පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද (26) පැවැති පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රහාරයට සම්බන්ධ මහමොළකරුවන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විශේෂ අනාවරණයක් කළේය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ තවමත් ආණ්ඩුව කොමිසම මගින් හෙළිදරව් කර ඇති පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන නොමැති බවකි.
විශේෂයෙන්ම ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට පළා ගිය සාරා සම්බන්ධයෙන් තවමත් කිසිදු පියවරක් ගෙන නොමැති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.










