• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මටයි බිරිඳටයි දරුවන්ටයි අදටත් අමෙරිකාව තහනම්! පළමුවරට හමුදාපති ෂවේන්ද්‍ර මව්රට එක්ක ජිනීවා ගැන කතාකරයි EXCLUSIVE

April 13, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
මටයි බිරිඳටයි දරුවන්ටයි අදටත් අමෙරිකාව තහනම්! පළමුවරට හමුදාපති ෂවේන්ද්‍ර මව්රට එක්ක ජිනීවා ගැන කතාකරයි EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම අවසන් වූයේ ඉකුත් යුද සමයේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර රටවලි විසින් නව යෝජනාවක් සම්මත කර ගනිමිනි. මෙහි අරමුණ යුද ජයග්‍රහණයට කැපවූ රණවිරුවන්ට අපරාධ චෝදනා එල්ල කිරීම බව රහසක් නොවේ. එමෙන්ම වත්මන් යුදහමුදාපතිවරයා ඇතුලු ආරක්ෂක අංශ ඉලක්ක කර මෙම යෝජනාා ඉදිරිපත් වී ඇති බවක්ද දැකගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් පළමු වතාවට යුදහමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා අදහස් දක්වමින් මව්රට පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ජාවයි මේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙවරත් ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. ඒ පිළිබඳ ඔබේ මතය කුමක්ද?
හමුදාවේ රාජකාරි කරන අපි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ රජය සිදුකළ සේවය පිළිබඳ අපි සෑහීමකට පත් වෙනවා. මේ කවුන්සිලයට කළ හැකි දේවල් වගේම ඔවුන් ට කළ නොහැකි දේවලුත් තියෙනවා. සමහර රටවල් අපිට එරෙහිව විශාල හඬක් නැඟුරෑවා. හැබැයි අපි තමා දන්නේ මොනතරම් මානුෂීය විදිහටද මේ මෙහෙයුම කළේ කියලා. අපි මානුෂීය විදිහට කටයුතු නොකළානම් 2009 මැයි 19ට කලින් යුද්ධය නිමා කරන්න අවස්ථාව තිබුණා. අපි මානුෂීය වශයෙන් කටයුතු කරපු නිසා තමයි එල්ටීටීඊ සංවිධානය විසින් මිනිස් පළිහක් විදිහට අහිංසක අපේම දමිළ වැසියන් යොදාගෙන හිටපු අවස්ථාව අපි ඒ සිවිල් වැසියන්ට සිදුවන හානි අවම වන ආකාරයෙන් කටයුතු කළේ. අපි දන්නවා සත්‍යය මොකක්ද කියලා. ඉතින් කොයිම අවස්ථාවක හෝ සත්‍ය ජයගනී. අපිට විරුද්ධව මුදලට යටවෙලා ඉන්න සංවිධාන තියෙනවා. අවාසනාවකට ශ්‍රී ලංකාවේත් එවැනි පුද්ගලයින් සහ සංවිධාන ඉන්නවා. ඉතින් ඔවුන්ට අනාගතයේදී හෝ නුවණ පහළ වෙලා මේ රටේ හමුදාව කරපු ක්‍රියාවලියේ වටිනාකම අවබෝධ වෙයි කියලා විශ්වාස කරනවා.

ඔවුන් අපේ රටට එල්ල කරන යුද අපරාධ චෝදනා පදනම් විරහිතයි කියලද ඔබ කියන්නේ?
ඔව්. ඒ චෝදනා අසත්‍යයි සහ පදනම් විරහිතයි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අහිංසක දෙමළ ජනතාව අවසන් මොහොතේදීත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිනිස් පළිහක් විදිහට පාවිච්චි කළා. ඒ විදිහට ප්‍රාණ ඇපකරුවන් විදිහට එල්ටීටීඊ සංවිධානයෙන් රඳවාගෙන සිටි අහිංසක සිවිල් වැසියන් ලක්ෂ ගාණක් අපි මානුෂීය මෙහෙයුමේදී බේර ගත්තා. ඒ තමයි විශාලතම ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම. ඒ විදිහට මානුෂීය හමුදාවක් විදිහට කටයුතු කරපු අපේ රණවිරුවන්ට තමයි මේ අභූත අසත්‍ය චෝදනා එල්ල කරන්නේ. ඒක හරිම අසාධාරණ චෝදනා කිරීමක්. ඒ චෝදනා කරන පාර්ශව කිසිම අවස්ථාවක එල්ටීටීඊ සංවිධානයට චෝදනා එල්ල කරන්නේ නෑ.

ඔබට එරෙහි ගමන් තහනමත් තවමත් ක්‍රියාත්මකයි නේද?
මෙහෙමයි. මේ තත්ත්වය මට ඇතිවුණේ මගේ අම්මාගේ තාත්තාගේ ඉඩම් අල්ලන්න ගිහින්වත් හිතවතුන් වෙනුවෙන් කරපු දෙයක් වෙනුවෙනුත් නෙවෙයි. හුදෙක්ම මේ රටේ තිස් අවුරුද්දක් තිබුණු යුද්ධය නිමා කරලා රටට සාමය ගෙනැත් දෙන්නත් අහිංසක දමිළ ජනතාවට සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්න පරිසරයක් ලබා දෙන්න කරපු වන්නි මානුෂීය මෙහෙයුම අළලලා තමයි මේ තහනම පැනවූයේ. ඒ මානුෂීය මෙහෙයුමේදී වැඩිපුරම සාර්ථකත්වයක් ලබා ගත්තු සේනාංකයේ සේනාංකාධීපතිවරයා වශයෙන් ඒ සේනාංකය ඉලක්ක කරගෙන සම්පූර්ණ අසත්‍යය චෝදනාවක් ඉදිරිපත් කරලා ඒ සේනාංකයේ හිටපු මට විතරක් නෙවෙයි පැත්තක ඉන්න මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත් මේ තහනම ඔවුන් පැනවූවා. මට නම් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තුවකුත් නෑ. මොකද මම වරදක් කරලා නෑ. රටේ ජනතාව දන්නවා එදා මම කටයුතු කරපු ආකාරය. එදා මන්නාරමේ ඉඳන් පූනරින් දක්වාත්, කිලිනොච්චියෙන් උතුරට ගිහිනුත් ආයේ අලිමංකඩින් පල්ලෙහාට ඇවිල්ලා යුද්ධයේ අවසාන දවස දක්වා 58 සේනාංකය කරපු මෙහෙවර රටේ ජනතාව දන්නවා.

නමුත් මේ දේවල් සුළුපටු නැහැ නේද?
මගේ හමුදාව, මගේ සොල්දාදුවන් වෙනුවෙන් මගේ පිටින් මේ දේ ගියත් මට කිසිම දුකක් නෑ. මොකද අපේ සොල්දාදුවන් වෙනුවෙන් ඒ. නායකත්වය කියන්නේ ඒකයි. අපිට පුරුදු කරලා තියෙන්නේ ඒහෙමයි. ජෙනරාල් විජය විමලරත්න වගේ ශ්‍රේෂ්ඨ නායකයින්ගෙන් බිහිවෙච්චි කෙනෙක්. අපේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්තුමා මේ අපි ඔක්කොම ජෙනරාල් විජය විමලරත්න යටතේ බිහිවුණු පිරිස්. මේවට අපේ චිත්ත ධෛර්යය වැටෙන්නෙත් නෑ. අදටත් අපිට සමහරු චෝදනා කරන්න කටයුතු කරනවා විවිධ න්‍යාය පත්‍රවල ඉඳගෙන. ඒක කිසිදු ප්‍රශ්නයක් නෑ. අපි අපේ රට වෙනුවෙන් යුද හමුදාව විශිෂ්ට කාර්යයක් මේ මොහොතේදීත් රට වෙනුවෙන් කරනවා. යුද හමුදාවට කවුරු මොන විදිහේ අවමානයක් කළත් යුද හමුදාව කියන්නේ සැලෙන හමුදාවක් නෙවෙයි. රට සහ රටේ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෑම සාමාජිකයෙක්ම කැපවෙලා කටයුතු කරනවා. ත්‍රිවිධ හමුදාවම අනිවාර්යෙන්ම කැපවෙලා කටයුතු කරනවා. අපිට මොන ප්‍රශ්න ආවත් පෞද්ගලිකව අපිට ගැහුවත් අපි සැලෙන්නේ නෑ.

දැන් කොඩිඩ් තත්ත්වේ මොකද? පහුගිය දවස්වල ඔබත් නිරෝධායනය වුණා නේද?
ඔව්. මමත් නිරෝධායනය වුණා. මම පකිස්ථානෙයෙන් ලැබුණු ආරාධනයකට අනුව ඔවුන්ගේ ජාතික දිනයට විශේෂ ආරාධිතයෙක් විදිහට සහභාගී වුණා. ඒ ගිහින් ආවට පස්සේ රටේ පුරවැසියෙන් විදිහට රටේ ක්‍රියාත්මක වෙන නිරෝධායන නීතියට අනුව මමත් නිරෝධායනයට ලක්වෙලා පීසීආර් පරීක්ෂණයකට පෙනී ඉඳලා තමයි යළි බාහිර සමාජය සමඟ ගනුදෙනු කිරීම ආරම්භ කළේ.

කොවිඩ් ලංකාවට ඇවිත් අවුරුද්දයි.රටක් විදිහට අපි සාර්ථකයි කියලා කියන්න ඔබ සතුව තියෙන සාක්ෂි මොනවාද?
අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපි අගමැතිතුමා මේ රජය යාවත්කාලීන තොරතුරු ලබාගනිමින් නිරන්තර අවධානයෙන් පසුවෙනවා රටේ කොවිඩ් වෛරසය සම්බන්ධයෙන්. මිනුම් දණ්ඩක් විදිහට කිව්වොත් මිලියන විසිදෙකක ජනගහනයක් ඉන්න රටක අනූ පන්දහසසකට අඩු කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් තමයි මේවන විට හමුවෙලා තියෙන්නේ. ඒ පිරිසෙන් අනූදහසකට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ සුවය ලබලා නිවාසවලට ගිහින් තියෙනවා. ඉතිරි පිරිස රෝහල් විස්සක, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තිස්පහක පමණ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. අදවන විට කොවිඩ් වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ හයසීයයකට ආසන්න ප්‍රමාණයක්. මරණ ප්‍රතිශතය තියෙන්නේ 0.6%ක වගේ ප්‍රමාණයක්. මේ ගණනය කිරීම් අනුව අපි අති සාර්ථකව කොවිඩ් පාලනය කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්.

මේ සඳහා සෞඛ්‍ය අංශයේ දායකත්වය කොහොමද ලැබුණේ?
සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් මේ සඳහා හොඳ ක්‍රමවේදයකුත් සකස් කර දෙනු ලැබුවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ සහිත අයවළුන් රෝහල්වල ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් ආශ්‍රතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකරන්නත් ඔවුන් අවශ්‍ය සියලු ක්‍රමවේදයන් සකස් කළා. හමුවෙන ආශ්‍රිතයින් ප්‍රමාණය වැඩිවෙද්දි ඒ සියලු දෙනාම රෝහල් කරා රැගෙන යද්දි සෞඛ්‍ය අංශ සතු ඉතා සුළු මානව සම්පත රෝගීන්ට ප්‍රතිකාර කිරීම, පීසීආර් පරීක්ෂණ පැවැත්වීම වගේ සියලුම කටයුතු සඳහා යොමුකිරීමේදි විශාල අභියෝගයක් ආවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ. එතකොට සෞඛ්‍ය අංශ බලධාරීන් මැදිහත් වෙලා වෙනත් පළාත්වලින් සෞඛ්‍ය අංශ නිලධාරීන් කැඳවලා ඒ තත්ත්වය පාලනය කළා. ආශ්‍රිතයින් ප්‍රවාහනය කිරීමේදී හමුදාව මැදිහත් වුණා. මේ ක්‍රියාවලියේදීත් සමහරු ත්‍රිවිධ හමුදාවන් සහ සෞඛ්‍ය අංශ විවේචනය කරමින් කතාකළා. ඔවුන් සමාජ මාධ්‍යයට වීඩියෝ දර්ශන පවා මුදා හැරියා. ඔය අතරතුර තමා බන්ධනාගාර පොකුර ඇතිවුණේ. අපි ඒ තත්ත්වයත් පාලනය කරන්න කටයුතු කළා. ඒ වගේම රජය විසින් ගත්තු ප්‍රතිපත්තිමය තීරණයකට අනුව රට වහන්නේ නැතිව අපි කොවිඩ් පාලනය කරගෙන ඉදිරියට ආවා. රට වහන්නේ නැතිව ගුවන්තොටුපළ ඇරගෙන සංචාරකයින් පවා මෙරටට ගෙන්වමින් ආපු මේ ගමන ඉතා සාර්ථකයි කියලා නොපැකිළිව කියන්න පුළුවන්.

හැබැයි තුන්වන රැල්ලක පෙරනිමිති තියෙනවා කියලා යම් යම් තැන්වල රාවයක් තියෙනවා. මේ පාරත් අපිට සිංහල අවුරුදු නැතිවෙයිද?
සෞඛ්‍ය අංශ අපිට දැනුවත් කරලා තියෙනවා තුන්වන රැල්ලක් ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙනවා කියලා. සිංහල හින්දු අලුත් අවුරැදු සමයේදී අපේ රටේ ජනතාවගේ හැසිරීම ඒ තත්ත්වයට හේතුවෙයි කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. පහුගිය සති කිහිපය තුළ අපි දැක්කා මහජනතාව සිංහල අලුත් අවුරුද්දට සූදානම් වෙනවා. අපිට මේ දෙවල් 100%ක් නවත්වන්න බෑ. අපි මේ වෙනුවෙන් මහජනතාවට උපදෙස් මාලාවක් නිකුත් කළා. ඒකෙදි අපි කියන්නේ අලුත් අවුරුද්ද තමන්ගේ සමීපතමයින් එක්ක පමණක් සමරන්න කියන දේ. ඒ වගේම අපි මුල ඉඳලම කියපු මුව ආවරණය පැළඳීම, නිරතුරුවම සනීපාරක්ෂක ද්‍රාවණ හෝ සබන් යොදා ගනිමින් දෑත් සේදීම, අත්‍යවශ්‍යය ගමන් බිමන් පමණක් සිදුකිරීම වගේ සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සමාජ දුරස්ථතාවය පවත්වා ගනිමින් කටයුතු කිරීමත් ඉතාම වැදගත්. අවුරුදු ක්‍රීඩාවලදී පවා මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සිදුකළ හැකි ඒවා පමණක් සිදුකිරීම තමා ඉතාම වැදගත්. සෞඛ්‍ය අංශ කියන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න කියන දේ තමයි අපි කියන්නේ. අවුරුදු උත්සව පවා ගමට සීමා කරගන්න කියන දේ තමයි අපි කියන්නේ.

හරි. දැන් මේ ඔබතුමාලා කියන සංඛ්‍යා ලේඛන හරිද? මොකද සමහරු කියනවා මේ විදිහට ආසාදිතයින් වාර්තා වීම අඩු වෙලා තියෙන්නේ රෝගීන් හංගන නිසා වගේම පීසීආර් කරන ප්‍රමාණය අඩු නිසා කියලා ?
මෙතනදි කියන්න තියන සරලම දේ තමයි අපිට කැස්ස හංගන්න බෑ වගේම කොඩිඩ් -19 හංගන්නත් බෑ. මොකද රෝගීන් හැංගුවොත් වෙන්නේ බරපතළ ප්‍රශ්නයක්. ඒ හරහා රෝගීන් ව්‍යාප්ත වීමෙන් විශාල පොකුරු ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මෙතන රෝගීන් හැංගීමක් කරන්නේ නෑ. දැන් වෙලා තියෙන්නේ රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එතකොට ආශ්‍රිතයෝ ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා කරන්න ඕන පීසීආර් ප්‍රමාණය අඩුවෙනවා. එය තමයි පීසීආර් පරීක්ෂණ අඩුවීමේ ප්‍රශ්නෙට තියෙන තාර්කික පිළිතුර. නමුත් අපි අහඹු විදිහට පීසීආර් පරීක්ෂණ අපි සිදුකරනවා.ඒ නිසා තමයි පහුගිය දවසක අපිට යාපනයේ පොකුර හඳුනාගන්න පුළුවන් වුණේ. අපි අහඹු පීසීආර් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරනවා. ඒ වගේම රෝහල්වලට එන කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන සියලුම දෙනාත් පීසීආර් පරීක්ෂණ වලට යොමු කරනවා. වැදගත්ම දේ තමයි අපි පිසීආර් පරීක්ෂණ කරන්නේ ඉතාම තාර්කික සහ ඉලක්ක ගත ක්‍රමවේදයකට. අවුරුදු උත්සවවල කණාමුට්ටි ගහනවා වගේ අපි පීසීආර් පරීක්ෂණ කරන්නේ නැහැ. අපේ සෞඛ්‍ය අංශ රෝගීන් හඳුනා ගැනීම පමා නොකර සිදුකරමින් ඉන්නවා. මොකද ඔවුන් හොඳින් දන්නවා රෝගීන් හඳුනාගැනීම පමාවුණොත් අපිට අත්දකින්න වෙන භයානක අත්දැකීම ගැන.

අලුත් අවුරුද්ද එතකොට කිසිම ආකාරයක සංචරණ සීමා ආදිය පැනවීමකින් තොරවද සමරන්නේ. මොකද බස්නාහිර පළාතට සංචරණ සීමා පනවනවා කියලත් රාවයක් තියෙනවා?
මේ උත්සව සමයේදී බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට සංචරණය වෙනවා. මොකද අවුරුදු සමරන්නේ කොළඹ විතරක් නෙවේ. ඇඟළුම් කර්මාන්තශාලාවල මෙන්ම වෙනත් රැකියා අවස්ථා සඳහා බස්නාහිර පළාතට පැමිණ සිටින විශාල පිරිසක් කොළඹින් පිටව යනවා. ඒ නිසා මම හිතන්නේ රටේ ජනතාව මේ බව තේරුම් අරගෙන වැඩ කළ යුතු වෙනවා. අපිට පුළුවන් සංචාරක සීමා දාන්න, ඇන්ටිජන් පරීක්ෂණ තියන්න. නමුත් දැන් අපි ඉන්නේ කොවිඩ් ඉවර කරගන්න පුළුවන් අවධියක.

අනිත් හැමදේම සුළු වශයෙන් හෝ තියෙනවා. ඒත් සංගීත සංදර්ශන තහනම්. මේක බරපතළයි. ඇයි ඒ?
අපිටත් මේ ගැන විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙනවා. මේ සංගීතවේදීන් මෙන්ම සංගීත කණ්ඩායම් වැඩිම ආදායම් උපයන්නේ මේ කාලසීමාවේදී. මේ තත්ත්වය නිසා ඔවුන් ඉතා අපහසුවෙන් කාලය ගත කරන්නේ. ඔවුන් අපෙන් ඉල්ලනවා සුළු පිරිසකට හරි මේක කරන්න දෙන්න කියලා. නමුත් ඒක ප්‍රායෝගික නෑ. සංගීත ප්‍රසංගයකට සියදෙනෙක් විතරක් ඇවිත් පවත්වන්න හැකියාවක් නැහැනේ. අපි දන්නවා මේ නිසා විශාල පිරිසක් පීඩා විඳිනවා කියලා. ඒ නිසා ඔවුන්ට මේ අවස්ථාව දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ දුන්නාට පස්සේ හැසිරීම තමයි ප්‍රශ්නෙ. මේක අවබෝධ කරගැනීම ඉතාම වැදගත්.

ඇස්ට්‍රාසෙනිකා කොවිශීල්ඩ් එන්නත පළමු මාත්‍රාව ලබාගත්තු පිරිස් මැසිවිලි නඟනවා ඔවුන්ට දෙවැනි මාත්‍රාව නොලැබීමේ ඉඩක් තියෙනවා කියලා. දෙවැනි මාත්‍රාව දෙන්න ඇත්තටම එන්නත් නැද්ද?
ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. දෙවැනි මාත්‍රාව සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රාවන් සැලකිය යුතු ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. එතකොට තිබුණේ ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙන්නේ නැ කියන කතාව නෙවේ. ඒ එන්නත ඉන්දියාවෙන් අනික් රටවලට දෙනකොට ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රමාණය ඔවුන් රඳවාගැනීම. ඒක ඔවුන්ගේ ප්‍රතිපත්තිමය තීරණයක්. හැබැයි ඔවුන් කිසිම අවස්ථාවක කියලා නෑ මේ එන්නත වෙනත් රටවලට යළි ලබාදෙන්නේ නැහැ කියලා. ඉතින් අපේ රටේ දෙවැනි මාත්‍රාව අප්‍රේල් දෙවැනි සතියේ ආරම්භකළාම ඒ සඳහා ප්‍රමාණවත් මාත්‍රාවන් ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් නරේන්ද්‍ර සිං මෝදි අගමැතිතුමත් අතර තිබෙන සම්බන්ධතාව යටතේ පළමු මාත්‍රාව සඳහා එන්නත් තොගය අපිට නොමිලයේ තමයි ලබා දුන්නේ. අපි තව මිලියන එකයි දශම පහක් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒකෙන් අපි ලක්ෂ පහක් ගෙනැත් තියෙනවා. ඉතිරි ලක්ෂ දහයෙන් පළවෙනි එන්නත් ලක්ෂ පහ බොහෝදුරට අප්‍රේල් මාසයේ අවසානයේදි ලැබෙන්නට නියමිතව තියෙනවා.

එතකොට චීනයෙන් සයිනොෆාම් එන්නත් ගෙනවා. ඒ සම්බන්ධයෙනුත් විවිධ මතවාද සමාජයේ තියෙනවා නේද ?
චීනයේ සයිනොෆාම් එන්නත ලක්ෂ හයක ප්‍රමාණයක් අපිට ලැබුණේ නොමිලේ. ඒක අපි සල්ලිවලට ගත්තු එන්තක් නොවේ. මේක ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමා එක්ක තිබෙන සබඳතාවය නිසා අපිට ලැබුණු එන්නත් තොගයක්. ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන් ගත්තාම කැබිනට් මණ්ඩලය අනුමතය දීලා තියෙනවා මිලියන දහතුනක් දක්වා ශ්‍රී ලංකාවට ලබා ගන්න. ඉන් මිලියන හතක් ප්‍රථම අදියර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. ඒක බොහෝදුරට මැයි මාසය වගේ කාලසීමාවකදී අපිට ලැබීමට නියමිතයි. ඒ නිසා මම හිතන්නේ රටක් වශයෙන් අපි ඉදිරියෙන්. මොකද ඇස්ට්‍රාසෙනිකා එන්නත අපිට ලැබෙනකොට ලෝකයේ රටවල් එකසිය තිස්ගාණකටම පළමු මාත්‍රාව දෙන්නවත් එන්නත් ලැබී තිබුණෙ නෑ.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

පාට් දාලා දිනන්න බජාජ් ජෙනුයින් පාර්ට්ස් කෑෂ්බැක්

Next Post

තරහ මරහ අමතක වන සිංහල අවුරුදේදේ… බාප්පෙක් දුවෙක් මරලලු පුදුමයි ගම්මැද්දේ…

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.