පසුගියදා හංවැල්ල හෝටයකදි අමානුෂික ලෙස බෙල්ල කපා ඝාතනය කළ තරුණිය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි දිලිනි යෙහන්සායි. ඇයට ජිවිතයෙන් සමුගන්නට සිදුවන්නේ තිස් හැවිරිදි වියට පාතබන්නට ඔන්න මෙන්න තිබියදියි. ඇය ඉපදුණේ 1991 වර්ෂයේ අප්‍රියෙල් 28 වනදායි. ඇය අකුරු කළේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය සහ නාරද මධ්‍ය මහා විද්‍යාලවලින්.
කෙසේ වෙතත් මේ සිද්ධියෙන් රටේ ජනතාවට ඇති වු ප්‍රශ්න නම් මරා දමා ඇති තරුණිය කවුද? ඇය කොහේද ජීවත් වුණේ ඇය මරා වේල්ල විදියට ගෙනාවේ ඇයි? ඇගේ හිස කොහේද වැනි කරුණු රටේම කතාබහට ලක්වුණා.
දිලිනිගේ පියා නැතුව යන්නේ ඇයට අවුරුදු 11 වගේ පුංචි කාලේදිමයි. ඒ හෘද රෝගයකින් අම්මා තේ දළු කඩලා ඇයව සහ අයියාව ජීවත් කෙරෙව්වා. නමුත් දිලිනි මිතුරියෙකුට පවසා තිබුණත් ඇය අම්මාගේ බඩේ ඉන්දැද්දි අම්මාගේ නංගි එක්ක තාත්තා පැනලා ගියා කියලායි. කෙසේ වෙතත් ඇය ජිවත් වුයේ මව සහ ඇයට වැඩිමහල් සහෝදරයෙකු සමගයි. සහෝදරයා කුරුවිට ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික මන්ත්‍රිවරයෙක්. ඔහු නමින් ප්‍රභාත් ජයසුරියයි.
ඇය කලක් සීතාවක හයිඩ්‍රාමනි ඇඟලුම් කම්හලේද පෞද්ගලික ආයතනයකද සේවය කර තිබුණා. මෑතකදි සේවය කළේ කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික දුරකථන ආයතනයක සිම් කාඩ්පත් අලෙවි කිරිමේ ස්ථානයක අලෙවි නිලධාරිනියක් ලෙසයි. ඇය මීට මාස හතරකට පමණ පෙර මව වයෝවෘද්ධ නිසාවෙන් තම එකම සහෝදරයාගේ ඉල්ලිම මත ගෙදර නවතින්න කටයුතු කළා. ගෙදර නැවතීම නිසා ඇය පසුගිය අවුරුදු කිහිපයේදි ගතකළ යොවුන් කඳවුරුවල ජීවිතය වගේම ඈ ගතකළ නිදහස් ජිවිතයද සීමා වුණා. ඒ බව ඇගේ ෆේස්බුක් ගිණුම පිරික්සන්නෙකුට වටහා ගන්නට පුළුවන්. ඇය තරුණ සේවා සභාවේ තරුණ කණ්ඩායම් සමග එකතුව තාප්ප පින්තාරු අලංකරණ කටයුතුවලද නිරතව කටයුතු කළා. ඇය තරුණ සේවා සභාවට එක්වන්නේ 2017 වර්ෂයේ සිටයි. ඒ වගේම පොදු සමාජ සේවා කටයුතුවලද නිරතව කටයුතු කරන්නට වුණා. පසුගිය වර්ෂයේ නිතිඥ එරන්ද වැලිඅංගේ මහතාතේ ඡන්ද වැඩ කටයුතුවලට සහය දීමෙන් විශාල සහයක් පළකළා. නිතරම ෆේස්බුක් මාධ්‍ය ජාලයේ නිතර සැරිසැරන්නට වුණා. ඇය අවසන් වරට ෆේස්බුක් පිටුවේ සැරි සරා ඇත්තේ 2020 ජුනි මාසයේදීය. ඇගේ ෆේස්බුක් පිටුවේ මෑතකදි සිද්ධින් කවුරුන් හෝ විසින් මැකුවාද එසේ නොමැතිනම් යාවත්කාලින කර නැත්තේ කුමක්ද නිසාද යන්න ජනතාවට කුතුහලයක් එක්කරනවා නොඅනුමානයි.
ඇයට ප්‍රේමසිරි මුණ ගැසෙන්නේ දේශපාලන කටයුතුවලදි තම සහෝදරයා සමග එක්ව කටයුතු කරද්දිය. එනම් ප්‍රභූ ආරක්ෂක අංශයේ ඔහු සේවය කරන අතරතුරදියි. ඒ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු වූ හේෂා විතානගේ මහතාගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ අවස්ථාවේදීයි.
සිද්ධිය සිදුවන්නට පෙර ඇය ශ්‍රි පාද වන්දනාව සදහා පිටත්ව යන බව තම මවට සහ සොහොයුරාට කියා නිවසින් පිටව යන්නේ පෙබරවාරි 27 වැනිදා. ඇය ගෙදරින් පිටවන අවස්ථාවේ හීනෙකින්වත් හිතන්නට නැතුව ඇති මේ යන්නේ ඇගේ අවසන් ගමන බව, ඇය අවසන් වරට 27 වෙනිදා රාත්‍රියේ 9.50ට පමණ තම සොහොයුරාට දුරකථන ඇමතුමක්දි “මම දැන් යාලුවොත් එක්ක එරන්තේ ඉන්නේ” කියා කියලා තිබුණා.
දිලිනිගේ ෆේස්බුක් ගිණුමේ තැබු සටහන් කිහිපයක් මේ.
“ලොකු මිනිස්සු මට ලොකු නැහැ. හොඳ මිනිස්සු මට ලොකු”
දිලිනි ඔයා එසේ කිවත් ඔයා සමාජය වරදවා වටහා ගෙන තිබුණා. ඒ බව මේ සිද්ධියෙන් සනාථ වෙනවා. ඔයා හොද මිනිස්සු කියා ආශ්‍රය කළේ නපුරු විෂකුරු මිනිස්සුන්ය.
“අනුන්ට ඕන විදියට ඉන්නේ නැහැ. මන් ඉන්නේ මට ඕන විදියටයි”
ඔයාගේ නිදහස ඔයා හරි වැරැද්ද තේරුම් නොගෙන භුක්ති වින්දා. ඒකේ ඵල විපාක තමයි අද අපිට දකින්න සිද්ධ වෙලා තියෙන්නේ මේ සමාජය විෂකුරුයි. ඔයා ඒ බව ඔයා තේරුම් ගත්තේ නැහැ. නිදහස් ජිවිතයක් ඔයා ගතකළා. ඔයා හිතුවා සමාජයත් එක්ක ගැටෙන කොට, මම දැන් මාරම අත්දැකීම් බහුලයි කියලා. මට ආයේ කාගේවත් උපදෙස් මග කියා දීම් අවශ්‍ය නැහැ කියලා, ඔබේ යෞවනයත් එක්ක එහෙම හිතුවාට, ඔහු ජීවිතය වරද්ද ගත්තේ අන්න ඒ පණ්ඩිතකම් නිසායි,
“ඉන්නේ ඒක අයියයි ඊට වඩා පොරක් මේ ලෝකේ නැහැ”
ඔයා එහෙම කිව්වාට ඔයාට වෙන ඇය ඉන්න බව ඔයා කියපු දේවල්වලින් සනාථ කළා.
“ජිවිතේට අවශ්‍ය වෙන්නේ තාවකාලික අත්වැලක් නොව සදාකාලික සෙනෙහසක්ය”
ඔයා ඒ සදාකාලික සෙනෙහස කියා වැළඳගත්තේ වැරදි සෙනෙහසකුයි.
“මිනිස්සු කුහකයි කියලා ඉගැන්නුවේ වටේ පිටේ ඉන්න මිනිස්සු නෙවෙයි අපි ළගම හිටපු මිනිස්සුයි”
ඔයා ළඟම සිටි මිනිස්සු තමයි ඔයාටත් මෙවැනි අපරාධයක් සිදු කළේ.
“මානසික පිඩනයට ප්‍රධානතම හේතුව වන්නේ නොගැලපෙන මිනිසුන් සමග ගනුදෙනු කිරිමයි” යනුවෙනි.
ඔයා මේවා වචනවලට පමණක් සීමා කළා. ඔයා මේ දේවල් තේරුම් ගත්තා නම් අදටත් ඔයා ජීවත් වෙනවා.
ඒ ඔහු ඔබට මවා පෑ සුන්දර ලෝකය නිසා ඔබ මුසපත්ව අන්ධ වි සිටි නිසායි. ඒ වදන් ගගට කැපු ඉනි වගේ ගහගෙන ගියා එහෙත් මේ සියල්ල සිදුවි හමාරයි.
පසුගිය වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ නිතිඥ එරන්ද වැලිඅංගේ මහතාතේ ඡන්ද ව්‍යාපාරවලද වැඩ කටයුතුවලට ඇය ඉතා මහන්සි වි උද්යෝගිව කටයුතු කළා. එරන්ද මහතාගේ පින්තුරයක් සමග ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබුවේ මෙලෙසින්.
ආදරණීය දිලිනි යෙහන්සා සොයුරිය. ඔබට සුබ ගමන්.
හිත් පිත් නැති ලෙස තමා ආදරය කළ තරුණියව තමා අතින්ම මරා දමන්නට කෙනෙක්ට හැකි නම් මිනිස්කම කොයි තරම් නම් සිල්ලරට අලෙවි වන තැනකට අප පත්ව ඇතිද යන්න අමුතුවෙන් කිවයුතු නැත. එසේ මරා හිස වෙන් කොට සිරුරද බෑගයක දමා බස් රියට නැගී එය රැගෙන යන්නට තරම් මිනිසෙකුට හිතක් හදා ගත හැකිද?
දියණියක් යනු නිවසටම සිරිකත කැන්දන දෙවි දුවකි. ඇය ඉපදුන දවසේ ඇය හඬන විට ඇගේ මවුපියන්ද තුටු කඳුලු වගුරමින් සිනහ වන්නට ඇත. බහතෝරන වියට විත් හැදී වැඩී සමාජයට එක් වන ඇගේ හිතේද දහසකුත් බලාපොරොත්තු හීන පොදි බැඳගෙන තිබෙන්නට ඇත. ආදරණීය ප්‍රේමවන්තයෙකු, දයාබර සැමියෙකු, යහපත් පවුල් ජීවිතයක්. ඇගේ හීන අතර ඉදිරියෙන්ම තිබෙන්නට ඇති.
එහෙත් ඒ සියලු හීන බලාපොරොත්තු එක තත්පරයකින් විනාඩියකින් සුනු විසුනු කොට ඇගේ ආත්මයම වනසා දමන්නට තරම් මිනිසෙකුට හිත හදාගන්නට පුළුවන් වීම දෛවයේ සරදමකි. ඒ මිනිසා, තම ප්‍රාණ සම ප්‍රේමවන්තයා වීම ඊටත් වඩා හද පාරවන්නකි.
ආදරණීය දිලිනි යහන්සා සොයුරිය. මා ඔබව මුල් වරට හඳුනා ගන්නේ මීට වසර කිහිපයකට ඉහතදී යෞවන සමාජ ක්‍රියාකාරිනියක් වශයෙනි. එදා සිටම කඩිසරව යුහුසුලුව අන් අයගේද ආදරය දිනා ගන්නට තරම් ඔබ වාසනාවන්ත විය.
අවසන් වරට මට ඇගෙන් ඇමතුමක් එන්නේ පසුගිය මාසයේ දීය. ඒ ඇගේ මිතුරියකගේ කුඩා දරුවෙකු සම්බන්ධ ගැටලුවකටය. එහෙත් එදා ඇය කියූ ඒ ගැටලුව ඇගේ ගැටලුවක් බව මා තුන් හිතකින්වත් නොසිතුවේය.
එදා එලෙස කතා කළ ඇය ගැන මෙදා මෙලෙස සටහනක් තබන්නට සිදුවේ යැයි මට කිසි දිනෙක නොසිතුණි.
යුවතියකට දියණියකට සමාජයෙන් එන අභියෝග හමුවේ මෙවැනි අවාසනාවන්ත ඉරණම් කතා ලියවෙනුයේ දිලිනි සොයුරියගේ නම ඉදිරියෙන් පමණක්ම නොවන බවද අප දනිමු. මෙසේ කටුක අත්දැකීම් ලබා අකලට මිලින වූ පළමු හෝ අවසන් තරුණියද ඇය නොවනු ඇත.
එහෙත් නීති බලාත්මක කරනවා මෙන්ම, ඇතැම් ප්‍රශ්න හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තැනට පත් වීමට පෙර සමාජ ශෝධනයෙන් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කළ හැකි නම් මෙවැනි කඳුළු කතා මින් මතු නොලියවෙනු ඇත.
ඒ වෙනුවෙන් සමාජීය සහ සාර්ධර්ම වශයෙන් අප තවත් යහදමින් සවිමත් විය යුතුය. ප්‍රශ්නයක් වූ විට විසඳනවා වෙනුවට ප්‍රශ්නය නිර්මාණය වීමට පෙර විසඳුමක් ලබා දිය හැකි නම් ස්ත්‍රිත්වයට මෙලොව තවත් සුන්දර තැනක් වනු ඇත.
නැගණිය, අපට එකට එක් වී ඔබ වෙනුවෙන් කළ හැකි යමක් ඉතිරිව ඇත්නම් නොපමාව එය කරන්නෙමු. මෙවැනි හිත් පිත් නැති නරුමයින්ට ඔබ වැනි නැගණිවරු බිළි වීම වළක්වාලන්නට අපට හැකි නම්, ඔබත් කොහෝ හෝ හිඳ නිහඬවම ඒ ගමනට ආශිර්වාද කරනු ඇත.”
ඒ ඔහුගේ සටහනයි.

ඔයා පුංචි කාලේදිම ඔයාගේ පියා ඔයාට අහිමි වුණා. අම්මාගේ ආදරය පමණක් ලැබිමෙන් ඔයා සෑහිමකට පත්වුණේ නැහැ. අම්මා වයෝවෘද්ධ නිසා ඔයා ගැන හොයා බලන්නට අම්මාට ශක්තියක් නැහැ. ඔයා නිසි වයසට එනකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් මේ ලෝකේට බිහිකළා නම් සහකරුවෙක් සොයා ඔයාගේ ඒ කටයුතු කරදෙන්න මේ තරම් කල් අරින්නේ නැහැ.
ඔයා හරියි කියලා කවදාවත් සමාජය කියන්නේ නැහැ. ඒත් තරුණ වයසට පත්වෙන තරුණියක් අදරයක් සොයා යෑම සාධාරණයි. ඔයා මේ සමාජයෙන් රැවටුනා. මේ දේවල්වලට සමාජය දෙමව්පියන් වගකියන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා ඔයා ජීවිතේ නිදහස සොයා ගිහින් ඒවා හරිද වැරදිද කියලා අවවාද දෙන්න සොයා බලන්න කෙනෙක් ඔයාගේ පිටුපසින් ඉඳලා නැහැ. ඔයාගේ ශක්තිය නිර්මාණය කරගන්න ඔයා උත්සහ දරලා.
බුදු දහමට අනුව මෙහෙම සිදුවෙන්නේ අපි කළ කර්ම ශක්තිය අනුවයි. අපිට හොඳ කෙනෙකු හම්බවෙන්නේ ඒ කළ පිං පව් අනුවයි. ඉතින් ඒ කළ පව් නිසා මෙසේ ජීවිතය නිමා වෙන්න ඇති. ආදරේ හරි වැරැද්ද තේරෙනකොට ගොඩාක් දේවල් අහිමි වෙලා ඉවරයි. මේ ලෝකය සමාජය කෙසේ කීවත් මේ අපේ බුදු දහමට අනුව ඇය ගෙනා කර්ම ශක්තියයි. දිලිනි ඔයා මේ සමාජයේ ගෑනු ළමයින්ට පාඩමක් ඉගැන්නුවා. ඒ ගැලපෙනය අයට ගැලපෙන වයසට ආදරය කරන්න කියලයි.
නිලන්ති රේණුකා










