• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති ධම්මික ගම්වල දරුවන් ලක්ෂයකගේ අධ්‍යාපනය භාරගනී: ඩිජිටල් පන්ති කාමර 1000ක් දෙන්නත් යයි

March 26, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
කෝටිපති ධම්මික ගම්වල දරුවන් ලක්ෂයකගේ අධ්‍යාපනය භාරගනී: ඩිජිටල් පන්ති කාමර 1000ක් දෙන්නත් යයි
Share on WhatsAppShare on Facebook

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ උන්නතිය සදහා ලක්ෂ 1000ක මුදලක් ලබා දීමට එකගතාව පළ කොට ඇති පුවත අප විසින් ‘මව්රට’ වෙබ් අඩවියේ පළ කිරීමත් සමග දෙස් විදෙස් පාඨකයන් ලක්ෂ 3කට අධික පිරිසක් එම පුවත නරඹා තිබුණු අතර දහසකට අධික පිරිසක් ඊට සිය ප්‍රතිචාර එක්කොට තිබිණ.

එම පාඨක ප්‍රතිචාරවලින් 90%ක්ම සදහන් කොට තිබුණේ පහසුකම්වලින් අනූන නාගරික පාසල්වලට උදව් උපකාර කරනවාට වඩා ගම්බද පවතින අඩුපහසුකම්වලින් යුත් පාසල්වලට උදව් උපකාර කිරීමට හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් බවකි.

මෙම පුවතට ලැබුණු මෙම පාඨක ප්‍රතිචාර දුටු ධම්මික පෙරේරා මහතා වහාම අප ‘මව්රට’ වෙබ් අඩවියට දැනුම් දී සිටියේ දුෂ්කර ප්‍රදේශවල පවතින මෙම පාසල්වලට උපකාර කිරීමට තමන් සූදානම් බවකි.

එම පුවතද විශේෂ හෙළිදරව්වක් ලෙස රටට ඉදිරිපත් කිරීමට අප තීන්දු කළේ ඒ අනුවය.

මෙහිදී ධම්මික පෙරේරා මහතා සැලසුම් කොට ඇත්තේ තමන් යටතේ ක්‍රියාත්මක වන dp education ආයතනය හරහා ගම්වල සිටින දරුවන් ලක්ෂයක් සදහා නොමිලේ ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සැපයීමටය.

එය www.dpeducation.lk යන අධ්‍යාපනික වෙබ් අඩවිය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට ගණිතය, 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට විද්‍යාව සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට ඉංග්‍රිසි විෂය ඉගැන්වීමටද සැලසුම් කර ඇති බව dp education ආයතනයේ ප්‍රකාශකයෙක් මව්රට වෙබ් අඩවියට පැවසීය.

මීට අමතරව රට පුරා පිහිටි පාසල් 1500කට ඩිජිටල් පන්තිකාමර ඉදිකර දීමටද ධම්මික පෙරේරා මහතා තීරණය කොට ඇත. දැනටමත් ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉදිකෙරමින් පවතින බවද දැනගන්නට ඇත.

මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හරහා ධම්මික පෙරේරා මහතාගේ සැලසුම වී ඇත්තේ වසර 3ක් ගතවන විට ගුරුවරුන් හා සිසුන් මිලියනයකට නොමිලේ අධ්‍යාපන පහසුකම් සැපයීම බව dp education ආයතනයේ එම ප්‍රකාශකයා අප වෙබ් අඩවියට පවසා සිටියේය.

SendShareShare
Previous Post

අමෙරිකාව ආදර්ශයට අරන් හමුදා නිලධාරීන් රැකගන්න ආණ්ඩුව ‘මුක්තිය’ ගේන්න යයි

Next Post

ASP එරික් මාරු කර පැය 48යි: පාතාල නායක ඕලූ මරා ඇප ලබා වෙන්නප්පුවට ඇවිත්

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.