ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එක්සත් රාජධානියෙන් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව (එස්පීසී) බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
විශේෂයෙන්ම ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඉල්ලා සිටි එන්නත් මිල්යන 8.5ක ප්‍රමාණය නොලැබී යාමේ අවදානමක් මතුව තිබීම මත මෙම සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
එන්නත් මාත්‍රාව මිලියන 10ක් ලබා දෙන ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාව මුලින් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඉල්ලා සිටියද මාත්‍රාව මිලියන 1.5 ක් සැපයීමට ආයතනය එකඟ වී තිබේ.
එහි පළමු මාත්‍රාව නියමිත පරිදි ලැබුණද එන්නත් අපනයනය අත්හිටුවීම හේතුවෙන් දෙවන එන්නත් ප්‍රමාණය ලැබීම මේ වනවිට සැකසහිත තත්ත්වයට පත්ව ඇත.
ඉතිරි මාත්‍රාවන් මිලියන 8.5 එක්සත් රාජධානියේ ඇස්ට්‍රාසෙනෙකා වෙතින් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්එම්ආර්ඒ) අනුමැතිය සඳහා අවශ්‍ය ලිපි ලේඛන එවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා ඇති බවත් රාජ්‍ය ඖෂධ සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.










