තම පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග ඉදිරියේදී නිවැරදි තරුණ පිරිසක් සමඟ දේශපාලනයට පැමිණියහොත් තමාද කැමැත්ත ලබා දෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
කවදා හෝ හරියාකාරයට විශාල තරුණ පිරිසක් නිර්මාණය වී රට හැදීමට පැමිණියහොත් තම පුත්‍රයා ද ඒ සටනට එන්වනු ඇතැයිද කුමාරතුංග මහත්මිය අවධාරණය කළාය.
තමන්ගේ දරුවන්ට හොඳ අගයන් හා හොඳ අධ්‍යාපනයක් ලබා දී ඇති බවත් ඔවුන් ලංකාවට පැමිණියහොත් වෙනත් ආකාරයට රටේ දියුණුවට දායක විය හැකි බවත් හිටපු ජනාධිපතිවරිය පැවසුවාය.
දියණිය ලෝකය ගැන දන්නා සෑම දෙයකටම කෑකෝ ගසන කෙනෙකු බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරිය ලංකාවේ සිදුවන දේ පිළිබඳ තමන්ට කතා කරමින් කළ යුතු දේ ගැන අදහස් ලබා දෙන බවත් කියා සිටියාය.
දරුවන් දෙදෙනාම ලෝකය සහ රට වෙනස් කිරීමට දායක වෙන පුද්ගලයින් බවත්, තනිවම පැමිණ රට හැදිය නොහැකි බැවින් විශාල තරුණ පිරිසක් සමඟ එක්ව කටයුතු කළ යුතු බවත් ඇය සඳහන් කළාය.
ක්‍රමය වෙනස් නොකර කිහිප දෙනෙකුට රට ගොඩ නැගිය නොහැකි බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
”මෙරටේ තරුණ තරුණියන් පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට මගේ පුතා විමුක්තිත් ඒ සටනේ ඉඳීවි..” යැයි හිටපු ජනාධිපතිවරිය ප්‍රකාශ කළාය.
ඇය මේ අදහස් පළ කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.










