• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති කියපු හන්තානේ ඉඩම කිරිඇල්ල ගත් හැටි හෙළිවෙයි (VIDEO)

March 23, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනපති කියපු හන්තානේ ඉඩම කිරිඇල්ල ගත් හැටි හෙළිවෙයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘හන්තාන ඉඩම පිළිබඳ රජයට විශාල උණක් තියෙනවා. පරිසර සංවේදි ව්‍යපෘතියකට හන්තාන ඉඩම ලබාදිමට රජය සමග සාකච්ජා කිරිමට මා සුදානම්’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

විපක්‍ෂ නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඔහු මෙසේද අදහස් පළ කළේය.

ජනාධිපතිතුමා එක්තරා රැස්විමකදි මගේ නම ගම්‍ය වන ආකාරයෙන් ප‍්‍රකාශයක් සිදු කෙරුවා. එනම් පසුගිය රජයේ ජේ්‍යෂ්ඨ ඇමතිවරයෙක් හා පවුලේ සාමාජිකයෙක් හන්තාන ප‍්‍රදේශයේ එලි පෙහෙලි කිරිම සම්බන්ධයෙන් කවුරුවත් අඩන්නේ නෑ කියලා. මට කියන්න තියෙන්නේ කවුරුවත් අඩන්නේ නැත්තේ එතන පරිසර විනාශයක් සිදු වී නැති නිසා පරිසර විනාශයක් සිදු වුනා නම් මාධ්‍ය, පරිසර සංවිධාන මෙලහාකටත් එතනට පැමිණිලා. මම ආරාධනා කරනවා අතිගරු ජනාධිපතිතුමාට හන්තාන ඉඩමට පැමිණෙන්නට කියලා. එතකොට බලාගන්නට පුළුවන් වෙලා තියෙන්නේ මොකක්ද කියලා. කිසිම වන විනාශයක් සිද්ධ වෙලා නෑ. ඒ වගේම මම අපේ මාධ්‍යවේදින්ටත් ආරාධනා කරනවා ඇවිත් බලන්න ඉඩමට මොකක්ද වෙලා තියෙන්නේ කියලා . මොකද එම ස්ථානයට ගියානම් ඇත්ත තත්වය තේරුම් ගන්න පුළුවන්.

මේ ඉඩම අවුරුදු 100 පැරණි පුද්ගලික ඉඩමක්. අවුරුදු 30 ක් අපිට අයිතිය තිබෙනවා. අවුරුදු 70ක් සුදු මහත්වරුන්ට අයිතිය තිබිලා තියෙනවා. තේ, ගම්මිරිස් වවලා තියෙනවා. නමුත් පසුගිය වසර ගණනාවක් මේ ඉඩම පාළුවට ගිහින් තිබුණේ. අපේ දේශපාලන කටයුතු නිසා. අනිත් කාරණය තමයි මෙම ඉඩම අයිති කොටස හන්තාන ආරක්‍ෂිත ප‍්‍රදේශයක් කරලා තියෙන්නේ 2010 වසරේදි. ඊට වසර 90 කට පෙර් මෙම ඉඩම ගම්මිරිස්, තේ වගා කරපු ඉඩමක්. 80 ගණන් වල මමත් තේ වගා කරන්න කුඩා තේවතු අධිකාරියට ඉල්ලූම්පතක් පවා දැම්මා. හන්තාන ආරක්‍ෂිත ප‍්‍රදේශයක් බවට පත් කෙරුවට අපිට ඉඩමේ අයිතය නැති වෙලා නෑ. කවුරු කවුරුත් ඒක තේරුම් ගන්න ඕනේ. එම ප‍්‍රදේශයන්හි යම්කිසි වගාවක් කරනවා නම් හන්තාන කමිටුවක් තියෙනවා දිසාපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. අවසරය ඇතිව වගාකරන්න ඕනේ. අනිත් සිදුවිම තමයි මේ රජය බලයට පත්වුනාට පසු විශාල මුදල් ප‍්‍රශ්ණයක් ආවා. ඉතිං රජය කිව්වා රටෙ ජනතාවට පුළුවන් තරම් වගාකරන්න කියලා. මම මගේ පවුලේ සාමාජිකයන්ට කිව්වා මේ හිස් ඉඩමේ වගාකරන්න බලන්න කියලා. ඒ අය ඉඩමට ඇතුළුවෙන්න මාන පදුරු කිහිපයක් ඉවත් කිරිම තමා මේ ගැටළුවක් වුනේ

අපේ රටේ පොදු නිති වගේම පනත් මගින් සම්මත වුන පනත් තියෙනවා. හන්තාන සුරක්‍ෂිත පනත ගැසට්ටුවකින් සම්මත වු නිතියක්. ඒ වගේම ලංකාවේ පොදු නිතිය යටතේ තමන්ගේ ඉඩමට ඇතුළුවිමට ඹනැම කෙනෙකුට අයිතියක් තිබෙනවා. ඒක කාටවත් නවත්වන්න බෑ. කාගෙන්වත් එයට අවසර ගන්න ඔනෙත් නෑ.

මමත් මගේ පවුලේ සාමාජිකයන් පුර්න කාලීනව දේශපාලනය කරනවා. අපි දේශපාලනය කරන නිසා මේවැනි සිද්ධින් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා මම මාධ්‍යවේදි මහත්වරුන්ට ආරාධනා කරනවා ඇත්ත තත්වය බලන්න එන්න කියලා. ඉඩම තිබුණ ආකාරයෙන්ම තියෙනවා ගස් කොළන් සහිතව. නමුත් නමුත් මගේ ඉඩමට යාබද ඉඩමේ ගොඩනැගිලි 12 ක් පමණ තිබෙනවා. 2010 පසු හදපු ගොඩනැගිලි 5 කුත් ඒ අතර තිබෙනවා. මේ ගොඩනැගිලි ප‍්‍රාදේශිය සභාවේ ලියාපදිංචි කරලත් නෑ. ප‍්‍රාදේශිය සභාවට බදු ගෙවන්නෙත් නෑ. පරිසර අධිකාරියත් අහක බලන් ඉන්නවා. ඒ නිසයි මං ආරාධනය කරන්නේ ගවේශනාත්මක විමර්ශනයකට. යාබද ඉඩම ගැන කිව්වම පරිසර අධිකාරිය නිහඩයි. මා මේ සියළු කාරණු අධිකරණයේදි හෙලි කරනවා.

මිත‍්‍රවරුනි, මේ ඉඩම මම 2015 ට ප‍්‍රථම වැලිවේරිය බෞද්ධාමික ආගමික ස්වාමින් වහන්සේ නමකට පුජා කෙරුවා. ආරාමයක් පවත්වාගෙන යන්න කියලා. ස්වාමින් වහන්සේ එතනට ගියා නමුත් යාබද ඉඩමේ ආරාමයක්/සංචාරක තිකේතනයක් තිබෙන නිසා ගැටළුවක් පවතින බව උන් වහන්සේ මට පැවසුවා. ඇත්ත වශයෙන්ම බෞද්ධයෙක් හැටියට අපි මේ සියළු දේ අත් හරින්න සුදානම්. එම නිසයි මම මේ ඉඩම 2015ට ප‍්‍රථම පුජා කෙරුවේ. එක වරක් මහ සඟරුවනට පුජා කෙරු මෙම ඉඩම්වලට අපිට අසාවක් නෑ. අපේ පරම්පරාවේ අයට අක්කර දහස් ගණන් තිබිලා තියෙනවා. 1761 කිරිඇල්ලේ ජයසේකර මුදියන්සේට දකුණු පලාතෙන් ඕලන්ද බලකොටු ගණනාවක් අල්ලලා, කිරිති ශි‍්‍ර රාජසිංහ රජුගේ සන්නසක් පවා ලැබිලා තියෙනවා අක්කර 10,000 ක වැවිලි සභා දෙහිපිට නින්දගම්. ඒ වගේම මගේ භාර්‍යාවගේ මුත්තා තමයි බලංගොඩ මහවලතැන්න රටේ මහත්තයා. අක්කර දහස් ගනන් තිබුණා මේ සියල්ල අපි රජයට ලබාදුන්නා ඉඩම් ප‍්‍රතිසංස්කරණ නිතිය යටතේ, අක්කර 50 ට යටත්ව ඉතිං අපිට ඉඩම්වලට කෑදරකමක් නෑ.

මිත‍්‍රවරුනි, ආණ්ඩුවට ලොකු උනක් තියෙනවා මේ ඉඩම ගැන. එම නිසා මම කියන්න කැමතියි. මම කලින් මෙම ඉඩම මහා සංඝරත්නයට පුජා කෙරුව වගේම මම රජයට මේ ඉඩම ලබාදෙන්න සුදානම්. පරිසර සංවේදි ව්‍යපෘත්යක් ආරම්භ කරන්න රජය සමග සාකච්ඡුා කිරිමට මම කැමති බව මම කියන්න කැමතියි. සීතල කාමරවල ඉදලා පරිසරය ආරක්‍ෂා කරන්න බෑ. එම නිසා එන්න හන්තාන එම ඉඩම බලන්න කියලා මම ජනාධිපතිවරයාට හා මාධ්‍යවේදින්ට ආරධනා කරනවා.

මාධ්‍යවේදි ප‍්‍රශ්ණය – ඔබතුමාගේ ඉඩම හා යාබද ඉඩම හන්තාන රක්‍ෂිතයට අයත් වනවාද?

මන්ති‍්‍රවරයා – එම ප‍්‍රදේශයට කියන්නේ රක්‍ෂිතයක් නොවේ. හරි වචනය හන්තාන ආරක්‍ෂක ප‍්‍රදේශය. සිංහල රජ කාලේ ඉදන් ජනතාව මේ ඉඩම්වල ඉන්නවා. ජනාධිපතිතුමා කථාවක් කියලා තිබුණා එතුමා කියනවා පාරම්පරිකව රජකාලේ ඉදන් මිනිස්සු මේ ඉඩම් වල පදිංචි වෙලා ඉන්නවා. හිටි හැටියේ ගැසට් ගැහුවා කියලා.ජනතාවට එම ජිවන භූමිකාව අත් හරින්න පුලුවන්ද කියලා. මමත් එතුමගේ තර්කයට එකඟයි. ඒ වගේම හන්තාන ඉඩමත් අවුරුදු 100 ක් තේ, ගම්මිරිස් වගා කරලා තිබුනේ. මින්සුන්ට හිරිහැර කරන්නෙත් පාලකයන් නොමග යවන්නෙත් නිලධාරින්.

මාධ්‍යවේදි ප‍්‍රශ්ණය – තේ වගා කරන්නද නැවත උත්සහ කලේ ?

මන්ති‍්‍රවරයා – 2010 හන්තාන ආරක්‍සක කලාපය ගැසටි කලාට පසු ඒ අයගේ අවසරය ඇතිව යම් යම් වගාවත් කරන්න පුළුවන්. අඩි 2500 දක්වාත්, 2000 – 3000 දක්වාත්, 3000 ඉහල වශයෙන් යම් යම් වගාවන් කරන්න පුළුවන්. අපිත් ඉල්ලූම් පත‍්‍රයක් යොමු කලා හන්තාන කමිටුවට වගා කරන්න.

මාධ්‍යවේදි ප‍්‍රශ්ණය – ඔබතුමා කියන්නේ මේක දේශපාලන පලිගැනිමක් කියලාද?

මන්ති‍්‍රවරයා – පැහැදිලිවම ඔව්. තමන්ගේ ඉඩමට ඇතුළුවෙන්න මාන පදුරු කිහිපයක් ගැලෙව්වාම පරිසර විනාශයක්ද? අපේ ඉඩමත් පාරම්පරික වගා කල ඉඩමක්. ජනාධිපති තුමාම කියනවා පාරම්පරික ඉඩම්වල වගා කිරිම පරිසර විනාශයක් නොවේ කියලා. ගොව්නට ඉඩම් සම්බන්ධයෙන් බුරුලක් සහණයක් ලබාදිම පිලිබඳ අපි විරුද්ධත්වයක් නෑ නමුත් ඒ මුවවෙන් සමාගම් වලට අක්කර දහස් ගනන් ලබාදිලා තියෙනවා. ඒවාට අපි විරුද්ධයි. එක කි‍්‍රඩකයෙකුට අක්කර 2000 ක් දිලා තියෙනවා කියලා හෙලි වුණා.

මාධ්‍යවේදි ප‍්‍රශ්ණය – ඔබතුමා ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයට එකගඳ?

මන්ති‍්‍රවරයා – ජනාධිපතිතුමා විශාල ආගාදයක ඉන්නේ එතුමාට මම දොස් කියන්නේ නෑ. රටේ ප‍්‍රශ්න උග‍්‍රවෙලා මේ ප‍්‍රශ්නවගට මුහුණ දෙන්න එතුමාට විශාල පරිශ‍්‍රමයක් යොදන්න වෙලා තිබෙනවා. එතුමා සමග දේශපාලන අමනාපයක් නෑ. මම එතුමාට කියන්නේ මේ ඉඩම බලන්න එන්න ආණ්ඩුවට විශාල උණක් තියෙන නිසා මම මේ ඉඩම රජයත් සමග සාකච්ඡුා කරලා පරිසර සංවේදි ව්‍යාපෘතියකට ලබාදෙන්න සුදානම්.

SendShareShare
Previous Post

ගම්මන්පිල හිටිහැටියේම වාර්තාවක් තියයි: පින්තූර මෙන්න

Next Post

ජිනීවා ජන්දෙන් ලංකාව වැඩි ජන්ද 11කින් පරාදයි: ඉන්දියාව-ජපානය පැත්තකට වෙයි

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.