• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පොත් ප්‍රකාශනයේ ඉතිහාස කතාව

September 23, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මිනිසා කියවීමට පුරුදු වූයේ කෙදිනකදැයි නිශ්චිත ලෙස කිවහැකි නොවේ. එනමුත් මිනිසා ලිවීම ආරම්භ කළ දිනයේ පටන්ම කියවීමටද පටන්ගත්තේ යැයි කීම වරදක් නොවේ. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යනුවෙන් රුවන් වැකියක්ද සිංහල සමාජයේ ජනප්‍රියව පවතී. ලේඛන කලාවේ දියුණුවත් සමග මිනිසා කියවීමට ඇති වූ රුචිය වර්ධනය වූ අතර වර්තමානයේ තාක්ෂණික දියුණුව නිසා යම් මට්ටමකින් කියවීම අඩු වුවද පොත් කියවන පිරිස් තවමත් අප අතර සිටින බව සැබෑවකි.

පොතක් බිහිවීමේ ක්‍රියාවලිය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පොතක් ලීවද එය ප්‍රකාශනයෙන් පොතක් වශයෙන් කලඑළි බැසිය යුතුය. එකී කෘතිය සමාජ ප්‍රගමනයට සුවිසල් බලපෑමක් කළ යුතු අතර එසේ වූ කෘතියක් මඟින් සමස්ත මිනිස් වර්ගයාටම ලැබෙන ජීවන දර්ශනය සුළුපටු නොවේ.

වර්තමානය වන විට විවිධ පොත් ප්‍රභේද වශයෙන් බෙදා දැක්විය හැකිය. නවකතා, කෙටිකතා, පරිවර්තන කෘති, විද්‍යා ප්‍රබන්ධ, ශාස්ත්‍රීය කෘති, පර්යේෂණ කෘති, කාව්‍ය සංග්‍රහ ආදී ලෙස ඒවා විවිධාංගීකරණය කළ හැකිය. රචකයා ලියන දේ පාඨකයා වෙත පමුණුවන්නේ මුද්‍රණය හා ප්‍රකාශනය මඟිනි.

පුද්ගලයා ලිවීමට පටන් ගත් නිසා පාඨකයා, ලේඛකයා යන දෙදෙනා සමාජය තුළ නිර්මාණය විය. ලේඛකයා මෙහිදී පාඨකයාට වඩා තරමක් හෝ ඉදිරියෙන් සිටි අතර සමාජයට යමක් ලබාදීමේ ප්‍රමුඛ කාර්යභාරය ඇත්තේද ඔහුටය. විවිධ තේමා මත බිහිවන කෘති පාඨකයා කරා යොමුකිරීමට ප්‍රකාශනය මඟින් ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. ලේඛකයකු වුවද තම කෘතිය මුද්‍රණද්වාරයෙන් එළියට යෑමට නම් එකී ආයතන තිබිය යුතුය. එසේම මුද්‍රණ ආයතනය අදාළ කෘතිය සම්බන්ධයෙන් වගවීමක් නොවන අතර කෘතියේ අයිතිය කර්තෘට හිමිවේ. ක්‍රමයෙන් පොත් ප්‍රකාශන ආයතන බිහි වූ අතර ඒ මඟින් කෘතියට වැදගත්කමක් ලැබිණි. වර්තමානය වන විට බොහෝ ප්‍රකාශන ආයතන අප රටේ පවතින බව සැබෑවකි. මහා පරිමාණයෙන් ප්‍රකාශනය කරන ආයතන මෙන්ම සීමිත ප්‍රමාණයක් ප්‍රකාශනය කරන ආයතනද වශයෙන් බෙදා දැක්විය හැකිය.

කෘතියේ ජනප්‍රියත්වය ප්‍රකට කරනු පිණිස එක් සාධකයක් ලෙස සැලකිය හැක්කේ ප්‍රකාශන ආයතනයේ නාමයයි. එයට අද වන විට ලබා ඇති ප්‍රසිද්ධිය අනුව කෘති අලෙවි වේ.
අතීතයේ පොත් ප්‍රකාශනයක් පැවැති බවට සාක්ෂ්‍ය නැත. මුද්‍රණ ශිල්පය ලෝකයේ ආරම්භ වන්නේත් 14 වැනි සියවසේදී පමණය. යුරෝපයේ ක්‍රමයෙන් වර්ධනය වූ මුද්‍රණ ශිල්පය අප වෙත ලැබුණේ පෘතුගීසි, ලන්දේසි පැමිණීමත් සමඟය. ඔවුන් ආගම ප්‍රචාරණය කිරීම සඳහා මුද්‍රණ ශිල්පය මෙහි ආරම්භ කළ අතර ක්‍රමයෙන් එය මෙරට වර්ධනය විය. බටහිර ලෝකයේ වූ මේ සමාජ පරිවර්තනයත් සමඟ යුරෝපය කේන්ද්‍ර කරගෙන සුවිසල් දියුණුවක් ඇති විය. බටහිර ජාතීන් යටතේ අපත් සියවස් ගණනාවක් සිටි නිසා ඔවුන්ගේ මෙකී යන්ත්‍ර සූත්‍ර මෙරටෙහිද ස්ථාපිත විය. මෙරටට නිදහස ලැබීමට පෙර සිටද දියුණු මුද්‍රණාල හා මුද්‍රණය සඳහා අවැසි අමුද්‍රව්‍ය තිබුණු බව පෙනේ.

මුද්‍රණ ශිල්පයේ මහත් පෙරළියක් ඇති කළ කාලවකවානුවක් ලෙස 19 වැනි සියවසේ මැද භාගය සඳහන් කළ හැකිය. විවිධ ආගමික ග්‍රන්ථ පමණක් නොව සාහිත්‍ය විෂයයෙහිලා ගිණිය හැකි කෘති රාශියක් මේ කාලයේදී සමාජයට දායාද විය. එසේම විවිධ දැන්වීම්, කවි කොළ, පුවත්පත් අප සමාජයට දායාද විය. සමාජය දෙස විචක්ෂණව බැලූ විවිධ නිර්මාණකරුවන් සමාජයේ ප්‍රගමනය සඳහා වැදගත් තේමා ආශ්‍රයෙන් කෘති රචනා කළ බව පෙනේ. 19 වැනි සියවසේ මැද භාගයේදී ගංගාරෝහණ නම් පූජාවක් මූලික කරගෙන පැනනැඟුණු කාව්‍යවාදය නිසා ඇති වූ කවි කලාවේ ප්‍රගමනය මුද්‍රණ ශිල්පය තිබීම නිසා වැදගත් විය. පුස්කොළ පොත්වල ලියනවාට වඩා මෙය වැදගත් කොට සැලකිය හැක්කේ පිටපත් වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කරගත හැකි වීම හේතුවෙනි.

විවිධ සිදුවීම්, පින්කම්, වාදවිවාද ආදිය මූලික කරගනිමින් විවිධ කෘති බිහිවිය. මුල් කාලයේ බිහි වූ කෘති මුද්‍රණද්වාරයෙන් එළියට පිටවීමේදී එය ප්‍රකාශනය කරන ස්ථානය වෙනුවට යෙදූයේ ප්‍රකාශනය කිරීම සඳහා දායකත්වය ලබාදුන් තැනැත්තාගේ නාමයයි. ඔවුන් තමන්ගේ නාමයෙන්ම ප්‍රසිද්ධියක් ලැබීමට මෙසේ කළා විය හැකිය. ඩී.ඊ.ඒ. ගුණවර්ධන, පී.එච්. විලියොම් සිඤ්ඤෝ, ඇන්.ජේ. කුරේ, වයි. ඩබ්ලිව්. ජෝන් සිඤ්ඤෝ, ඩී.සී. රණවක ආදීන් 19 වැනි සියවසේ අවසාන කාර්තුවේ ප්‍රසිද්ධියට පත්ව සිටි ප්‍රකාශන කටයුතු සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ කිහිපදෙනෙකි.

ප්‍රකාශයට පත් කරන මුද්‍රණ ආයතන බොහෝ විට නගරය කේන්ද්‍ර කරගෙන පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රයෙන්ද බිහිවී තිබූ බව පෙනේ. මාතර ලංකෝපකාර යන්ත්‍රාලය, කොළඹ ග්‍රන්ථාලෝක යන්ත්‍රාලය, මාතලේ ශ්‍රී ලංකා යන්ත්‍රාලය, ගාල්ල සුසඳකිරණ යන්ත්‍රාලය, මොරකැටිආර විජේපාල යන්ත්‍රාලය, මහනුවර සිරිසර යන්ත්‍රාලය, මරදාන විද්‍යා ප්‍රබෝධ ප්‍රකාශන, අම්බලන්ගොඩ විජය යන්ත්‍රාලය ආදිය ඉන් කිහිපයකි. ඉතා අඩු තාක්ෂණයක් පැවැති කාලයක, අවම අමුද්‍රව්‍ය පැවැති සමයක මෙසේ මුද්‍රණ යන්ත්‍රාල ඇතිවීම හා ප්‍රකාශනය සඳහා පිරිස් ඉදිරිපත් වීම වැදගත් කොට සැලකිය හැකිය.

20 වැනි සියවසේ 08 වැනි දශකය තුළ ඇති වූ විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා වැඩි වශයෙන් තාක්ෂණයට දොරගුළු විවර විය. මුද්‍රණ ශිල්පයේ ක්‍රමික දියුණුවත් ග්‍රන්ථ ප්‍රකාශනයේ ශීඝ්‍ර දියුණුවත් මේ සමඟ ඇති විය. ඉහතින් සඳහන් කළ ගුණසේන, ගොඩගේ වැනි ප්‍රකාශන ආයතන රටේම නමක් දිනාගෙන සිටි ආයතන ලෙස නම් කළ හැකිය.

අද වන විට කතුවරයාගේ ප්‍රසිද්ධිය මත ප්‍රකාශන ආයතන ජනප්‍රිය වන අවස්ථාද ඇත. එක් අවස්ථාවක් මුද්‍රණය කර ප්‍රකාශනයට පත් කළ කෘති වර්ෂයක් ගතවීමටත් පෙර නැවත මුද්‍රණය කිරීමට සිදුවන අවස්ථා නැතිවාද නොවේ. එයින් කියැවෙන්නේ කෘතියේ සහ රචකයාගේ සාර්ථකත්වයයි. කෘතිය කියවීමට රචකයාත් තදින්ම බලපාන අතර කෘතියේ මතුපිට පෙනුම, හැඩය ආදියත් වැදගත් කොට සැලකිය හැකිය. කෙසේ වුවත් පොත් ප්‍රකාශනයේ ආරම්භක අවස්ථාවත් වර්තමාන තත්ත්වයත් දෙස බැලීමේදී අහසට පොළොව තරම් පරතරයක් පවතින බව කිව යුතුය.

පොත් කියවන පිරිසක් සිටින තාක්කල් රචකයන්ට හා ප්‍රකාශකයන්ට වැදගත් වේ. පාඨකයන් මත ඔවුන්ගේ පැවැත්ම තීරණය වන බැවිනි. සමාජයට වැදගත් අලුත් දෙයක් ලබාදීමට රචකයා සමර්ථ විය යුතු අතර එවැනි දෑ ප්‍රකාශනයට පත්කිරීමේ අත්‍යුදාර කර්තව්‍ය ප්‍රකාශන ආයතනවලින් සිදුවිය යුතුය.

පදියතලාවේ ඥානවිමල හිමි

SendShareShare
Previous Post

ගෝඨාට අලුත් ප්‍රශ්නයක්

Next Post

කැදැල්ලට ආරාධනා ඇවිත්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.