අද (23) පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බඩු මිල සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් ඊට වගකිවයුතු ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කොට ඇත.
මෙම රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී නොමැති අතර දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වී ඇත.
මෙහිදී මන්ත්‍රීවරුන් විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා ඇත්තේ සතොස සහ සමූපකාරවල බඩු මිල අඩු බැවින් ඒවායෙන් බඩු මිලදී ගැනීමට ජනතාව පුරුදු කළ යුතු බවකි.
එමෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් උපයෝගී කරගෙන ජනතාව සමූපාකාර සහ සතොස ආයතනවලින් බඩු මිලදී ගැනීම සදහා පොළඹවන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි කියාය.
කෙසේවෙතත් මේ වනවිට බඩු මිල ඉහළ ගොස් ඇති බවත්, අවුරුදු සමය වනවිට බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.









