පුද්ගලයන්ගේ ජංගම දුරකතනවල කැමරාව ඔවුනට හොරෙන් ක‍්‍රියාත්මක කළ හැකි මෘදුකාංගයක් ආණ්ඩුව විසින් ගෙන්වා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
මෙම මෘදුකාංගහ හරහා ජංගම දුරකතනවල කැමරා ක‍්‍රියාත්මක කර ඔවුන් ඉන්නා තැන තොරතුරු ලබා ගත හැකි බවත් මන්ත‍්‍රීවරයා කීය.
ඔහු මේ බව සදහන් කලේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.










