ශ්‍රී ලාංකිකයන්ට අයත් මහා ධන සම්භාරයක් මහා බි්‍රතාන්‍යයේ අදත් තිබෙන බව රහසක් නොවේ. ඒ අප රටෙන් ගෙන ගිය ධන සම්පත්ය. ඒවා අතර, වටිනා ග්‍රන්ථ රාශියක්ද තවමත් ඒ රට කෞතුකාගාරයේ තිබේ. දැනගන්නට ඇති අන්දමට ඒ පුස්කොළ පොත් තොගයේ ප්‍රමාණය දෙදහසකට (2,000) වැඩිය. හ්‍යු නෙවිල් නමැත්තා ශ්‍රී ලංකාවේ සිවිල් නිලධාරියකු වශයෙන් එක්දහස් අටසිය හැට නවයේ (1869) සිට එකදහස් අටසිය අසූහය දක්වා (1886) රාජකාරි කළ සමයේ මේ ග්‍රන්ථ රැස්කර රැගෙන ගොස් තිබේ.
එසේ ගෙන ගිය පොත් තොගය ඔහු විසින් වර්ග කරනු ලැබ පi පුස්කොළ පොත් තොගය වෙනම වෙන්කර නාමාවලියක් සකස් කර ඉනුත් තෝරාගත් පi ග්‍රන්ථ කිහිපයක් පිළිබඳව විවරණයක්ද ලියා තිබේ.
එම විවරණය කාණ්ඩ තුනකින් යුක්තය. හ්‍යු නෙවිල් ලංකාවෙන් ගෙන ගොස් ඇති සමස්ත කාව්‍ය පුස්කොළ ග්‍රන්ථ සංඛ්‍යාව අටසියයක් (800) බවද, ගi ග්‍රන්ථ සංඛ්‍යාව දහසකට (1000) වැඩි බවද ඔවු විසින් ලියන ලද විවරණයේ සඳහන් කර ඇත.
මේ තොගයම අත් පිටපත් බවද අවධාරණය කර තිබේ. ඔහු විසින් තෝරාගනු ලැබූ පi ග්‍රන්ථවලට ලියන ලද විවරණ කාණ්ඩ තුනෙන් පළමු කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ පi ග්‍රන්ථ දෙසිය අනූ නවයක (299) තොරතුරු පමණි.
මේ පුස්කොළ අත්පිටපත් ග්‍රන්ථ අතර, කව්සිළුමිණ, කාව්‍යශේඛරය, සසදාවත සේම දාහත් වැනි (17) සහ දහඅට (18) යන සියවස්වල විසූ අව්‍යක්ත වියතුන් විසින් ලියන ලද මන්ත්‍ර, යාග, බලි සහ හටන් (සටන්) කවි පොත් රැසක්ද තිබේ. මේ සියලු පොත් කියැවීමෙන් පසුව හ්‍යු නෙවිල් විසින්ම විවරණ කාණ්ඩ ත්‍රිත්වය (3) ලියනු ලැබ ඇති අතර, ඔහුට අවශ්‍යව තිබී ඇත්තේ ඒ සියල්ල මුද්‍රණය කිරීමටය. එහෙත් ඒ කාර්ය නිම කිරීමට පෙර ඔහු එක්දහස් නවසිය තිස්අටේ (1938) මියගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ග්‍රන්ථ ගණනාවක් ලියූ සුප්‍රසිද්ධ ඉතිහාසඥ පෝල් ඊ. පීරිස් මහතා එවකට සිටියේ මහා බි්‍රතාන්‍යයේය.
හ්‍යු නෙවිල් මියගොස් සෑහෙන කාලයකට පසුව ඔහුගේ කාමරයේ තිබූ කුණු ගොඩවල් ඔහුගේ ඥාති පුත්‍රයකු විසින් ඉවත් කරනු ලබද්දී පෙට්ටියක තිබූ පැරැණි කරදාසි ගොඩක් හමුවී තිබේ.
සිය ඥාතියාගේ (හ්‍යු නෙවිල්) අත් අකුරින්ම ලියා තිබූ කරදාසි කොළ තොගයක්ම (ගොන්නක්) එහි තිබූ බැවින් මොකක් හරි වැදගත් දෙයක් වන්නට ඇතැයි සිතූ හෙතෙම පෝල් ඊ. පීරිස් මහතා සොයා ගොස් ඒ සියල්ල ඔහුට බාර දී තිබේ.
පෝල් ඊ. පීරිස් මහතා එසේ බාරගනු ලැබ ඇත්තේ හ්‍යු නෙවිල් අපෙ පුස්කොළ කවි පොත්වලට ලියූ විවරණ කාණ්ඩ තුනයි. ඒ කාණ්ඩ තුන (3) මුද්‍රණයට සූදානම් කර තිබූ ඒවා බව ඒවා කියවා බලද්දී පෝල් ඊ. පීරිස් මහතා අවබෝධ කරගෙන තිබේ. ඒ නිසා ඒ සියල්ල ලංකාවට ගෙනා පෝල් ඊ. පීරිස් මහතා ඒවා වෙළුම් වශයෙන් එකට බැන්දෙව්වේය. එම කාණ්ඩ තුනේ අත්පිටපත් (හ්‍යු. නෙවිල්ගේ අත්අකුරින් ලියූ) දැනට බි්‍රතාන්‍යයේ කෞතුකාගාරයේ තිබේ.
පෝල් ඊ. පීරිස් මහතා මෙම විවරණ කාණ්ඩ තුන සිංහල සාහිත්‍ය පර්යේෂණ කරන්නන්ගේ යහපත උදෙසා එක කොන්දේසියක් මත ශ්‍රී ලංකාවේ කෞතුකාගාරයට එක්දහස් නවසිය පණහේ (1950) බාර දී තිබේ. කොන්දේසිය නම් වර්ෂ තුනක් ඇතුළත මුද්‍රණය කරවිය යුතු බවය.
වැඩිම පොත් ගණනක් එකවර විදේශයට ගෙන ගිය තැනැත්තා බවට වාර්තා වන්නේ හ්‍යු නෙවිල්ය. සිවිල් නිලධාරීන් අතරින් මේ රටේ සිය රාජකාරි කාලය තුළ අපේ සංස්කෘතිය සහ භාෂාව වැඩියෙන්ම අධ්‍යයනය කර ඇත්තාද ඔහුය.
හ්‍යු නෙවිල් ලංකාවේ රාජකාරි කළ දාහත් වසර (17) තුළ අපේ භාෂාව සහ සංස්කෘතිය පමණක් නොව බුද්ධ ධර්මය ගැනද හොඳින් අධ්‍යයනය කර තිබේ. ඔහුගේ සිංහල භාෂා දැනීම ගැන කීමට හොඳම කරුණ නම් කාව්‍යශේඛරය කෙසේ වෙතත් කව්සිළුමිණ ගැන විවරණය කරන්නට හැකියාවක් තිබීමය.
එක්දහස් අටසිය අසූහයේ (1886) දී විශ්‍රාම ලබා ලංකාවෙන් ගිය හ්‍යු නෙවිල් විසින් විවරණ ලියන ලද විස්තර මෙසේ දක්වමු.
‘මරඟන ඉනාව’ සහ ‘මරඟන සැහැල්ල’
එදා දසබිම්බරයක් මර සෙනඟ ගෙන බුදුන් සමඟ සටනට පැමිණි වසවත් මරු සටනින් පැරැද ලජ්ජාවෙන් පලා යන විට ඔහුගේ දූවරුන් තිදෙනා තම මායම්වලින් බුදුන් වසඟ කර ගැනීමට පැමිණි බව බුද්ධ චරිතය ගැන විස්තර කෙරෙන පොත්වල ඇත. මාර දූවරුන් තිදෙනා ඔවුන්ගේ අයස්කාන්ත තුනු සපුවෙන්ද, නැටුම් ගැයුම් හා වැයුම්වලින්ද බුදුන් වසඟ කර ගැනීමට තැත්කොට නොහැකිව තම පියා මෙන්ම පැරැද පලා ගියහ.
එහෙත් මේ පුවත හ්‍යු නෙවිල් අපෙන් ගෙනගිය පොත් ගොන්නේ ‘මරඟන ඉනාව’ නමැති කවි පොතේ සහ ‘මරඟන සැහැල්ල’ යන පොතේ මීට වඩා වෙනස් අන්දමකින් ඇත. එම පුස්කොළ අත්පිටපත් දෙක මීට ශත වර්ෂ හතරකට (4) පමණ පෙර ලියා තිබේ.
(එසේ ලියා ඇත්තේ එක්දහස් හාරසිය (1400) ගණන්වලදී විය යුතුය. ලියුම්කරු) ලියූ කතුවරුන් කවුරුන්දැයි පොත්වල සඳහන්ව නැත. ඒවායේ සඳහන් අන්දමට බුදුන් වසඟ කර ගැනීමට පැමිණියේ මාර දූන් නොව මාරයාගේ සහෝදරියන් තිදෙනාය. රතී, අරති සහ රඟා ඔවුන්ගේ නම්ය.
හ්‍යු නෙවිල්ගේ විවරණ විස්තරය මෙසේය.
මදන යක්‍ෂයා බන්ධනය කර විශේෂයෙන් පිළියෙල කරන ලද ඉනා බෙහෙතකින් බුදුන් වශී කර ගැනීමට ඔවුහු වෑයම් කළහ. එහෙත් බුදුන්ගේ ශීල ගුණය ඉදිරියේ මේ ඉනාව හරි නොගිය විට මාර සහෝදරියෝ විළි වැද පලා ගියහ. ඉනාව සෑදීමට ගත් ඖෂධ වර්ගද ‘මරඟන ඉනාවේ’ දක්වා තිබේ. සහෝදරියන් මේ ඉනාවෙන් ගුළි තුනක් සාදාගත් බවත් ඒවා ‘බෝධිසත්ව ගුළි’ ලෙසින් හැඳින් වූ බවත් පුස්කොළ පොතේ ඇත. හේ එම පොතේ පැදියකි.
දනිමි උගත්තා අන විණ නුඹ හොඳට
තනමු රූපයක් විණ කර බලන්නට
කියා ගොසින් දුක් නොව ඉන්ඩ අයියට
තනමු රූපයක් විණකර මරන්නට
‘මරඟන සැහැල්ල’
මරඟනන් තුන්දෙනාගේ බෝධිසත්ව ගුලි ඉනාව ගැන ‘මරඟන සැහැල්ල’ පොතේද කියයි. මේ පොතේ නමින්ම (මරඟන සැහැල්ල) පොත් තුනක් හ්‍යු නෙවිල් මහතාට ලැබුණු බව කියා ඇත. එයින් එක පොතක සමස්ත කවි ගණන එකසිය තුනකි. (103). දෙවැන්නෙහි අනූ තුනකි (93). තුන් වැනි පොතේ කවි පනස් දෙකකි (52).
චන්ද්‍රසේන මාරසිංහ











