• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇඟළුම්වලින් මේ වසරේ ඩොලර් බිලියන 5ක සහතිකයක්!

March 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇඟළුම්වලින් මේ වසරේ ඩොලර් බිලියන 5ක සහතිකයක්!
Share on WhatsAppShare on Facebook

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බවත්, ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සමග අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟළුම් ක්ෂේත්‍රය ප්‍රමුඛස්ථානයක් ගනී. ශ්‍රී ලංකාව ඉතා උසස් තත්ත්වයේ ඇඟළුම් සඳහා ලෝක පූජීත සන්නාමයක් බවට පත්කිරීමේ හැකියාවද ලැබී තිබේ. දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ඉලක්ක සපුරා ගැනීමට රජය විශේෂ උනන්දුවකින් ක්‍රියා කරන අතර, මේ වර්ෂයේ අපේක්ෂිත ඉලක්කය ඩොලර් බිලියන 5.1කි. ඉලක්ක සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ ජනාධිපතිතුමා හමුවේ සහතික වූහ.

සෞඛ්‍ය නිර්දේශ නිසා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද  ව්‍යාපාරිකයෝ  පැහැදිලි කළහ. රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නොවන අයුරින් ඇඟළුම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට ඇති හැකියාව සොයා බැලීමට යෝජනා කෙරිණි.

ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය පිළිබඳවද අවධානය යොමු වූ අතර ගුණාත්මක හා සුරක්ෂිත රැකියා අවස්ථා උදා කිරීම තුළින් ක්ෂේත්‍රයට තරුණ තරුණියන් ආකර්ශණය කර ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ආයෝජකයන්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීම හා වීසා ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, යන මහත්ම මහත්මිහූ සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීහූ, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපති අශ්රෝෆ් ඕමාර් මහතා ඇතුළු සාමාජිකයන් සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කජීමාවත්ත සජිත්ව පිළිගත්තත් මනෝට විරෝධය පායි (VIDEO)

Next Post

කාටත් පාඩමක් කියා දී සමුගත් ඇගේ නොදත් කතාව: වැලිඅංගේ සටහනකුත් තියලා

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.