සිංහරාජ වන විනාශය පිළිබද රටට හෙළිදරව් කිරීම මුල් කරගෙන බලධාරීන්ගේ පීඩනයට ලක්ව සිටින භාග්‍යා අබේරත්න දියණිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව සමගි වනිතා බලවේගය පෙන්වා දෙයි.
එහි ජාතික සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙය භාෂණයේ නිදහසට එල්ල කළ මරු පහරක් යැයි කියාය.












