• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

අලුත් පාරේ සිරි විඳිමු සිංහරාජේ

April 1, 2021
in Holiday
Reading Time: 2 mins read
A A
අලුත් පාරේ සිරි විඳිමු සිංහරාජේ
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල සිංහරාජ වනාන්තරය පිළිබඳව වෙන කවදාවත් තිබුණේ නැති තරම් උනන්දුවක් හැම දෙනා තුළම ඇති වෙලා තියෙනවා. ඒකට බලපාල තියෙන හේතු සාධක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

සිංහරාජය කියන්නේ අපේ රටේ පරිසර පද්ධතියේ හදවත කියලා කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. ඒ තරමටම සිංහරාජයෙන් අපිට ලැබෙන ප්‍රයෝජන අති විශාලයි.
සිංහරාජයේ සංචාරය කරන එකත් ලංකාවේ වෙනත් ජාතික වනෝද්‍යානයක සංචාරය කරනවනට වැඩිය වෙනස් වැඩක්. සාමාන්‍යයෙන් යාල, උඩවලව වගේ ජාතික වනෝද්‍යානවල සංචාරය කරන්නේ වාහනවල. නමුත් සිංහරාජය තුළ සංචාරය සම්පූර්ණයෙන්ම කරන්න වෙන්නේ පයින්. ඒ හින්දා ඒක හිතන තරම් ලේසි පහසු සංචාරයක් නෙවෙයි.

සිංහරාජය වැසි වනාන්තරයට පිවිසෙන්න පිවිසුම් කිහිපයක්ම තියෙනවා. ඒක බොහෝ දෙනෙක් දන්න කාරණාවක්. ඒ අතරින් කලවාන, වැද්දාගල පිවිසුම තමයි බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ. සිංහරාජ පිවිසුම අසළටම වාහනයකින් පහසුවෙන් ගමන් කළ හැකි වීම තමයි ඊට හේතුව.

ඊට අමතරව සිංහරාජයට පිවිසිය හැකි තවත් මාර්ග කිහිපයක්ම තියෙනවා. නෙළුව, ලංකාගම පිවිසුම ඒ අතරින් එකක්. සිංහරාජ මායිමේ පිහිටි ලංකාගම සිට නෙළුවට වැටී ඇති මාර්ගය පිළිසකර කිරීමත් පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නා. ඒ මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් තවමත් විවිධාකාරයේ විවේචන එල්ල වෙනවා. ඒක වෙනම කතාවක්. ඒත් නෙළුව, ලංකාගම මාර්ගය පිළිසකර කිරීම හින්දා වර්තමානයේදී ලංකාගම පිවිසුමෙන් සිංහරාජයට ඇතුළු වීම තවත් පහසු වෙලා තියෙනවා. සංචාරකයෙකු විදියට ඒක සුබවාදි කාරණාවක් විදියටයි මට නම් පේන්නේ. හැබැයි ඒ මාර්ගයේ ඉදිකිරීම තව ටිකක් විදිමත්ව සිදු කළා නම් හොඳයි කියන එකත් මෙහිදී සඳහන් කළ යුතුමයි.

අතීතයේදී මේ මාර්ගයේ සාමාන්‍ය වාහනයක් ගමන් කරන එක ඉතාම දුෂ්කර වැඩක්. ඒ හින්දා ලංකාගම පිවිසුම භාවිතා කරන්න බොහෝ දෙනා උනන්දු වුණේ නැහැ. නමුත් මාර්ගයේ පිළිසකර කිරීම් හින්දා ඕනෑම වර්ගයේ කාර් රථයක වුණත් ලංකාගම පිවිසුම අසළට පහසුවෙන් ගමන් කරන්න දැන් පුළුවන්.

නෙළුව සිට ලංකාගමට පිවිසෙන්නත් මාර්ග දෙකක් භාවිතා කරන්න පුළුවන්. එකක් නෙළුව, දූලි ඇල්ල මාර්ගය. අනිත් එක නෙළුව, දෙල්ලව හරහා වැටී ඇති මාර්ගය. ඒත් දෙල්ලව හරහා ගමන් කරන්නේ නම් වෑන් රථයකට යම්තම් සරිලන ප්‍රමාණයේ කුඩා පාලමකින් ගමන් කළ යුතු බවත් මතකයේ තබා ගත යුතුයි.

ලංකාගම පිවිසුමෙන් සිංහරාජයට ඇතුළු වෙන කෙනකුට ඉතාම පහසුවෙන් නැරඹිය හැකි දිය ඇලි කිහිපයක් ඇතුළත් සංචාරක මං පෙතක් සකස් කර තියෙනවා. ඒ මං පෙතේ සම්පූර්ණ දුර කිලෝමීටර් දෙක හමාරක් පමණ වෙනවා. ඒ සඳහා පැය දෙකක පමණ කාලයක් ගත වන බවටයි සැලකෙන්නේ. පවුලේ උදවිය එක්ක ගිහින් සිංහරාජයේ සිරි නරඹන්න සුදුසුම මාර්ගයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

මීට අමතරව ලංකාගම පිවිසුමෙන් ඇතුළු වෙලා සුප්‍රසිද්ධ සිංහගල දක්වා වුණත් ගමන් කරන්න පුළුවන්. ඒත් ඒක කල් තියා සැලසුම් කර ගත යුතු සංකීර්ණ ගමනක්.

ඒ ගමන පසුවට කල් තියලා හැමෝටම ලේසියෙන් යන්න පුළුවන් සිංහරාජයේ දියඇලි නරඹන්න තමයි අද අපි යන්න හදන්නේ. සිංහරාජයට ඇතුළු වෙන්න නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර සහ ටිකට් පතක් මිලදී ගැනීම අනිවාර්යයි. ඒ සඳහා කාර්යාලයක් මේ ලංකාගම පිවිසුමේ පිහිටා තියෙනවා. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බලය පවරා ඇති නිලධාරියෙකුත් මේ ගමනට එකතු කර ගැනීම අනිවාර්යයි. නිසි ලෙස පුහුණුව ලැබූ ගම්වාසීන් තමයි ඒ සඳහා යොදවලා තියෙන්නේ.

සිංහරාජ වනාන්තරය තුළ සැඟවුණු සුන්දර දිය ඇලි පහක් මේ ගමනෙදි ඔබට දැක බලා ගන්න පුළුවන්. කෙටි කාලයකින් එකිනෙකට වෙනස් සුන්දර දියඇලි පහක් එකට නරඹන්න පුළුවන් වෙනත් තැනක් ලංකාවේ තියෙනවද කියලා මට නම් මතක නැහැ. එහෙම බැළුවමත් මේ ගමන හරිම සුවිශේෂී එකක් වෙනවා.

මේ ගමනෙදි අපට මුලින්ම හම්බ වෙන්නේ බ්‍රාහ්මණ ඇල්ල. ලංකාගම පිවිසුම අසළටත් දර්ශණය වෙන බ්‍රාහ්මණ ඇල්ල අසළටම ගිහින් ඒ සුන්දරත්වය විඳ ගැනීමේ අවස්ථාව අපට මේ ගමනෙදි උදා වෙනවා.

බ්‍රාහ්මණ ඇල්ල නැරඹීමෙන් පස්සේ අඩි පාර වැටිලා තියෙන්නේ තරමක කන්දක් මුදුනට. පිවිසුමේ ඉඳලා වැඩිදුරක් ඇවිත් නොතිබුණත් ඒ හරියේ ඉඳලම අපිට සිංහරාජයේ සුවිශේෂී ජෛව විවිධත්වය දැක බලා ගන්න පුළුවන්. නිවර්තන වැසි වනාන්තරයක ඇති වචනයෙන් කිව නොහැකි ඒ සුන්දරත්වය ඕනෑම කෙනකු පුදුම කරවීමට සමත්.

ඌරන් වැටුණු ඇල්ල තමයි මේ ගමනේ ඊළඟ නවාතැන වෙන්නේ. කලින් කිව්වා වගේ තරමක් ඉහළට ගමන් කළ යුතු නිසා මේ ඌරන් වැටුණු ඇල්ල බලන්න යන එක ටිකක් දුෂ්කර වැඩක්. ඒත් ඒ උත්සාහය කොයිතරම් සුන්දර එකක්ද කියලා ඔබට ඒ ගමන අවසානයේදී ඔබට හිතේවි.
ඌරන් වැටුණු ඇල්ල කියන්නේ ඉමක් නැති දිය ඇල්ලක්. එහි පාමුල ඉඳන් බැළුවම කෙළවර කොතනද කියලා හිතා ගන්න බැරි තරමටම ඇල්ල ඈතට පැතිරිලා තියෙනවා.

එතැනින් ටිකක් පහළට බැස්සම තමයි ගල් ඔරුව ඇල්ල දැක ගන්න ලැබෙන්නේ. ස්වභාවිකම ගල් ඔරුවක ආකාරයෙන් සකස් වී තිබීම හින්දා තමයි මේ දිය ඇල්ලට ගල් ඔරුව ඇල්ල කියන නම වැටිලා තියෙන්නේ. ගල් ඔරුව ඇල්ල කියන්නෙත් ඌරන් වැටුණු ඇල්ලෙම පහළ සීමාව කිව්වත් වැරැදි නැහැ.

ආපහු කලින් ගිය මඟ දිගේම පල්ලම් බැහැලා ඇවිත් දිය පහරෙන් එගොඩ වෙලා ගියාම තට්ටු ඇල්ල සහ දූවිලි ඇල්ල දැක බලා ගන්න පුළුවන්. ඒ අතරින් දූවිලි ඇල්ල ඉතාම සුන්දරයි. කඩා හැලෙන ඇල්ල දූවිලි ආකාරයෙන් ඈතට විසිරීම හින්දා තමයි මේ ඇල්ලට දූවිලි කියන නම වැටිලා තියෙන්නේ.

මේ ගමනට එකතු වෙන සංචාරකයන්ට කැමැති නම් තට්ටු ඇල්ල අසළ දිය නාන්නත් පුළුවන්. ඒත් ඒ ගැන කල් තියා මඟ පෙන්වන්නා සමඟ කතා බහ කර ගත යුතු වෙනවා. යන කාලය අනුව ඔහුට ගෙවිය යුතු මුදලත් ටිකක් වැඩි වෙනවා. දිය නාන්න පුළුවන් වුණත් මෙහිදී ඔබට සබන්, ෂැම්පු වැනි කිසිවක් භාවිතා කිරීමට අවසර නැහැ. එයත් හොඳින් මතකයේ තබා ගත යුතුයි.
ගිං ගඟේ ප්‍රධාන ජල මූලාශ්‍රයක් වෙන හැරියාව දොල තමයි මේ දිය ඇලි පහටම දියවර සපයන්නේ. දෙපැත්තකින් ගලා හැලෙන දොල අවසානයේ එකට එකතු වෙන ස්ථානයත් ඔබට මේ ගමනෙදි දැක ගත හැකි සුවිශේෂී ස්ථානයක්. එලෙස එකට එකතු වූ දොළ තමයි අවසානයේ බ්‍රාහ්මණ ඇල්ල නිර්මාණය කරන්නේ. අනෙක් දිය ඇලි සියල්ලටම වැඩිය බ්‍රාහ්මණ ඇල්ලේ වතුර වැඩිපුර ඇත්තේ ඒ නිසයි.

කුඩා දරුවන් සමඟ එක්ව පැය කිහිපයක් ගත කරන්න කැමැති කෙනකුට මේ ගමන ඉතාම හොඳින් ගැලපෙනවා. හැබැයි මේ ගමන යනවා නම් ඇඟ පත පොඩ්ඩක් මහන්සි කරන්න හිත හදා ගෙනම යා යුතු වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ගමන් කළ යුතු නිසා පරිසරයට හානි දායක කිසිවක් කරන්න මේ ගමනෙදි කාටවත් ඉඩක් ලැබෙන්නේ නැහැ.

සිංහරාජය රැක ගැනීම මේ වෙද්දි පරිසරයට ආදරය කරන බොහෝ දෙනාගේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙනවා. ඊට එරෙහිව අදහස් දක්වන කිහිප දෙනෙකුත් දැක ගන්න පුළුවන්. ඒත් ජීවිතේ එක් වරක් හෝ මේ ගමන ගිහින් ආවොත් සිංහරාජ වනාන්තරය කොයි තරම් වැදගත්ද කියන එක ඔබට දැනේවි. දිවි දෙවැනි කොට හෝ මේ වටිනා සම්පත රැක ගත යුතු බවත් ඔබට හොඳින් දැනේවි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කොරෝනා තුන්වන රැල්ල අවුරුදු පොකුරද? නවත්තගන්න අලුත් නීති!

Next Post

වජිර රාජපක්ෂලාගේ ඩීල්කාරයෙක් -මනූෂ හෙළිකරයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.