සීනි බදු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙන වෙනම විමර්ශන අරඹා ඇත.
ලැබුණු පැමිණිල්ලක් අනුව මේ පිළිබඳව විමර්ශන ඇරැඹූ බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ සම්බන්ධයෙන් විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ, මේ සිද්ධියට අදාළ තොරතුරු රැස්කිරීම දැනටමත් අරඹා ඇති බවයි.
මේ පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට නුදුරේදීම බාර දෙන බවද විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේය.










