• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව පරදියිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 10, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
ආණ්ඩුව පරදියිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මේ ආණ්ඩුවට හරියටම වයස දැන් අවුරුද්දයි මාස 5ක් පමණය. මෛත්‍රි – රනිල් ආණ්ඩුවට අවුරුද්දයි මාස 5ක් වුණේ 2016 ජුනි මාසයේය. 2015 මහ මැතිවරණය අවසන් වූ පසු 2016 වන තෙක්ම යූ.ඇන්.පී.ය පුංචි ඡන්දය පවත්වන ලෙස මෛත්‍රිට බල කළහ. ඔවුන් එලෙස බල කළේ තමන්ට පහසුවෙන් පුංචි ඡන්දය ජයග්‍රහණය කළ හැකි බව දැනගෙනය. මෛත්‍රිත් මෙය දැන සිටියේය. ඔහු පුංචි ඡන්දය තියන්න බය වූ එක් හේතුවක් වූයේ යූ.ඇන්.පී.ය අති විශිෂ්ට ජයක් ලබයි යන බියත්, මහින්ද වෙනම තරග කොට ප්‍රධාන විපක්‍ෂය වෙයි කියන බයත්ය. එසේ වුවහොත් තමන් නායකත්වය දෙන ශ්‍රී ල.නි.ප.ය නන්නත්තාර වේ යැයි ඔහු බිය විය. මේ නිසා ඔහු පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කමිටු දම දමා ඡන්දය කල් දමා ගත්තේය. අන්තිමට පුංචි ඡන්දය පැවැතියේ 2018 දීය. ඊළඟට පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු වුවත් පුංචි ඡන්ද පරාජයෙන් පසු පළාත් සභා ඡන්දය පවත්වන්න යූ.ඇන්.පී.ය බය විය. කොහොමත් ඡන්දවලට බිය වූ මෛත්‍රිත් පළාත් සභා ඡන්දය කල් දැම්මේය.

මේ කතාව මතක් කළේ වෙන හේතුවක් නිසා නොව දකුණේ අති විශාල ජනවරමක් ලැබූ ජනාධිපතිවරයෙක් ඉන්න තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් තියෙන පොදුජන පෙරමුණ පළාත් සභා ඡන්දයට යන්න තියෙන බය දිහා බලන කොටය. 2016 ජුනි වෙන කොට අද රාජපක්‍ෂ ආණ්ඩුව ඉන්නා කාල සීමාවේ සිටි යූ.ඇන්.පී. ආණ්ුව ඡන්දවලට බය වුණේ නැත. යූ.ඇන්.පී.ය මෛත්‍රිට බලපෑම් කරමින් ඡන්දය ඉල්ලූහ. ඡන්දය නොදී කල් දැමුවේ මෛත්‍රිය. තමන්ට ජනාධිපතිවරයෙක්ද නැතිව තම පක්‍ෂයට තනි තුනෙන් දෙකක බලයක්ද නැතිව සිටි යූ.ඇන්.පී. ආණ්ඩුව අවුරුද්දකුත් මාස 5ක් ගතවී සිටියේ ඡන්ද දිනන මූඩ් එකේය. අද ලංකාවේ ඉතිහාසයේ බලයට ආ ශක්තිමත්ම ආණ්ඩුව වන රාජපක්‍ෂ ආණ්ඩුව පළාත් සභා ඡන්දයට යන්න බයය. එදා මෛත්‍රිපාල පුංචි ඡන්දයට යන්න බයේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කතා කළා සේ අද රාජපක්‍ෂ ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනෑ යැයි කියමින් ඡන්දය කල් දමන්න උත්සාහ ගනිමින් සිටී.

‘රාජපක්‍ෂලා ඡන්දවලට බය නැහැ…’

මේ 2005 – 2015 කාලේ මිනිස්සු කී කතාවය. ඇත්තටම මහින්ද 2005 ජනාධිපතිවරණය දින්න දවසේ සිට ඡන්ද තිබ්බේය. 2006 පුංචි ඡන්දය තිබ්බේය. ඡන්දයක් නොතිබ්බේ 2007 දී පමණය. 2008 දී නැඟෙනහිර පළාත් සභා ඡන්දය, උතුරු මැද පළාත් සභා ඡන්දය, සබරගමු පළාත් සභා ඡන්දය තිබ්බේය. 2008 වසරම ගතවූයේ ඡන්දවලටය. 2006 පුංචි ඡන්දය තියා මහින්දගේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ ඉවර කළේය. 2008 නැඟෙනහිර, උතුරු මැද, සබරගමු ඡන්ද තියා යූ.ඇන්.පී.යත් එක්ක එක් වූ මංගල – ශ්‍රීපති කණ්ඩායම ඉවර කළේය. 2009 යුද්ධයේ අවසන් දිනවල මධ්‍යම, බස්නාහිර පළාත් සභා ඡන්ද තිබ්බේය. යූ.ඇන්.පී.ය හොම්බෙන් ගියේය. ඉන්පසු ඌව පළාත් සභා ඡන්දය තිබ්බේය. දකුණු පළාත් සභා ඡන්දය තිබ්බේය. අවසානයේ 2010 ජනධිපතිවරණය සහ මහ මැතිවරණය තිබ්බේය.

2010 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය දින්න මහින්දගේ ආණ්ඩුව 2011 කඩින් කඩ පුංචි ඡන්ද තිබ්බේය. 2012 නැඟෙනහිර පළාත් සභා ඡන්දය, උතුරු මැද පළාත් සභා ඡන්දය, සබරගමු පළාත් සභා ඡන්දය පැවැත්වීය. 2013 දී උතුරු පළාත් සභා ඡන්දය, වයඹ පළාත් සභා ඡන්දය, මධ්‍යම පළාත් සභා ඡන්දය පැවැත්වීය. 2014දී දකුණු පළාත් සභා ඡන්දය සහ ඌව පළාත් සභා ඡන්දය පැවැත්වීය. 2014 ජනාධිපතිවරණයට ගියේ මේ පළාත් සභා ඡන්ද පැවැත්වීමෙන් පසුවය.
මහින්දගේ ආණ්ඩුව මේ පළාත් සභා ඡන්ද පැවැත්වූයේ හරියටම නියමිත දිනටය. සමහර පළාත් සභාවල ඡන්ද කලින් පැවැත්වීය.

‘අපි ඡන්දවලට බය නැහැ. විපක්‍ෂය ඡන්ද තිබ්බාම වෙව්ලනවා…’

මේ ඒ කාලයේ මහින්ද නිතරම කී ජනප්‍රිය කතාවකි.

‘එහෙව් රාජපක්‍ෂලා ඇයි අද ඡන්ද කිව්වාම බය වෙන්නේ..?’

හේතු අනෙකක් නොව රාජපක්‍ෂලාට තරම් හොඳින් ජනතාවගේ හෘද ස්පන්දනය අන් කාටවත් ඇත්තේ නැත. දැන් ඡන්දයකට ගියොත් වෙන දේ අන් කාටත් වඩා හොඳින් රාජපක්‍ෂලාට දැනෙනවා විය යුතුය. රාජපක්‍ෂලා පමණක් නොවේ. වියත් මග ප්‍රබලයෙක් වන ආචාර්ය නාලක ගොඩහේවාටත් ඒ බව දැනිලා තිබේ.

‘ආණ්ඩුවේ ජනප්‍රියත්වය පල්ලම් බැහැලා. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න විසඳා නොගත්තොත් මීළඟ ඡන්දෙ දිනන්න බැහැ…’

මේ ආචාර්ය නාලක ගොඩහේවා කියන කතාවය. ඊළඟට ලංකාවේ දේශපාලනයේ හොඳ ගේම්කාරයෙක් වන ඡන්ද මැෂිම පිළිබඳ විශේෂඥයකු වන එස්. බී. දිසානායකත් මේ ටික තේරුම් ගෙන තිබේ. ඔහු කීවේ පම්පෝරිය විතරයි. ආණ්ඩුවේ කිසි දෙයක් වෙන්නේ නැහැ කියාය. එස්. බී. කියන්නේත් හොඳ දේශපාලන සතෙකි. ආණ්ඩුව ගැන ඔහු මේ කට අරින්නේ ආණ්ඩුව ගැන මිනිස්සු කතා වෙන දේ හොඳට දැනිලා තියෙන නිසාය.

අනෙක දැන් ඉස්සර වගේ නොවේ. ඉස්සර නම් බලයේ ඉන්න ආණ්ඩුවක් පළාත් සභා, පුංචි ඡන්ද පරාජය වන්නේ නැත. පළාත් සභා පරාජය වී ඇතත් පුංචි ඡන්ද නම් පරාජය වී නැත. ඉතිහාසයේ පළමු වරට පුංචි ඡන්දයක් පරාජය වූයේ රනිල්ගේ ආණ්ඩුව 2018 දීය. ඒකට හේතුව දැන් කාලයේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වුණු මිනිස්සු පුංචි ඡන්දය ආණ්ඩුව ලවා ගමේ වැඩක් කරවා ගන්න නොව ආණ්ඩුව සමග ඇති තරහ පිරිමහගන්න යොදාගැනීමය. මෛත්‍රි-රනිල්ගේ ආණ්ඩුව එක්ක නම් මිනිසුන්ට තිබුණේ රට ආණ්ඩු නොකර මෛත්‍රි සහ රනිල් ගහමරා ගැනීමයි. දෙන්නා තරගෙට පිටරට යෑමයි. හොරු අල්ලන්න කියා ඇවිත් මහ බැංකුව මංකොල්ල කෑමයි පිළිබඳ වෛරයකි.

ඒත් මේ ආණ්ඩුව එක්ක පිරිමහ ගන්න වෛර ගොඩක් මිනිසුන්ට තිබේ. ඒ වෛරය එන්නේ දවසට තුන් පාරක් බොන කහට එකේ සිට හොදි මාළු පීරිසි උයාගන්නා තෙල් ටික දක්වාය. මේ වෛරය මිනිස්සු පළාත් සභා ඡන්දයේදී පිට කරයිද කියා ආණ්ඩුව ඉන්නේ දෙගිඩියාවෙන්ය.

‘ඉතින් ආණ්ඩුව ඡන්දයකට බය වෙන එක අහන්නත් දෙයක්ද…?’

හැබැයි මෙහෙම බය වෙලා ආණ්ඩුව තව අවුරුද්දක් දෙකක් මේ විදියට ගියොත් මේ ආණ්ඩුවට වෙන්නේත් මෛත්‍රි – රනිල් ආණ්ඩුවට වෙච්ච දෙයමය. මෛත්‍රි පුංචි ඡන්දයට බය වෙලා ඡන්දය කල් දමලා ඡන්දයට ගියේ බැඳුම්කර කොමිසමෙන් යූ.ඇන්.පී.ය හතර ගාතේ වට්ටලාය. එතකොට යූ.ඇන්.පී.යත් හිටියේ පාන් කියාගන්න බැරිවය. මුලින් යූ.ඇන්.පී.යත් බය නැතිව ඡන්දයකට යන්න දත් මැදගෙන සිටියත් බැඳුම්කර කොමිසමෙන් පසු යූ.ඇන්.පී.යත් ඡන්දෙට බය විය. 2018 ඡන්දෙට ගියේ එහෙම බය වෙලාය. ඡන්දයෙන් යූ.ඇන්.පී.යයි මෛත්‍රියි දෙගොල්ලොම ඉවර විය. රාජපක්‍ෂලා රජ ගෙදර දොර ළඟටම ගියහ. ඉන්පසු මෛත්‍රිටත් රනිල්ගේ යූ.ඇන්.පී.යටත් හැදෙන්න වෙලාවක් නොවීය. 2019 ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණි. 2018 පුංචි ඡන්දයට පසු මෛත්‍රි සහ රනිල් ගියේ පල්ලමටය. රාජපක්‍ෂලා ගියේ මුදුනටය.

‘ඡන්දෙට බය වෙවී ඉඳල ජනාධිපතිවරණයට වසරක් තියෙද්දී පළාත් සභා, පුංචි ඡන්ද තියන්න ගිහින් මේ ආණ්ඩුවත් ඒ පරිප්පුවම කයිද..?’

කියන්න දන්නේ නැත. හැබැයි මෛත්‍රි – රනිල් ආණ්ඩුව පල්ලම් බහින්න පටන් ගත්තේ 2018 පුංචි ඡන්දය පරාජය වීමෙන් පසුවය. මේ ආණ්ඩුව පල්ලම් බහින්න පටන්ගෙන තියෙන්නේ ඡන්දයකින් පරාජය වෙලාත් නැතිවය. ඛේදවාචකය එයය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රහස් පොලිස් අධ්‍යක්ෂට හදිසි මාරුවක්

Next Post

මැරිලා මෝචරියට යවපු මීගමුවේ ධීවරයාට එක පාරටම පණ ඇවිත්

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.