• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොස් මළ බව පෙන්වන්න සේවකයකු මරා ටයරයක් මත දමා පුච්චලා

April 4, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
බොස් මළ බව පෙන්වන්න සේවකයකු මරා ටයරයක් මත දමා පුච්චලා
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල – මීගමුව මාර්ගයේ ගල්වල ප්‍රදේශයේ දී කුලී නිවසක මිදුලේ ටයර්යක් මත දමා ගිනි තැබූ පුද්ගලයෙකුගේ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

දැඩි ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම මාර්ගය තුළ මෙවන් සිදුවීමක් වීම බොහෝ දෙනා කම්පාවට පත් කරන සිදුවීමක් බවට පත්ව තිබුණු අතර මෙම මලියදේව විද්‍යාලය ආසන්නයේ පිහිටි කුලී නිවසක් ඉදිරිපට මෙය සිදුව තිබිණ.

88 – 89 භීෂණ සමයෙන් පසුව පුද්ගලයෙකු මහ මඟ ජනාකීර්ණ ප්‍රදේශයක මෙලෙස ගිනි තබා මරා තැබූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සඳහන් වෙයි.

වාහම කුරුණෑගල පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එම ස්ථානය වෙත ගොස් තිබුණද එම අවස්ථාවේ සිරුර හඳුනාගත නොහැකි ලෙස දැඩිව පිළිස්සී තිබුණු අතර එය කාන්තාවකගේ ද පිරිමි පුද්ගලයකුගේද යන්න සොයා ගත නොහැකි අයුරින් දැවී ගොස් තිබූ බව සඳහන් වෙයි.

පොලීසියට මෙවන් ජනාකීර්ණ ප්‍රදේශයක පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර තිබීම ගැටලුකාරී දෙයක් බවට පත්ව තිබූ අතර මෙය ඝාතනයක් ද, නැතිනම් වෙනත් අයුරකින් සිදු වූවාද යන්න පිළිබඳව සෙවීම ආරම්භ කර තිබුණි.

මෙහිදී පොලීසිය විසින් අදාළ සිදුවීම වූ කුලී නිවසේ සිටි අය ගැන සොයා බලා ඇති අතර එහිදී එක් දෙමළ තරුණයෙකු හා තවත් පුද්ගලයෙකු සිටි බවත්, දෙමළ තරුණයා හැර අනිත් පුද්ගලයා ඒ වන විටත් අතුරුදහන් වී ඇති බවත් සොයා ගැනීමට හැකිව ඇත.

සිදුවීම සැක පිට දෙමළ තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශද ලබා ගෙන තිබුණි. ඔහු විසින් පොලීසිය වෙත පවසා තිබුණේ අදාළ අතුරුදන්ව සිටියේ තමන්ගේ බොස් බවත්, ඔහු රාත්‍රී කාලයේ තමන් සමඟ කුලී නිවසේ රැඳී සිටි බවත්, ඔහු උදෑසන බලද්දී බොස් නොසිටි බවත්ය, එමෙන්ම ඔහු ගිනි තබාගත්තාද යන්න තමන් දැන නොසිටි බවද පොලීසිය ඉදිරියේ දෙමළ තරුණයා ප්‍රකාශ කර තිබුණි.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

අතුරුදහන් වූ තරුණයා පිළිබඳව සෙවීමේ දී ඔහු ආයතන කිහිපයකට ආහාර සැපයීමේ කොන්ත්‍රාතුවක් කරගෙන ගොස් තිබුණු බවට සඳහන් වන අතර අත්අඩංගුවට ගැනුණු දෙමළ තරුණායද ඔහු යටතේ සේවය කර තිබුණි.

පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී තිබුණේ ඔහු තවත් පුද්ගලයෙකුගෙන් ණයට මුදල් දිගින් දිගටම ලබාගෙන ඇති බවත් ඒවා ගෙවා ගත නොහැකිව අසරණ වී පසුව සියදිවි නසා ගැනීමේ අරමුණීන් මෙලෙස ගිනි තබාගන්නට ඇති බවයි.

කෙසේ වෙතත් ගල්ගමුව ප්‍රදේශයේ දී තවත් තරුණයෙකු අතුරුදහන් වූ පැමිණිල්ලක් පොලීසියට වාර්තා විමත් සමඟ සියදිවි නසා ගත්තා යන නිගමනය සම්පුර්ණයෙන් වෙනස් දිශාවකට යොමුව තිබුණි.

මෙලෙස ගල්ගමුව ප්‍රදේශයේ දී අතුරුදහන් වූ තරුණයාද ගිනි තබාගත්තා යැයි සැක කරන තරුණයා සමඟ එකට සේවය කළ පුද්ගලයෙකු බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබුණි.

සිරුර ගැන සැකය මෙම සිදුවීම තුළින් මතු වීම නිසා අධිකරණයේ අවසරය මත කුරුණෑගල පොලීසිය විසින් අදාළ සිරුරේ DNA පරික්ෂාවක් සිදු කරනු ලැබීය.

මේ සඳහා මුලදි පිළිස්සී ගියා යැයි සැක කළ කොන්ත්‍රාත්කරුගේ බිරිඳගෙන් සහ ගල්ගමුවේ අතුරුදහන් වූ තරුණයාගේ මවගෙන් DNA සාම්පල් ලබාගෙන ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ සිරුර ගල්ගමුවේ දී අතුරුදහන් වූ තරුණයාගේ බවත්, මුලදී සැක පළ කළ ආහාර සැපයුම් සිදු කරන කොන්ත්‍රාත්කරුගේ නොවන බවත්ය.

ඒ අනුව පොලීසිය විසින් සැක පළ කර ඇත්තේ ආහාර සැපයුම් කොන්ත්‍රාත්කරු වන බණ්ඩාරනායක මුදියන්සේලාගේ ජයරුවන් නැමති 34 හැවිරිදි සැකකරු විසින් තමාට ණය ගෙවා ගත නොහැකි වීම නිසා සියදිවි නසා ගත්තා යැයි පෙන්වීමට ගල්ගමුවේ තරුණයා ඝාතනය කොට ටයර් මත දමා ගිනි තබන්නට ඇති බවයි.

මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු මේ වන විට ඔහුට අයත් මොනරාගල, ඇතිමලේ ගැමුණුපුර ප්‍රදේශයේ නිවසින්ද, අනුරාධපුරයේ ශ්‍රාවස්තිපුර නිවසින්ද අතුරුදහන්ව සිටින බවද පොලීසිය සඳහන් කර තිබේ.

සැකකරු සොයා පුළුල් පරික්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති අතර පරික්ෂණය මෙහෙය වන කුරුණෑගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්පලාල් මහතා ජාතික පුවත්පතක් වෙත පවසා තිබුණේ “වැඩි දවසක් නොගිහින් අපි මේ සැකකරු අත්අඩංගුවට ගන්නවා. අපරාධයක් කරලා බේරෙන්න බැරි බව මෙවැනි අපරාධ කරන්න සුදානම් වන පුද්ගලයන් තේරුම් ගත යුතුයි” ලෙසිනි.

SendShareShare
Previous Post

පළාත් සභා තියන්න: හාමුදුරුවන්ට එරෙහිව හාමුදුරුවෝ පාරට බසිති

Next Post

කාදිනල් හිමි මෛත්‍රිපාලගේ රෙදි ගලවයි: ආයෙ ජන්දෙ ඉල්ලනවලු: රෙදි ඇදගෙනද කතා කරන්නේ: ගෙදර ගිහින් වැඩක් බලාගන්න (VIDEO)

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.