මෙරට ජනතාවගෙන් 923,000කට පමණ දැනට ලබා දී ඇති ඔක්ස්ෆර්ඩ් අස්ට‍්‍රසෙනිකා එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා දීම ගැටලුවක් වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
ඉන්දියාවේ සීරම් ආයතනය විසින්එම එන්නත අපනයනය කිරීම නවතා දැමීම මේ සදහා හේතු වී තිබේ.
ලංකාවට මෙම එන්නත් මාත්‍රා 1,264,000 ලැබී තිබූ අතර ඉන් පලමු මාත‍්‍රා කොටස සදහා පුද්ගලයන් 923,000කට එන්නත් කර ඇත.
ඒ අනුව දැනට ඉතිරිවී ඇති මාත්‍රා ප්‍රමාණයක් 340,000ක් පමණය.
මේ තත්ත්වය මත ඉතිරි එන්නත් මාත්‍රාවන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්ෂක අංශ වෙත ලබාදීමට නියමිතය.
ඇතිව තිබෙන තත්වය මත එන්නත් මුල් මාත‍්‍රාව ලබා ගත් හය ලක්ෂයක පමණ පිරිසකට දෙවන මාත්‍රාව ප්‍රමාද වීමේ තත්වයක් මතු වී තිබේ.
කෙසේවෙතත් දෙවන එන්නත අප්‍රේල් මස ලබා දීම ආරම්භ කළ යුතුව තිබේ.










