• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක කුසලානය ගැන කවුරුත් නොදත් කතා රැසක් මහින්ද මතක් කරයි (PHOTOS)

March 18, 2021
in Exclusive
Reading Time: 9 mins read
A A
ලෝක කුසලානය ගැන කවුරුත් නොදත් කතා රැසක් මහින්ද මතක් කරයි  (PHOTOS)
Share on WhatsAppShare on Facebook

අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවැති ලෝක කුසලාන විජයග්‍රහණයේ 25 වැනි ජාතික සැමරුමට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය කාර්යාලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම ජාතික සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ක්‍රිකට් ශූරයන්ට පිරිනැමූ පදක්කම් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබිණි. එම කුසලාන අගමැතිවරයා අතින් ක්‍රිකට් ශූරයන් වෙත ප්‍රදානය කිරීම මෙම ජාතික සැමරුම් උත්සවයේ විශේෂත්වයක් විය.

ලෝක කුසලාන විජයග්‍රහණයේ 25 වන සංවත්සර සැමරුම වෙනුවෙන් QR කේතය සහිත පළමු සැමරුම් මුුද්දරය හා විශේෂ සමරු කවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිරිනමන ලද අතර එතුමා විසින් අගමැතිවරයාට සහ 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතාට එය පිළිගන්වනු ලැබීය.

එම විශේෂ උත්සව අවස්ථාව අමතා අගමැතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව මෙසේ ය.

“අද වෙනකොට ලෝක ක්‍රිකට් කුසලානය දිනාගෙන වසර 25ක් සම්පූර්ණ වෙනවා. ඒ ජයග්‍රහණය අද ඊයේ වගේ තවමත් අපිට මතකයි. දැන් අපේ ක්‍රිකට් පිට්ටනියේ සිද්ධ වෙන දේවල් නිසා අපේ මේ ජයග්‍රහණය ක්‍රිකට්ලෝලීන් නිතර නිතර මතක් කරන බව මම කියන්න ඕන.

මිත්‍රවරුනි,අතීතය වැදගත් වෙන්නේ වර්තමානය හදාගන්න. මට මතකයි එදා පිට්ටනියේ සෙල්ලම් කළේ නිකම්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ නෙමෙයි. රට දිනවන්න ඕනෑ කියන හැඟීමෙන් යුතු තරුණ පිරිසක්. අපේ ජයග්‍රහණය එදා ආසියාවේ රටවලුත් සැලකුවේ තමන් ලබාගත්ත ජයග්‍රහණයක් හැටියට.

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, එංගලන්තය ආදී රටවල් එදා අපේ රටේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟවලට සෙල්ලම් කරන්න බැහැ කිව්වා. ලංකාවේ ඒ වෙලාවේ තිබුණ ත්‍රස්තවාදය, එදා කොළඹ බෝම්බ පිපිරීම් වැනි කරුණු ලංකාවට නොඑන්න හේතු හැටියට කිව්වා. ඒක ඉදිරියට දාලා ලංකාව මඟ ඇරීම ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.

අපේ ගුවන්තොටුපළ වගේ ම අපේ වරායත් ලෝකයේ තියෙන අනාරක්ෂිතම ස්ථාන හැටියට කීප වතාවක් නම් කරලා තිබුණේ. එදා අපේ රටේ සංචාරය කරන අයට අනාරක්ෂිත ප්‍රදේශ පවා නම් කරලා තිබුණා. එබඳු තත්ත්වයක් යටතේ මම ඉහතින් සඳහන් කරපු රටවල් ලෝක කුසලානයට ලංකාවට එන්න බැහැයි කිව්වා. මට මතකයි එදා අපේ හිටපු ක්‍රීඩා ඇමතිතුමා කිව්වා සංචාරක කණ්ඩායම් ලංකාවට එනවා නම් ඒගොල්ලෝ නතර වෙලා ඉන්න කාමරය ඉස්සරහා ක්‍රීඩා ඇමැති හැටියට මම නිදාගන්නම්, ඔබ ඇවිල්ලා ලංකාවේ ක්‍රිකට් ගහන්න කියලා.

ප්‍රසිද්ධියේ මාධ්‍යට එහෙම කිව්වත් ලංකාවේ ක්‍රිකට් ගහන්න එන්න එම රටවල් කැමති වුණේ නැහැ.ඒ වෙලාවේ ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු ආසියාතික රටවලට තේරුණා ලංකාව දිනනවට තියෙන අකමැත්ත මේ නොපැමිණීමට එක හේතුවක් කියලා. එතකොට ඉන්දියාව පකිස්ථානය ඇතුළු ආසියාතික රටවල් අපේ රටට තම සහෝදරත්වයේ දෑත දිගු කළා. ඒ අය ලංකාවට ඇවිල්ලා ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගවල යෙදිලා අපිට ධෛර්ය දුන්නා.

අපි ලෝක කුසලානය දිනූ තරඟය පැවැත්වුණේ පාකිස්ථානයේ. ඒ වෙලාවේ පාකිස්තානය අපිට දුන්න චියර් එක අනුව අපිට පේනවා ඒක ආසියාවේ ජයග්‍රහණයක් හැටියටයි ඒ අය සැලකුවේ කියල. එදා තමයි ලංකාවේ ජාතික ධජය ඔසවාගෙන වෙනත් රටවල්වල අය ජය කෙහෙලි නංවපු දවස.

මිත්‍රවරුනි,ඒ විතරක් නොවෙයි මට මතකයි මුරලිදරන් වැනි දක්ෂ දඟ පන්දු යවන්නෙක් පිටියෙන් ඉවත් කරන්න ලොකු උත්සහයක් තිබුණා. ඉතා ම අසාධාරණ තීන්දු මේ ක්‍රීඩකයාට විරුද්ධව දුන්නා. නමුත් ඒ වෙලාවේ හිටපු නායකත්වය මුරලිදරන් රැකගන්න ලොකු සේවයක් කළා. මේවා නිසා අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම් හැඟීම ඉතාම ඉහළ ගියා. ඒ සිද්ධීන් අද ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් වෙන්න මුරලිට බලපාපු බව මම විශ්වාස කරනවා.

මේ ලෝක කුසලාන තරගාවලිය ගැන අහපු එක කතාවක් මට මතක් වෙනවා. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ,ශ්‍රී ලංකා-ඉන්දියා අවසන් පූර්ව වටයේ තරඟය පැවැත්වුණේ ඉන්දියාවේ ක්‍රීඩාංගණයක. තරඟාවලියේ අවසන් භාගය කිට්ටු වෙන කොට ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් කලබල වෙලා ක්‍රීඩාපිටියට දිගටම ගල්, බෝතල් එවන්න පටන් ගත්තා. ඒ දර්ශන එවලේ මුළු ලෝකය ම දැක්කා. ඒ වෙලාවේ ක්‍රීඩාපිටියේ හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියේ කණ්ඩායමේ උපනායක අරවින්ද ද සිල්වා. අපේ අතිරේක ක්‍රීඩකයෙක් හැටියට හිටපු උපුල් චන්දන ගිහිල්ලා හතරේ සීමාවේ හිටපු අරවින්දට කිව්වලු අරවින්ද ඇතුළට යන්න මම හතරේ සීමාවේ සෙල්ලම් කරන්නම්, ගල්-වැලි-බෝතල් වැදුණොත් අවසන් තරඟය සෙල්ලම් කරන්න ඔයාට බැරි වෙනවා. එහෙම වුණොත් අපි අමාරුවේ වැටෙනවා කියලා.

තමන්ගේ ජීවිතය කැපකරන්න තරම් රට ගැන විශාල හැඟීමක් ඒ වෙලාවේ කණ්ඩායමට තිබුණ බව මම කියන්න ඕන. ඒ නිසා මේක මනුෂ්‍යත්වයේ කථාවක්.

මිත්‍රවරුනි,මට මතකයි ලෝක කුසලානය දිනාගෙන මේ කණ්ඩායම ලංකාවට ආව දවස. එදා තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපති ධූරය දැරූ අපේ ආණ්ඩුවක්. අර්ජුන රණතුංගගේ පියා ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියටත් හිටියා. නමුත් අර්ජුන රණතුංග ලෝක කුසලානය අරගෙන ගියේ එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වුණ ගාමිණි දිසානායක මහත්තයාගේ ගෙදරට. එහෙම යන්න හේතු වුණේ ලෝක කුසලානය දිනාගන්න ගාමිණී දිසානායක මහතාගේ පාලන කාලයේ දාපු පදනමට ගෞරවයක් වශයෙන්.

ඒ නිසා අද අපි මේ සමරන්නේ මනුෂ්‍යත්වයේ කථාවක්. ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කථාවට වසර 25ක් පිරෙන්නේ අද. එදා ක්‍රිකට් ගහපු ප්‍රවීණයන්ගේ (ලෙජන්ඩ්ස්-LEGENDS) ක්‍රිකට් තරඟ මේ දිනවල පැවැත්වෙනවා. ඒ අය පිට පිට ජයග්‍රහණය කරන බවත් පේනවා. ඒ ජයග්‍රහණයේ රහස ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම්වත්, මුදල්වත් නෙමෙයි. අතීතයේ විනයානුකූලව ක්‍රීඩා කිරිමෙන් ලබාගත් පුහුණුව. අතීතයේ ක්‍රීඩකයින් තුළ තිබුණු සාමුහිකත්ව හැඟීම. ඒ සාමූහිකත්වය නිසා තමයි ඒ අය ලෙජන්ඩ්ස්ලා වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපිට ලෝක කුසලානය ගේන්න පුළුවන්කම ලැබුණේ.

මිත්‍රවරුනි,අපිට අතීතය තියෙන්නේ වර්තමානය හොඳින් ගොඩනගා ගන්න. අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගා ගන්න හොඳ ම පාඩමකට තියෙන්නේ ඒ අතීතයයි. ඒ අතීතය වර්තමානයට ගෙනාවොත් අද අපි ඉන්න දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අතීතයේ තිබුණ සාමූහික හැඟීම, මනුෂ්‍යත්වයේ කථාව වර්තමානයට ගෙනාවොත් අපිට නැවත වතාවක් ඒ වගේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.

ඔබ සැමට තෙරුවන්සරණයි!”

මෙම අවස්ථාන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඇමැතූ අතර හිටපු නායක අර්ජුන රණතුංග මහතා ද සිය අදහස් ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, 1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගන්නා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක, එවකට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ක්‍රිකට් සභාපති (1996) ආනා පුංචිහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල, තැපල්පති රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරින්, ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයෝ හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

භාග්‍යා දැරිය වෙනුවෙන් සමගි වනිතාවෝ පෙරට එයි

Next Post

රුසියාවේ බිලියනපතියෙක් ලංකාවට ඇවිත්

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.