• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහරාජා අතින් ‌මේ මිනිසා ඉවර විය යුතුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 21, 2019
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 1 min read
A A
මහරාජා අතින් ‌මේ මිනිසා ඉවර විය යුතුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

“1959 බුද්ධරක්ඛිත හාමුදුරුවන්ට ටී.වී. එකක් තිබුණා නම් බණ්ඩාරනායක අදත් ජීවතුන් අතර….”
මේ පට්ට යූ.ඇන්.පී.කාරයෙක් පසුගියදා කී කතාවක්ය.
“ඇයි ඒ…. ඒක මාර කතාවක්නේ…?”
අනෙකා ඔහුගෙන් ඇහුවේය.
“ඇයි ඉතින් යූ.ඇන්.පී.ය. කන්ට්‍රෝල් එකට ගන්න මහරාජාගේ ටී.වී.එක රනිල්ට ගහනවා වගේ බුද්ධරක්ඛිතව බණ්ඩාරනායකගේ ආණ්ඩුව කන්ට්‍රෝල් එකට ගන්න බණ්ඩාරනායකට ගහන්න තිබුණා…” ඔහු කීවෙ උපහාසයෙනි. කතාව ඇත්තය. මහරාජා යූ.ඇන්.පී.ය ග්‍රහණයට ගන්න උත්සාහ ගත්තේ අද ඊයේ නොවේ.කලක සිටය. ඔහුට යූ.ඇන්.පී.ය ග්‍රහණයට ගන්න ඕනෑ වී තිබෙන්නේ යූ.ඇන්.පී.ය දිනවන්න හෝ ආණ්ඩු හදන්න නොව යූ.ඇන්.පී.ය සාක්කුවේ දමාගෙන රාජපක්ෂලාත් එක්ක ගනුදෙනු කරන්නටය. රාජපක්ෂලා සමඟ ඉන්න ඔහුගේ නියෝජිතයා මිලින්ද මොරගොඩය. සිරස වෙසක් කලාපය විවෘත කරන්න ගෝඨාභය රාජපක්ෂව ගෙන ආවේ මිලින්දය. ගෝඨාභයට ඇමෙරිකානු පුරවැසිකම ඉවත්කර ගන්න උදව් කළේ මිලින්දය. 2011 කොළඹ නගර සභා මැතිවරණයට ගෝඨාභය මිලින්දව දැම්මේ මහරාජා සිරස මාධ්‍ය ජාලයෙන් මිලින්දව දිනවා දෙන බවට දුන් පොරොන්දුව මතය. හැබැයි මිලින්ද පරාජය විය. ඒත් ගෝඨාභය මිලින්දව අතහැරයේ නැත. හේතුව තමා අපේක්ෂකයා වුණොත් සුළු ජාතික ඡන්ද නොලැබෙන නිසා යූ.ඇන්.පී.ය දෙකඩ කර සිංහල ඡන්දවලින් ජනාධිපති වෙන්න නම් මහරාජාගේ සේවය අවශ්‍ය වන නිසාය. ඒ වැඬේ මහරාජා ලව්වා කරගන්න ඔහුට මිලින්ද අවශ්‍යය.
ලංකාවේ ඉතිහාසයේ කවදාවත් ජනාධිපතිවරණයක් ආසන්නයේ පක්ෂයක් තුළ අද යූ.ඇන්.පී.යේ තිබෙනවා වගේ අර්බුදයක් හටගෙන නැත. මේ අර්බුදය ඇති කළේ මහරාජාය. ඒ මෛත්‍රිපාලව ප්‍රයෝජනයට ගනිමින්ය. මෛත්‍රිපාල රනිල් එක්ක පැටලුනේ නැතිනම් 2019 එජාප ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාලය. ඒකේ සැකයක් නැත. මහරාජා මෛත්‍රිපාලට කරුණාවක් තිබේ නම් උපදෙස් දිය යුතුව තිබුණේ රනිල් එක්ක ගමන යන්න කියාය. මෛත්‍රි රනිල් එක්ක ගමන ගියා නම් එක්කෝ අද එජාප ජනාධිපති අපේක්ෂකය. නැතිනම් අගමැති අපේක්ෂකය. මහරාජාට මෛත්‍රිව ගොඩදමන්න වුවමනා වූයේ නැත. ඔහු මෛත්‍රිව පාවිච්චි කළේ යූ.ඇන්.පී.ය ග්‍රහණයට ගන්නටය. ඒකට ඔහු මෛත්‍රිව සහ රනිල්ව හප්පන්න වැඩ කළේය. මහරාජාගේ හීනය වූයේ කෙසේ හෝ මෛත්‍රි ලව්වා රනිල්ව අත්අඩංගුවට ගෙන යූ.ඇන්.පී.ය තම පාලනයට ගැනීමය. මෛත්‍රි බැඳුම්කර කොමිසම දැම්මෙ ඒකටය. මෛත්‍රි හිතුවේ රනිල් කොමිසමට සාක්ෂි දෙන්න නොයයි කියලාය.
“රනිල් කොමිසමට යන්න බැහැ කියනවා. රනිල්ව අත්අඩංගුවට ගන්නවා. අගමැති ධුරයයි පක්ෂ නායකත්වයයි සජිත්ට දෙනවා…”
මේ මහරාජා ඇඳගෙන හිටිය ප්ලෑන් එකය. ඒක වැඩ කළේ නැත. රනිල් කොමිසමට ගියේය. ප්‍රශ්නවලට උත්තර දුන්නේය. කොමිසමේ වාර්තාව නිකුත් විය. රනිල්ව නිදොස් කොට නිදහස් කෙරිණි. ඊට පස්සේ මහරාජා සහ මෛත්‍රි සැලසුම් කළේ විශ්වාසභංගයක් ගෙනැවිත් රනිල් පරාජය කොට අගමැති ධුරයයි, පක්ෂ නායකත්වයයි රනිල්ට අහිමි කොට යූ.ඇන්.පී.ය යටත් කරගන්නටය. රනිල් විශ්වාසභංගය දින්නේය. ඉන් පසු මහරාජා මෛත්‍රිට දුන්න ලණුව මෛත්‍රිව ඝාතනය කරන්න රනිල් කුමන්ත්‍රණය කරනවා කියා රනිල්ව අත්අඩංගුවට ගන්නටය. මේ ඝාතන කුමන්ත්‍රණයට මධුෂ්වත් පටලවා රනිල් අත්අඩංගුවට ගෙන යූ.ඇන්.පී.ය ඩැහැගන්න සැලසුම් කළත් පාස්කු බෝම්බයෙන් එය වැළකුනි. 2018 ඔක්තෝබර මහ රෑක මෛත්‍රි මහින්දව අගමැති කළේත් මහරාජාගේ ලණුවක් කාලාය. මහරාජා උපදෙස් දුන්නේ රනිල්ට අගමැති ධුරය අහිමි වූ විගස තමාට යූ.ඇන්.පී. නායකත්වය වෙනස් කොට යූ.ඇන්.පී.යේ බලය අල්ලන්න පුළුවන් කියාය. එයද අසාර්ථක විය. රනිල් යළි අගමැති වූයේ මෛත්‍රිපාල ලැජ්ජාවට පත් කරමින්ය.
දැන් පසුගියදා යළිත් සබීතාගේ බිල්ඩිම කුලියට ගැනීම ගැන අහන්න රනිල් දෙවරක්ම ජනාධිපති කොමිසමට ගියේය. මෛත්‍රි සහ මහරාජා හිතන්න ඇත්තේ මේ පාර නම් රනිල් කොටුවෙයි කියා විය යුතුය.
කොමිසම්වලට යෑම රනිල්ට අලුත් දෙයක් නොවේ.රනිල්ව අත්අඩංගුවට ගන්න පළමු කොමිසම දැම්මේ චන්ද්‍රිකාය. ඒ බටලන්ද කොමිසමය. චන්ද්‍රිකා එකල ඇයගේ අගසව්වන් වූ එස්.බී. සහ මංගල එක්ක සැලසුම් කළේ රනිල්ව අත්අඩංගුවට ගෙන යූ.ඇන්.පී.ය විනාශ කරන්නටය. රනිල් බටලන්ද කොමිසමට ගියේය. ප්‍රශ්නවලට කෙළින් උත්තර දුන්නේය. කොමිසම් වාර්තාව රනිල්ව නිදොස් කළේ චන්ද්‍රිකාව ලැජ්ජාවට පත්කරමිනි.
එදා රනිල්ව අත්අඩංගුවට ගෙන යූ.ඇන්.පී.ය විනාශ කරන කුමන්ත්‍රණයේ පස්දෙනෙක් සිටියහ. එක් අයෙක් චන්ද්‍රිකාය. අනෙකා එස්.බී.ය. තෙවැන්නා එවකට නීතිපති සරත් සිල්වාය. හතරවැන්නා අධිකරණ ඇමැති ජී.එල්. පීරිස්ය. මේ කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු වැඩි කලක් ගියේ නැත. එස්.බී. සහ ජී.එල්. චන්ද්‍රිකාව පන්නන්න කියා රනිල් ළඟට දිව ආහ. රනිල් තරහ මරහ අමතක කොට එස්.බී.ට ජාතික සංවිධායකකම දුන්නේය. ජී.එල්.ට ප්‍රබල ඇමැති ධුරයක් දුන්නේය. 2004දී රනිල්ගේ ඒ ආණ්ඩුව වැට්ටුවේ චන්ද්‍රිකා, මංගල සහ ජවිපෙය. වැඩි කලක් ගියේ නැත. මංගල සහ චන්ද්‍රිකා මහින්දව එලවන්න ඕනෑ කියා රනිල් ළඟට දිව ආහ. 2008 දී සරත් සිල්වාත් රනිල් සොයා ආවේය.රනිල් මංගල යූ.ඇන්.පී.යේ ඉහළම තැනකට ගෙනාවා පමණක් නොව අගමැති ධුරයට නොදෙවැනි මුදල් ඇමැති ධුරයද දුන්නේය. මංගල චන්ද්‍රිකාව සහ මහින්දව ජනාධිපති කරන්න දරදිය ඇද්දත් ඒ දෙන්නාම මංගලට මෙවැනි ප්‍රබල ඇමැති ධුරයක් දී නැත.
තමාව විනාශ කරන්න තමාව හිරේට ගන්න කුමන්ත්‍රණය කළ අය තමාගේ පිහිට ඉල්ලා එන විට රනිල් ඔවුන්ට පිහිට වුවත් ඔවුහු පසු කාලයක යළි රනිල්ට එරෙහිව කැරැලි ගැසූහ. ඒ තමන්ට ශ්‍රීලනිපය සුරක්ෂිතයි කියා හිතුනාමය. 2006දී ජී.එල්. රනිල්ට එරෙහිව කැරැලි ගසා යූ.ඇන්.පී.ය කඩාගෙන ගියේය. 2009 දී එස්.බී. නායකත්වය ඉල්ලා රනිල්ට එරෙහිව කැරැලි ගැසුවේය. ඔහුත් මන්ත්‍රී පිරිසක් රැගෙන ගියේය. හැමෝම ශ්‍රීලනිපය තුළ තමන් කොන් වූ විට යූ.ඇන්.පී.ය අම්බලමක් කරගත්හ. දැන් මංගලද රනිල්ට එරෙහිව කැරැල්ලක් ගසා ඇත.
මේ කැරැල්ලේදී රාජපක්ෂලාට විශේෂයෙන් ගෝඨාභයට කඬේ යන මාධ්‍ය සියල්ල පුවත් මවන්නේ සජිත් වෙනුවෙන්ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රනිල් ඉදිරිපත් කළ යෝජනාව ඉවත් කරගැනීම සම්බන්ධයෙන් එම මාධ්‍ය පුවත් පළ කළේ එය රනිල්ගේ පරාජයක් ලෙසය. ඔවුන් ඉස්සුවේ සජිත්, හකීම්, හරීන්ගේ ප්‍රකාශයය. මෙයින් පේන්නේ මහරාජාගේ කැරැල්ලේ මුදුන් මුල ඇත්තේ රාජපක්ෂලාගේ මැදමුලන මහගෙදර කියන එකය.
රනිල්ට එරෙහිව කැරැලි ගහන්න මංගලලාව පොළඹවා ගත්තේ මෛත්‍රි සහ මහරාජාය. දෙන්නාම හිතන්නේ මේ පාර නම් රනිල් ඉවරයි කියලාය. ගෝඨාභය බලාගෙන ඉන්නේ මහරාජා රනිල්ව එලවලා යූ.ඇන්.පී.ය කඩල දෙන තෙක්ය. මේ කැරැල්ලට මහරාජාගේ සිරස ටෝක් ෂෝ නිෂ්පාදනය කළ මැති ඇමැතිවරු පිරිසක්ද එක්ව සිටිති. රෑට රෑට හොරෙන් මහින්ද එක්ක ඩීල් දමන ගෝඨාට සුබපතන රාවුෆ් හකීම් සහ ඩලස් අලහප්පෙරුමගේ ගෝලයා විසින් අමාත්‍යාංශ මෙහෙයවද්දී නිහඬව සිටින මනෝ ගනේෂන්ද මහරාජාගේ රූකඩ සේ නටයි. 2015 මෛත්‍රිව දිනවන්න හකීම් ආවේ රිෂාඞ් ආවාට පසුව බව බොහෝ දෙනාට අද අමතකව ඇත. හකීම් එතෙක් හිටියේ රාජපක්ෂ තුරුළේය.
“රනිල් මේ පාර ඉවර වෙයිද….?”
රනිල් 2010 මහ මැතිවරණ ප්‍රතිඵල එන විට මහරාජාගේ ගෝලයා ශ්‍රී රංගාගේ පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දුන්නා නම් අද රනිල්ගේ ආරක්ෂකයා මහරාජාය. මුලින් මහරාජා සමග මිත්‍රව සිට රනිල් පසුව තේරුම් ගත්තේ මහරාජාට රනිල්ව රූකඩයක් සේ තියාගෙන යූ.ඇන්.පී.ය මෙහෙයවන්න ඕනෑ බවය. තමන් මහරාජාට යටත් නොවන බව රනිල් පෙන්නුවේ 2010දීය. මහරාජා රනිල්ව ඉවර කරන්න සිතියම් ඇන්දේ එදා පටන්ය. 2010 සිට 2019 දක්වා වසර 9ක් රනිල් මහරාජාව පරාජය කළේය. එයින් දුෂ්කරතම කාලය මහරාජා මෛත්‍රිගේ විධායක බලය පාවිච්චි කොට රනිල්වත් යූ.ඇන්.පී.යත් විනාශ කරන්න උත්සාහ කළ කාලයය.
බුද්ධරක්ඛිත හිමි බණ්ඩාරනායකව බලයට ගේන විට රනිල් පාසල් යන ශිෂ්‍යයෙකි. හැබැයි බණ්ඩාරනායක ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමැතිකම් ගන්න බුද්ධරක්ඛිත හිමිගේ පන්සල පාරේ පෝලිම් ගැසී සිටි හැටි, බණ්ඩාරනායක ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල තනතුරු ගන්න, බිස්නස් කරගන්න, ශ්‍රීලනිපයේ සංවිධායකකම් ගන්න පන්සල වටේ කැරකි කැරකි සිටි බලවතුන් ගැන රනිල්ගේ පියා සහ මාමා ජේ.ආර්. රනිල්ට පසු කලෙක කියා දෙන්නට ඇත.
“යූ.ඇන්.පී.යට නම් කවදාවත් එහෙම ඉරණමක් අත්කර දෙන්න එපා….”
රනිල්ගේ මාමා ජේ.ආර්. සහ පියා එස්මන්ඞ් ඔහුට කියා දෙන්න ඇත. රනිල් මහරාජාට අභියෝග කරන්නේ ඒ වචනය ඔළුවේ තියාගෙනද කියන්න දන්නේ නැත. රනිල්ව ඒ සටනින් තනිකොට පළායෑම යූ.ඇන්.පී.කාරයන්ට තරම් නොවේ. රනිල්ගේ දේශපාලනය ඉවර විය යුතුය. හැබැයි ඒ මහරාජාගේ අතින් නම් නොවේ.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉදිරි සතිය ඔබට මොකද වෙන්නෙ

Next Post

මහින්දයි-ගෝඨයි TNA එක හමුවෙයි

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.