• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති අමරපුර මහ නාහිමිට අවසන් ගෞරව දක්වයි

March 25, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අමරපුර මහනාහිමිගේ ආදාහන පූජෝත්සවය අද: කොළඹ විශේෂ රථවාහන සැලැස්ම මෙන්න
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ජාතික, ආගමික ප්‍රශ්නවලදී ශාසන සම්ප්‍රදාය රැකගෙන රට වෙනුවෙන් කැප වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

උන්වහන්සේ නිවුනු, සැනසුනු රටක් වෙනුවෙන් හැමවිටම රජයට සහ රාජ්‍ය නායකයන්ට අනුශාසනා කළ බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

අද (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අමතමින් රාජපක්ෂ මැතිතුමා එසේ ප්‍රකාශ කළේය.

ආදාහන පූජෝත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ ශ්‍රී දේහයට වැඳ නමස්කාර කර අවසන් ගෞරව දැක්වීය.

1933 ජනවාරි 26 වැනි දින අළුත්කුරු කෝරලයේ, දාසියපත්තුවේ, අත්තනගලු ඔය අසබඩ  කොටුගොඩ ගම්මානයේ උපත ලැබූ උන්වහන්සේ අපවත්වන විට 88 වැනි වියෙහි පසු වූහ. වයස 14 දී පැවිදි බිමට පිවිසි  උන්වහන්සේ  1954 වසරේදී උපසම්පදාව ලැබූහ.

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙණෙන් හා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ දශක 07කට අධික කාලයක් ශාසන මෙහෙවරෙහි නිරත වූහ. අමරපුර මහා නිකායේ අනුනායක, සම ලේඛකාධිකාරී, මහා ලේඛකාධිකාරී සහ උත්තරීතර මහා නායක ධූර හෙබ වූ උන්වහන්සේ අපවත්වන තුරුම සමාජයට හා බෞද්ධ ප්‍රජාවට ඉමහත් සේවාවක්  කළහ. ගුවන්විදුලිය, රූපවාහිනිය ඔස්සේ ධර්ම දේශනා විශාල සංඛ්‍යාවක් කළ උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ රැසක් ද රචනා කර තිබේ.

ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය නායකයා ලෙස මෙන්ම සමීප දායකයෙකු ලෙසත් ධම්මාවාස නා හිමියන් බැහැ දුටු සෑම විටකදීම සමාජ සුබසිද්ධිය, සමාජය සමෘද්ධිමත් කිරීම සහ ජනතා යහපත උදෙසා උන්වහන්සේ අනුශාසනා කළ බව ජනාධිපතිතුමා පැවසීය.

මහානායක ස්වාමීන් වහන්සේ තුළ වූ කාරුණිකව බව සහ නිවුණු ගති ගුණ ලොකු කුඩා සැමට හොඳින් දැනිණ. සම්භාවනීයත්වයට, ලෝක ගෞරවයට පාත්‍රවත්ම  උන්වහන්සේ තව තවත් සමාජයට හා දායකකාරකාදීන්ට  සමීප සහ කාරුණික වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

උන්වහන්සේගේ හදවතේ තිබූ කාරුණික බව, කටහඬින් සහ කථා විලාශයෙන් පිළිඹිබු වූ බව රාජපක්ෂ මැතිතුමා සිහිපත් කළේය. ගම්, නියම් ගම්වල සහ විදෙස් රටවල ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් උන්වහන්සේ රටටත්, බෞද්ධ ලෝකයටත් කීර්තියක් අත්කර දුන් බව ජනාධිපතිතුමා කීය.

කොටුගොඩ ධම්මාවාස නා හිමි ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණ.

මහානායක, අනුනායක  හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ සෙසු ආගමික පූජකවරු,  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ප්‍රමුඛ  මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, විදේශ නියෝජිතයෝ, සමස්ත අමරපුර නිකායාරක්ෂක දායක සභාවේ සභාපති අජිතා ද සොයිසා මහතා ඇතුළු දායක සභාව සහ සැදැහැවත්හු මේ අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

පාස්කු විවාදයට තව දිනක් එකතු වෙයි

Next Post

ආණ්ඩුවේ පසුපෙළ සිංහරාජයට ඇතුළු වෙයි: විශේෂ ප්‍රකාශයකුත් කරයි (VIDEO)

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.