා තිබුණාක් බඳු ඛාජ්‍ය භෝජ්‍ය ලෙයිය පෙය්යාදියෙන් (කෑම බීම තුටු පහටු) සජ්ජිත සිත්කලු දැකුම්කලු අවන් හල්ය. භොජුන් හල්ය. විශේෂයෙන්ම මේ ස්ථාන එක් දින සංචාරකයන් වෙනුවෙන්ම කැපකෙරුණකි. මේ හැරෙන්නට විසුම්පාය තානායම් ආදියද ජාත්‍යන්තර පිළිගැනීමේ තලය දක්වා වන පරිදි උත්තථාපනය කෙරේ.

දැනට කොළඹට ආලෝකයක් වූ මහ බැංකුව සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වැනි විශාල මෙන්ම නවීන පන්නයේ යෝධ කුලුනු දෙකක් ඉදි කිරීම සඳහා පමණක් නොව ඒ වෙනුවෙන් ආයෝජකයනට ආරාධනා කිරීමටද කටයුතුද සූදානම්.

වැලිකඩ බන්ධනාගාරයද ඉඩපාඩු ප්‍රදේශයකට ගෙනයාමට නියමිතය. ඒ හොරණ පැත්තේ අක්කර දෙසිය තිහක (230) පමණ වපසරිය ඇති ඉඩමකටය. එම භූමියේ ඉදිකිරීමට යෝජිත බන්ධනාගාරය සඳහා වූ ඇස්තමේන්තුව රුපියල් කෝටි දෙදහස් අට සියයකි (28,00,00,00,000). මේ ඉදිකිරීම් කර්මාන්තය දේශීය ඉදිකිරීම්කරුවන් සිව් දෙනකුට පැවරෙන්නකි. වැලිකඩ බන්ධනාගාරය පිහිටි ප්‍රදේශය වාණිජ සංවර්ධන ව්‍යාපෘතියකට වෙන් කිරීමට යෝජිත වේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

එක රැයින් රටම හෙල්ලූ යාපන නගරාධිපති ‘පොලිස් ඇඳුම’ මැහුවේ මැරුණු කොටියට පණ දෙන්නද?

Next Post

රට පුරා කොරෝනා කිට් හිඟයක්! ලක්ෂ 530කුත් ගසා කාලා!!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Uncategorized

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.