පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලංකාවේ සාමයට අත්‍යවශ්‍ය ලියැවිල්ලක් යැයි ත්‍රස්තවාදය පිළිබඳ ලොව පිළිගත් මහාචාර්යවරයෙක් වන රොහාන් ගුණරත්න පවසයි.
ලංකාවේ අනාගත සාමය සහ ස්ථාවරත්වය සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අගනා ලියැවිල්ලකි.
ලංකාවේ සෑම පුරවැසියකුටම මෙය කියවිය යුතුය.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම අත්‍යාවශ්‍යයය.
ආගමික නායකයන් ආගමික අන්තවාදය පාලනය කළේ නැතහොත් එහි ප්‍රතිඵලය ත්රස්තවාදයයි.
සමස්ත ලංකා ජමියා තුල්ලා උලමා සංවිධානය මෙහිදී අසාර්ථක වී ඇත. මෙම සංවිධානයේ සමහර ආගමික නායකයන් ලංකාවේ මුස්ලිම් සංස්කෘතියට, සම්ප්‍රදායට තර්ජනයක් වන පරිදි විදේශ මතවාද, විදේශ සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න ගොස් මේ තත්ත්වය ඇති වී තිබේ.










