රුපියල් කෝටිකයට අධික වටිනාකමින් යුත් කිලෝ එකහමාරක් බර රන් ආභාරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී ශ‍්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය අද (04 පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය මහතා පවසයි.
ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක පාර්සල් තුනක තිබී සොයාගත් මෙම රන් ආභරණ තොගය රුපියල් ලක්‍ෂ 130 කට අධික වටිනාකමින් යුත් බව රේගුව පවසයි.
ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය භාවිතා කරමින් සිදුකරගෙන ගිය මහා පරිමාණ රත්තරන් ජාවාරම පිළිබ`දව රේගු දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මක කරන පරීක්‍ෂණ අතරතුරදී මෙම රන් ආභරණ තොගය සොයාගෙන තිබේ.
ඊයේ දිනයේදීද කෝටි 22ක රත්තරන් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.










