• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හෙළ ඉතිහාසයේ සිදුවූ මහා පුස්කොළ පොත් මංකොල්ලය

March 20, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
හෙළ ඉතිහාසයේ සිදුවූ මහා පුස්කොළ පොත් මංකොල්ලය
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකිකයන්ට අයත් මහා ධන සම්භාරයක් මහා බි්‍රතාන්‍යයේ අදත් තිබෙන බව රහසක් නොවේ. ඒ අප රටෙන් ගෙන ගිය ධන සම්පත්ය. ඒවා අතර, වටිනා ග්‍රන්ථ රාශියක්ද තවමත් ඒ රට කෞතුකාගාරයේ තිබේ. දැනගන්නට ඇති අන්දමට ඒ පුස්කොළ පොත් තොගයේ ප්‍රමාණය දෙදහසකට (2,000) වැඩිය. හ්‍යු නෙවිල් නමැත්තා ශ්‍රී ලංකාවේ සිවිල් නිලධාරියකු වශයෙන් එක්දහස් අටසිය හැට නවයේ (1869) සිට එකදහස් අටසිය අසූහය දක්වා (1886) රාජකාරි කළ සමයේ මේ ග්‍රන්ථ රැස්කර රැගෙන ගොස් තිබේ.

එසේ ගෙන ගිය පොත් තොගය ඔහු විසින් වර්ග කරනු ලැබ පi පුස්කොළ පොත් තොගය වෙනම වෙන්කර නාමාවලියක් සකස් කර ඉනුත් තෝරාගත් පi ග්‍රන්ථ කිහිපයක් පිළිබඳව විවරණයක්ද ලියා තිබේ.

එම විවරණය කාණ්ඩ තුනකින් යුක්තය. හ්‍යු නෙවිල් ලංකාවෙන් ගෙන ගොස් ඇති සමස්ත කාව්‍ය පුස්කොළ ග්‍රන්ථ සංඛ්‍යාව අටසියයක් (800) බවද, ගi ග්‍රන්ථ සංඛ්‍යාව දහසකට (1000) වැඩි බවද ඔවු විසින් ලියන ලද විවරණයේ සඳහන් කර ඇත.

මේ තොගයම අත් පිටපත් බවද අවධාරණය කර තිබේ. ඔහු විසින් තෝරාගනු ලැබූ පi ග්‍රන්ථවලට ලියන ලද විවරණ කාණ්ඩ තුනෙන් පළමු කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ පi ග්‍රන්ථ දෙසිය අනූ නවයක (299) තොරතුරු පමණි.

මේ පුස්කොළ අත්පිටපත් ග්‍රන්ථ අතර, කව්සිළුමිණ, කාව්‍යශේඛරය, සසදාවත සේම දාහත් වැනි (17) සහ දහඅට (18) යන සියවස්වල විසූ අව්‍යක්ත වියතුන් විසින් ලියන ලද මන්ත්‍ර, යාග, බලි සහ හටන් (සටන්) කවි පොත් රැසක්ද තිබේ. මේ සියලු පොත් කියැවීමෙන් පසුව හ්‍යු නෙවිල් විසින්ම විවරණ කාණ්ඩ ත්‍රිත්වය (3) ලියනු ලැබ ඇති අතර, ඔහුට අවශ්‍යව තිබී ඇත්තේ ඒ සියල්ල මුද්‍රණය කිරීමටය. එහෙත් ඒ කාර්ය නිම කිරීමට පෙර ඔහු එක්දහස් නවසිය තිස්අටේ (1938) මියගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ග්‍රන්ථ ගණනාවක් ලියූ සුප්‍රසිද්ධ ඉතිහාසඥ පෝල් ඊ. පීරිස් මහතා එවකට සිටියේ මහා බි්‍රතාන්‍යයේය.

හ්‍යු නෙවිල් මියගොස් සෑහෙන කාලයකට පසුව ඔහුගේ කාමරයේ තිබූ කුණු ගොඩවල් ඔහුගේ ඥාති පුත්‍රයකු විසින් ඉවත් කරනු ලබද්දී පෙට්ටියක තිබූ පැරැණි කරදාසි ගොඩක් හමුවී තිබේ.
සිය ඥාතියාගේ (හ්‍යු නෙවිල්) අත් අකුරින්ම ලියා තිබූ කරදාසි කොළ තොගයක්ම (ගොන්නක්) එහි තිබූ බැවින් මොකක් හරි වැදගත් දෙයක් වන්නට ඇතැයි සිතූ හෙතෙම පෝල් ඊ. පීරිස් මහතා සොයා ගොස් ඒ සියල්ල ඔහුට බාර දී තිබේ.

පෝල් ඊ. පීරිස් මහතා එසේ බාරගනු ලැබ ඇත්තේ හ්‍යු නෙවිල් අපෙ පුස්කොළ කවි පොත්වලට ලියූ විවරණ කාණ්ඩ තුනයි. ඒ කාණ්ඩ තුන (3) මුද්‍රණයට සූදානම් කර තිබූ ඒවා බව ඒවා කියවා බලද්දී පෝල් ඊ. පීරිස් මහතා අවබෝධ කරගෙන තිබේ. ඒ නිසා ඒ සියල්ල ලංකාවට ගෙනා පෝල් ඊ. පීරිස් මහතා ඒවා වෙළුම් වශයෙන් එකට බැන්දෙව්වේය. එම කාණ්ඩ තුනේ අත්පිටපත් (හ්‍යු. නෙවිල්ගේ අත්අකුරින් ලියූ) දැනට බි්‍රතාන්‍යයේ කෞතුකාගාරයේ තිබේ.

පෝල් ඊ. පීරිස් මහතා මෙම විවරණ කාණ්ඩ තුන සිංහල සාහිත්‍ය පර්යේෂණ කරන්නන්ගේ යහපත උදෙසා එක කොන්දේසියක් මත ශ්‍රී ලංකාවේ කෞතුකාගාරයට එක්දහස් නවසිය පණහේ (1950) බාර දී තිබේ. කොන්දේසිය නම් වර්ෂ තුනක් ඇතුළත මුද්‍රණය කරවිය යුතු බවය.
වැඩිම පොත් ගණනක් එකවර විදේශයට ගෙන ගිය තැනැත්තා බවට වාර්තා වන්නේ හ්‍යු නෙවිල්ය. සිවිල් නිලධාරීන් අතරින් මේ රටේ සිය රාජකාරි කාලය තුළ අපේ සංස්කෘතිය සහ භාෂාව වැඩියෙන්ම අධ්‍යයනය කර ඇත්තාද ඔහුය.

හ්‍යු නෙවිල් ලංකාවේ රාජකාරි කළ දාහත් වසර (17) තුළ අපේ භාෂාව සහ සංස්කෘතිය පමණක් නොව බුද්ධ ධර්මය ගැනද හොඳින් අධ්‍යයනය කර තිබේ. ඔහුගේ සිංහල භාෂා දැනීම ගැන කීමට හොඳම කරුණ නම් කාව්‍යශේඛරය කෙසේ වෙතත් කව්සිළුමිණ ගැන විවරණය කරන්නට හැකියාවක් තිබීමය.

එක්දහස් අටසිය අසූහයේ (1886) දී විශ්‍රාම ලබා ලංකාවෙන් ගිය හ්‍යු නෙවිල් විසින් විවරණ ලියන ලද විස්තර මෙසේ දක්වමු.

‘මරඟන ඉනාව’ සහ ‘මරඟන සැහැල්ල’

එදා දසබිම්බරයක් මර සෙනඟ ගෙන බුදුන් සමඟ සටනට පැමිණි වසවත් මරු සටනින් පැරැද ලජ්ජාවෙන් පලා යන විට ඔහුගේ දූවරුන් තිදෙනා තම මායම්වලින් බුදුන් වසඟ කර ගැනීමට පැමිණි බව බුද්ධ චරිතය ගැන විස්තර කෙරෙන පොත්වල ඇත. මාර දූවරුන් තිදෙනා ඔවුන්ගේ අයස්කාන්ත තුනු සපුවෙන්ද, නැටුම් ගැයුම් හා වැයුම්වලින්ද බුදුන් වසඟ කර ගැනීමට තැත්කොට නොහැකිව තම පියා මෙන්ම පැරැද පලා ගියහ.

එහෙත් මේ පුවත හ්‍යු නෙවිල් අපෙන් ගෙනගිය පොත් ගොන්නේ ‘මරඟන ඉනාව’ නමැති කවි පොතේ සහ ‘මරඟන සැහැල්ල’ යන පොතේ මීට වඩා වෙනස් අන්දමකින් ඇත. එම පුස්කොළ අත්පිටපත් දෙක මීට ශත වර්ෂ හතරකට (4) පමණ පෙර ලියා තිබේ.

(එසේ ලියා ඇත්තේ එක්දහස් හාරසිය (1400) ගණන්වලදී විය යුතුය. ලියුම්කරු) ලියූ කතුවරුන් කවුරුන්දැයි පොත්වල සඳහන්ව නැත. ඒවායේ සඳහන් අන්දමට බුදුන් වසඟ කර ගැනීමට පැමිණියේ මාර දූන් නොව මාරයාගේ සහෝදරියන් තිදෙනාය. රතී, අරති සහ රඟා ඔවුන්ගේ නම්ය.

හ්‍යු නෙවිල්ගේ විවරණ විස්තරය මෙසේය.

මදන යක්‍ෂයා බන්ධනය කර විශේෂයෙන් පිළියෙල කරන ලද ඉනා බෙහෙතකින් බුදුන් වශී කර ගැනීමට ඔවුහු වෑයම් කළහ. එහෙත් බුදුන්ගේ ශීල ගුණය ඉදිරියේ මේ ඉනාව හරි නොගිය විට මාර සහෝදරියෝ විළි වැද පලා ගියහ. ඉනාව සෑදීමට ගත් ඖෂධ වර්ගද ‘මරඟන ඉනාවේ’ දක්වා තිබේ. සහෝදරියන් මේ ඉනාවෙන් ගුළි තුනක් සාදාගත් බවත් ඒවා ‘බෝධිසත්ව ගුළි’ ලෙසින් හැඳින් වූ බවත් පුස්කොළ පොතේ ඇත. හේ එම පොතේ පැදියකි.

දනිමි උගත්තා අන විණ නුඹ හොඳට
තනමු රූපයක් විණ කර බලන්නට
කියා ගොසින් දුක් නොව ඉන්ඩ අයියට
තනමු රූපයක් විණකර මරන්නට


‘මරඟන සැහැල්ල’
මරඟනන් තුන්දෙනාගේ බෝධිසත්ව ගුලි ඉනාව ගැන ‘මරඟන සැහැල්ල’ පොතේද කියයි. මේ පොතේ නමින්ම (මරඟන සැහැල්ල) පොත් තුනක් හ්‍යු නෙවිල් මහතාට ලැබුණු බව කියා ඇත. එයින් එක පොතක සමස්ත කවි ගණන එකසිය තුනකි. (103). දෙවැන්නෙහි අනූ තුනකි (93). තුන් වැනි පොතේ කවි පනස් දෙකකි (52).

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මහජන බැංකුව ඉතිහාසයේ ඉහළම ශේෂපත්‍ර වර්ධනය වාර්තා කරයි

Next Post

ශ්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර වූ සමාගම් අතරට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.