මදුරුවා කියන්නේ කරදරකාරී සතෙක් රාත්‍රී නින්දට බාධා කරන මේ කුඩා සතා නිසා බොහෝ දෙනා අපහසුතාවයට පත් වනවා. මේ පුංචි මදුරුවාගෙන් බේරෙන්නට විවිධ උපක්‍රම භාවිතා කරන කරනවා. මදුරු දැල්, මුරු දගර වේෆරයිසර් ආදිය භාවිතා කිරිම සිදු කරනු ලබනවා.
මේවා අතරින් බොහෝ දෙනකේ මදුරු දඟර භාවිතා කිරිමට පුරුු වේලා තිබෙනවා. එයින පැමිණෙන දූමයට කරදරකාරි මදුරුවන් අකමැති නිසා ඔවුන් නිවසේ තැන් තැන් වල මදුරු දඟර කිහිපයක් පත්තු කර තැබීමට සමහර අය කටයුතු කරනවා. මේ නිසා වර්ථමානයේ මදුරු දඟර අවශ්‍යම දේයක් බවට පත් වි තිබේනවා.
නමුත් මදුරු දඟරයෙන් එන දූම සමහර අයට අපහසුතාවයක් ඇති කරන අවස්ථාද තිබෙනවා. අපේ රටේ විවිධ නාමවලින් මදුරු දඟර වෙළදපොලේ පවතනිනවා. නමුත් මේ කියන්නට යන්නේ අපේ රටේ කාන්තාවක් විසින් නිර්මාණය කරන ලද පරිසර හිතකාමී විස රහිත මදුරු දඟරයක් නිෂ්පාදනයක් පිළිබදවයි.
ඇය මහනුවර ප්‍රදේශයේ පදිංචි අරුණා ශාන්ති වේ.ඇය විසින් නිපදවන මේ මදුරු දඟරයේ ඇති විශේෂත්වය වන්නේ මෙය නිපද වීම සදහා යොදා ගෙන ඇත්තේ දේශීය ශාක සාරවලින් සදා ගනු ලබන දේශීය ඖෂධීය තෙල් වර්ග වේ. මෙම පරසර හිතකාමී මදුර දඟරය පත්තු කළ විට මෙයින් පිටවන දුම පැඟිරි සුවදින් යුතු දුමක් වේ.
මේ නිසා මෙයනි පිට වන දුම අනෙකුත් මදුර දඟර වල ඇති දුම මෙන් සැර ගතියෙන් බොහෝ අඩු වේ. මෙයින් නිකුත් වෙන්නේ සෞම්‍ය සුවඳක් වේ.මෙම පරිසර හිතකාමී මදුරු දඟරය නිෂ්පාදනය සදහා යොදා ගෙන ඇත්තේ ලී කුඩු, පට්ටකුඩු, කොහොඹ, පැඟිරි, කුරුඳු, සේර මෙන්ම අපි ආහාරයට ගන්න ශාක වර්ග හයක විතර කුඩු කරලා මෙයට එකතු කර තිබෙනවා. මේ මදුරු දගරය පැය 10 ක් පත්තු වෙන ලෙස නිෂ්පාදනය කොට ඇත.
මෙයින් නිකුත් වන දුම නිසා මදුරුවාට කිසිම හානියක් නොවන අතර මදුරුවා පළවා හැරීම පමණක් සිදු කරනු ලබයි. අධික ඉල්ලුමක් පවතින වෙළදපොලේ පවතින මිනිස් ශරිරයටත් අහිතකර මේ මදුරු දඟර වෙනුවට අපේ රටේ නිපදවන පරිසර හිතකාමී මෙවන් නිෂ්පාදන සදහා මහජනතාව අතර ප්‍රසිද්ධියට පත් වන්නේ නම් එය සියලු දෙනාටම වටිනා නිෂ්පාදනයක් මෙන්ම අපේ රටේ ව්‍යවසායකයන්ට තව තවත් දිරිමත් කිරිම සදහාද උපකාරි වේ.











