‘ පුදුම මාධ්‍ය කට්ටියනේ ඉන්නේ. මාධ්‍ය ආයතන. දැන් මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නෙමෙයිනේ. ඒක මාෆියාවක්. මාධ්‍ය ආයතනයට අවශ්‍ය විදිහට රට දුවන්න හදනවනම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරාජාලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. මෙහෙ රජයවල් පාලකයා පාලනය කරන්න හදනවා. ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා පාඩම් උගන්වන්න ඕනේ නම් ඒවා කරන්න. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මම මාස 14ක් රට පාලනය කළා. මම කිසිම මාධ්‍ය ආයතනයක් පාලනය කරන්න ගියේ නැහැ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකට නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒ නීති ක්‍රියාත්මක කරනවා…’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතනය අයිති පුද්ගලයාගේ නිදහස නොවන බවත් මාධ්‍ය ආයතනයේ හිමිකරුවාගේ අවශ්‍යතාවය මත රට පාලනය කිරීමට යෑම මාෆියාවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.










