ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හොයනවා වෙනුවට ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සදහා අලුත් බිල්ලන් මවමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
ඒ අනුව ආණ්ඩුවේ අලුත්ම මාතෘකාව වී ඇත්තේ යාපන නගරාධිපතිවරයා බව විපක්ෂනායකවරයා පෙන්වා දෙයි.
යාපන නගරාධිපතිවරයා වැරැද්දක් කර ඇත්නම් නීතිය අනුව වෙනමම අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්විය හැකි බවත්, බොරු දේශපාලන නාඩගම් ක්‍රියාත්මක නොකර පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයන ලෙස තමන් ආණ්ඩවෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.










