රථ වාහන වැරැදි සම්බන්ධයෙන් වන දඩ ඔන්ලයින් ඊසී කෑෂි ක්‍රමය යටතේ ගෙවීමට හැකි විද්්‍යුත් ක්‍රමවේදය ළඟදීම හඳුන්වා දෙන බව රථ වාහන පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී රථ වාහන වැරැදි 33කට අදාළ දඩ මුදල් ඔන්ලයින් ක්‍රමය යටතේ ගෙවීමේ අවස්ථාව උදා වනු ඇත.
එම ක්‍රමවේදය සැකසීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයට බාර දී ඇති බව සඳහන් කළ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රථ වාහන දඩ මුදල් අය කිරීමේදී ක්‍රමවේද තුනක් මත එය ක්‍රියාත්මක කළ හැකි බවට වූ නිර්දේශ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මඟින්ද අනුමත කර ඇති බවය.










