සහරාන් තවත් පුද්ගලයින් පිරිසක් සමඟ ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයාද ඇතුළුව අන්තවාදය පැතිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අන්තවාදය වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ පැතිර වූ බවට පුද්ගලයින් දෙදෙනෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැල්ලම්පිටිය සහ තිහාරිය යන ප්‍රදේශවල පදංචිකරුවන් දෙදෙනෙකි.
තිහාරිය ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයා සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කළ මොහොමඩ් අසාද් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු බව අනාවරණ වී ඇත.
පාස්කු ප්‍රහාරයට පෙර දින මරාගෙන මැරෙන බෝම්බකරුවන් දිවුරුම් දෙන වීඩියෝව රූගත කර ඇත්තේද තිහාරිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා බවද හෙළිවී තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව සැක පළවුණේ ප්‍රහාරයට පෙර දින කොළඹ සිට ඉස්ලාමීය අන්තවාදී ධජය ඇතුළු තාක්ෂණික උපකරණ සයින්දමරුදු ආරක්ෂක නිවස්නය වෙත ගෙන ගොස් තිබුණේ මෙම පුද්ගලයා බවටය.
මේ අතර අන්තවාදී දේශන පැවැත්වීම සඳහා සහරාන් හෂීම්ට පහසුකම් සැපයූ බව පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකුද මුතූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.










