• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම කැමතියි එයා තැනකට එනවට

March 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම කැමතියි එයා තැනකට එනවට
Share on WhatsAppShare on Facebook

⬤ අපි දැන් ආදරය කරනවා…

⬤ වෙනසට මුහුණදෙන්න මම කැමතියි…

මේ දිනවල ආදරණීය මවක් විදියට ඔබ වෙත සමීප වෙන ඇය දැන් සැබෑ ජීවිතයේ පෙම්වතියෙක් වෙලා. ඒ අලුත් පෙම්පලහිලව්ව ගැන දැනග්නන අපි මියසි සංදීපනී එක්ක කතා කළා.

🔴 ඔබව අපි දැක්කේ නපුරු චරිත හරහා, නමුත් ‘මිහී’ ටෙලිනාට්‍ය හරහා ආදරණීය මවක් බවට පත්වෙලා. කොහොමද ඔබට දැනුණු වෙනස?
ඒ වෙනස මට තදින්ම දැනුණා. ‘මිහී’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ප්‍රාර්ථනාගේ චරිතයට ගොඩදෙනෙක් ආදරය කරනවා වගේම හොඳ කියනවා. ප්‍රාර්ථනාගේ තරුණ කාලේ ගෙවිලා ඇයට දැන් අවුරුදු 5ක දුවෙකුත් ඉන්නවා. නපුරු චරිත කරලා මම හෙම්බත් වෙලා හිටියේ. ඒ විතරක් නෙවේ නපුරු චරිත කළාම ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් සුබවාදී නැහැ.
🔴 ඔබ මවක් ලෙසට මෙයට පෙර චරිත නිරූපණය කරලා නැහැ නේද?
මම අම්මා කෙනෙක්ගේ චරිතය කරන පළමු අවස්ථාව මෙයයි. එය මට අභියෝගාත්මක චරිතයක් වුණා. ඉතින් මෙවැනි චරිතයක් මට ලබාදී වෙනස් රූපරාමුවකට මගේ හැකියාවන් ප්‍රතිනිර්මාණය කිරීමට ‘මිහි’ ටෙලිනාට්‍ය තුෂාර තෙන්නකෝන් ඇතුළු සියලුම ශිල්පීන්ගෙන් ලොකු සහායක් ලැබුණා.
🔴 තවම දෙයක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණේ නැහැ කියලා හිතෙනවද?
විවිධ චරිත නිරූපණය කිරීමේ ලොකු ආශාවක් මට තියෙනවා. මම හිතනවා දැන් නපුරුකමින් මිදිලා වෙනස් චරිත සඳහා මටත් ආරාධනා ලැබෙයි කියලා. මට ලැබුණු හැම චරිතයක්ම මට විශේෂත්වයක් දැනුණා. නමුත් එකම රාමුවකට කොටු නොවී වෙනසකට මුහුණ දෙන්න මමත් ගොඩාක් කැමැතියි. ඒ හරහා අපේ දක්‍ෂතාවය තවත් වැඩිදියුණු වෙනවා.
🔴 ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටයෙන් පස්සේ ඔබව සිනමාවෙන් දැකගන්නට ලැබුණේ නැහැ?
චිත්‍රපට තුනකට ආරාධනා ලැබුණා. නමුත් නිෂ්පාදකවරුන්ගේ පෞද්ගලික ප්‍රශ්න නිසා ඒ චිත්‍රපට නිර්මාණය කළේ නැහැ. හොඳ චිත්‍රපට කිහිපයකටත් සම්බන්ධ වෙන්න මගේ හිතේ ලොකු ආශාවක් තිබෙනවා.
🔴 මේ දවස්වල ජනප්‍රිය නළුවෙක්ගේ ආරක්‍ෂාවකුත් ලැබෙනවා කියලා ආරංචියි?
ඔව්… ඉතින් ඔහු මගේ පෙම්වතා නිසා ඔහුත් මම ගැන නිරන්තරයෙන් හොයා බලනවා. ඔහුට පුළුවන් වෙලාවක මම සමඟ මගේ වැඩකටයුතුවලට යනවා. ඔහුගේ ඒ හයියත් මට වටිනවා.
🔴 ‘හදවතේ කතාවේ’ නිමෙෂ් තව කෙනෙක්ට ආදර කරද්දි ඔහු ඔබගේ හදවතට ළංවුණු ඒ සොඳුරු ආදර කතාව දැනගන්නට කැමැතියි?
චතුරංග කොඩිතුවක්කු තමයි මගේ පෙම්වතා. ඔහු තමයි ‘හදවතේ කතාවේ’ ප්‍රධාන චරිතය රඟපාන්නේ. මට චතුරංගව හමුවන්නේ එක්තරා මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වුණු අවස්ථාවකදී. එතනින් පසු අප අතර හොඳ මිතුදමක් බැඳුණා. කාලයත් එක්කම අපි දැන් පෙම්වතුන් බවට පත්වෙලා.
🔴 චතුරංගගේ ඔබ දැකපු සුවිශේෂී ගතිගුණ කොයිවගේද?
ඔහුගේ තිබෙන හොඳ ගතිගුණ මම තවත් පිරිමි ළමයකුගෙන් දැකලා නැහැ. ඒ තරමට ඔහු මට විශේෂ කෙනෙක් වුණා.
🔴 චතුරංග පෙම් ජවනිකා නිරූපණය කරන කොට ඔබට පොඩි දුකකුත් ඇති නේද?
ඇයි මම දුක්වෙන්නේ. ඔහු කරන්නේ රඟපෑමක් කියලා මම දන්නවානේ. අනෙක මමත් මේ ක්‍ෂේත්‍රයේ වැඩකරන නිසා අපි දෙන්නට දෙන්නා හොඳ අවබෝධ විශ්වාසයකින් තමයි ඉන්නේ. අනෙක මමත් කැමැතියි ඔහු තැනකට එනවාට. ඉතින් ඔහුට මම උපරිම නිදහස දීලා මම උදවු කරනවා.
🔴 දෙන්නාගේ ආදර කතාව එක වහලයක් යට විඳින්න සූදානමක් නැද්ද?
දැන්ම විවාහය ගැන හිතලා නැහැ. ලබන අවුරුද්දේ අපි විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. බලමු එතකොට.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හිසේ සිට දෙපතුල දක්වාම ගැහැනු සිරුරේ රහස් ඇත

Next Post

බලගතු රුචක යෝගයේ වාසිය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.