ප්‍රමුඛ රුසියානු ව්‍යාපාරිකයකු වන ඇන්ඩ්‍රි මෙල්නිචෙන්කෝ කොළඹට පැමිණ පෝර්ට් සිටියේ සංචාරයක නිරත වී තිබේ.
ඔහු සමඟ ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලනයෙකු හා හිටපු යුරෝපා සංගම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරංජන් දේවා ආදිත්‍ය මහතාද පැමිණ ඇති බව වාර්තා වේ.
මෙල්නිචෙන්කෝ යනු ස්විට්සර්ලන්තය පදනම් කරගත් පොහොර දැවැන්තයෙකු වන යුරෝ කෙම් සමූහය සහ රුසියාව පදනම් කරගත් ගල් අඟුරු බලශක්ති සමාගමක් වන SUEK හි ප්‍රධාන ආයෝජන සිදුකරන බිලියනපතියෙකි.
මෙල්නිචෙන්කෝ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ධනාත්මක අදහස් ප්‍රකාශ කළ අතර නව නගරය සෑදීමේදී උපායමාර්ගික සැලසුම් කිරීම පිළිබඳව ඔහු තුළ පැහැදීමක් ඇති විය.
මෙම අවස්ථාවට ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර සහ ආයතනික අංශයේ ප්‍රවීණ රාජන් බ්‍රිටෝ යන මහත්වරු සහභාගී වූහ.










