රටට නව ව්‍යවස්ථාවක් හදුන්වා දෙන බව කියමින් වත්මන් රජය බලයට පත්වුවද මෙම රජය නව ව්‍යවස්ථාවක් රට හමුවේ නොතබන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අවම වශයෙන් ඒ සදහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය වත්මන් ආණ්ඩුවට නොමැති බවකි.
නව ව්‍යවස්ථාවක් රටට හදුන්වා දෙන්නේ නම් ආණ්ඩුව බලයට පත්වී මාස 4ක් ඇතුළත ව්‍යවස්ථා කෙටුම්පතක් හදුන්වා දිය යුතු නමුත් දැන් ආණ්ඩුව පත්වී මාස 14ක් ඉක්ම ගොස් තිබුණද ආණ්ඩුව නව කෙටුම්පතක් හදුන්වා දී නොමැති බවද විජයදාස රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.











