• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුරුවිට තරුණියගේ ඝාතනයෙන් පසු රටම පුදුම වන හෙළිදරව්වක්: අවුරුදු 5ට කාන්තාවන් 23,000ක් අතුරුදන්

March 14, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කුරුවිට තරුණියගේ ඝාතනයෙන් පසු රටම පුදුම වන හෙළිදරව්වක්: අවුරුදු 5ට කාන්තාවන් 23,000ක් අතුරුදන්
Share on WhatsAppShare on Facebook

ගුණසිංහපුර බස් නැවතුම් පොළේ දමාගොස් තිබුණු ගමන් මල්ලක් තුළ තිබී සොයාගත් කුරුවිට තරුණියගේ ඝාතනය අදටත් ඇත්තේ අභිරහසක් ලෙසිනි. ඒ ඇගේ මරණය සිදුවූයේ කෙසේදැයි හිස කොටස නොමැතිව කියන්නට අධිකරණ වෛද්‍යවරුන්ටත් හැකියාවක් නැති බැවිනි. එම හැකියාව ඇහිරී යන්නේ ඇගේ මරණය සිරුරට එල්ලකළ ප්‍රහාරයකින් හෝ වසක් විසක් මගින් සිදුවී ඇතැයි තහවුරු නොවන බැවින් මරණයට හේතුව ඇත්තේ හිස කොටසේ වන බැවිනි. ඒ අනුව හිස කොටස පරීක්ෂා කිරීමකින් තොරව ඇගේ මරණය ගැන කියන්නට බැරිය.

කොළඹ අධිකරණ වෛද්‍ය පරීක්ෂාවකට ඇගේ සිරුර යොමු කෙරෙන්නේද බස් නැවතුම් පොළින් සිරුර හමුවී සතියකට පසුවය. ඒ බැලූ බැල්මට ඒ සිය සහෝදරිය බව ඇගේ සහෝදරයා විසින් හදුනාගත්තද හිස නොමැති වූ’බැවින් විද්‍යාත්මකව ඒ මිය ගොස් ඇත්තේ ඇයමදැයි තහවුරු කිරීමක අධිකරණමය අවශ්‍යතාවක් මතුවූ බැවිනි. ඒ අනුව ඇගේ අනන්‍යතාව තහවුරු කිරීමට ජාන පරීක්ෂාවකට යොමු කෙරෙන්නේ ඇගේ මව සහ සහෝදරයාවය. ඇගේ හිස නොමැති සිරුර පශ්චාත් මරණ පරීක්ෂාවකට ලක්වන්නේ එම ජාන පරීක්ෂාවෙන් මියගොස් සිටින්නේ කවුරුන්දැයි සැකහැර දැන ගැනීමෙන් අනතුරුවය. එහිදී විශේෂ අවධානයක් යොමුවූ කරුණක් වන්නේ ඇය ගැබිණියක්දැයි කියාය. ඒ ඇගේ මරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව එවන් සැකයක් මතුකරන්නට වූ බැවිනි. අධිකරණ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් පමණක් නොව, ඇය සම්බන්ධයෙන් තවත් පරීක්ෂාවන් කිහිපයක්ද කළේය. එහිදී තහවුරු වන්නේ ඇය කන්‍යාවියක් නොවුණත් ගැබිනියක් නොවන බවකි. එසේම ඇයට කිසිවෙකුත් බලහත්කාරකමක් කර නොමැති බවද තහවුරු විය. ඒ අනුව පැහැදිලි වන්නේ සියල්ල ඇගේ කැමැත්ත මත සිදුව ඇති බවකි.

ඒ අතර ඇගේ සිරුර සියුම් පරීක්ෂාවකට යොමු කරන්නේ යම් පහරදීමක් සිදුව තිබේදැයි සොයාය. එහෙත් පහරදීමක් කෙසේ පොර බැදීමකවත් ලක්ෂණයක් ඇගේ සිරුරේ සටහන් නොවීය. ඒ අනුව සිරුරට වද හිංසා කිරීමක් අධිකරණ වෛද්‍යවරයාට නිරීක්ෂණය නොවීය. ඒ අතර අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වන්නේ ඇගේ ආමාශය ඇතුළු සිරුරේ අභ්‍යන්තර කොටස් වෙතය. හෘද රෝගයකින් හෝ වෙනත් රෝගයකින් ඇය මිය ගියේ යැයි කියාවත් එහිදී තහවුරු වන්නේ නැත. එසේම වසක් විසක් ශරීරගතවූ බවට ආමාශයේ සලකුණක්වත් නොවීය. අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිරීක්ෂණයට ලක්වන්නේ ගෙලෙහි කැපුමය. එම කැපුමට අනුව ඇගේ ගෙල කපා ඇත්තේ මරණින් පසුව බව අධිකරණ වෛද්‍යවරයාට පෙනී ගියේය. ඒ ඔහුට ඒ සම්බන්ධයෙන් ඇති දැනුම පදනම් කරගෙනය. ජීවතුන් අතර සිටින පුද්ගයෙකුගේ ගෙල හෝ සිරුර කැපීමේදී සහ ජීවතුන් අතර නොමැති පුද්ගලයෙකුගේ සිරුර කැපීමේදී ඇති ලක්ෂණ පැහැදිලිවම අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඔහුගේ දැනුම් සම්භාරයට අනුව විද්‍යාත්මකව සඳහන් කිරීමට ඇත්තේ හසල දැනුමකි. ඒ අනුව ඇගේ මරණයද සිදුව ඇත්තේ මරණින් පසුව බව ඔහු නිගමනය කළේය. එසේ නම් ඇගේ මරණය සිදුවූයේ කෙසේද? ඊට අධිකරණ වෛද්‍ය නිලධාරියාටවත් පිළිතුරු නොවීය. කැලණීගග පවා පීරමින් පොලීසිය ඇගේ හිස සොයන්නට වූයේ මෙම ගැටලුව පැන නගින බව කල්තියාම දැනගෙනය. දැනට පෙනී ගොස් ඇති ආතාරයට අනුව ඇගේ මරණය සිදුව ඇත්තේ හිස කොටස අශ්‍රිතව යම් සිදුවීමක් හේතුවෙනි. එය ගෙල සිරකිරීමකින් හෝ හිසට තදබල පහරක් වැදීමකින් වුවත් සිදුවිය හැකිය. නැති නම් මුහුණට එල්ලකරන ලද පහරකින් ඇය මිය ගියා වන්නට පුළුවනි. හිස කොටස පරීක්ෂාවකින් තොරව මේ ගැන කියන්නට බැරිය. මේ තත්වය මත ඇගේ මරණය තවදුරටත් පවතින්නේ අභිරහසක් ලෙසිනි.

ඇගේ මේ මරණයත් සමග සමාජයේ සැඟවුණු මහා ඛේදවාචකයක්ද එළියට ආවේය. ඒ අපේ රටේ කාන්තාවන් විශාල ලෙස අතුරුදන් වීමකට ලක්වන බවටය. ගුණසිංහපුර බස් නැවතුම් පොළෙන් ඇගේ මළ සිරුර හමුවී පැය 24ක් යන්නටත් මත්තෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චිගේ ජංගම දුරකතනයට නිවනක් නොවූයේ ඒ බෑගයේ ඇති මළ සිරුර සිය ඥාතීන්ගේදැයි විමසා දැන ගන්නටය. ඒ අයගෙන් බහුතරයක් බිරිඳ අතුරුදන් සැමියන්ද, දියණියන් අතුරුදන් මව්පියවරුන්ය. මේ ඇමතුම් ගොන්න ඔහුට ලැබෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මළ සිරුර හමුවී පසුදින පෙරවරුවේ මාධ්‍ය මගින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ජංගම දුරකතනයේ අංකය ප්‍රසිද්ධ කිරීමත් සමගිනි. එම අංකය ප්‍රසිද්ධ කර පැයක් දෙකක් තුළ ඔහුට ලැබුණු දුරකතන ඇමතුම් ගණන සියයකට වැඩිය. ඒ සම්බන්ධයෙන් අජිත් රෝහණ මාධ්‍යයට සදහන් කරනු ලබන්නේ 200කට වැඩි ඇමතුම් ප්‍රමාණයක් පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී ඇති බවය. ඒ ප්‍රකාශය මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමග අජිත් රෝහණගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසියේත් දේශපාලනයේත් ඇතැම් බලධාරීන් අතර විරෝධතාවක් පවා ගොඩ නැගුණේය. ඒ එවැන්නක් ඔහු ප්‍රකාශ කිරීම තුළින් පොලීසියත් රජයත් අපහසුතාවට ලක්වන බවටය.

අජිත් රෝහණ කරන්නේ සමාජයේ සැඟවුණු යථාර්ථයක් එළියට දැමීමක් මිස පොලීසිය හෝ රජය අපහසුතාවට ලක්කිරීමක් නොවේ. බලධාරීන් සිතිය යුත්තේ කොළඹ නගරයේ දෙනෝදාහක් ගැවසෙන බස් නැවතුම් පොළක ගෙල කපා මරා දැමූ කාන්තාවකගේ සිරුරක් ගමන් මල්ලකින් මතුවීමත් සමග ඒ තමන්ගේ ඥාතියෙක්දැයි සොයා බලන්නට පොලීසියට දුරකතන ඇමතුම් සිය ගණනක් ලැබීම තුළ බරපතල සමාජ ඛේදවාචකයක් රට තුළ නිර්මාණය වී තිබීම පිළිබඳවය.

පොලීසියේම අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව අපේ රටේ දිනකට කාන්තාවන් දෙතුන් දෙනෙක්වත් අතුරුදන් වන බවට පැමිණිලි පොලීසියට ලැබෙන්නේය. ඒ අතර වැඩියෙන්ම ඇත්තේ පවුල් ආරවුල් හෝ අනියම් සම්බන්ධකම් හේතුවෙන් බිරින්දෑවරු සැමියන් අතහැර යාම් සහ තරුණ දියණිවරු සිය පෙම්වතා සමග පළායාම්ය. එසේ අතුරුදන්වන්නන්ගෙන් වැඩි දෙනෙක් නැවත සොයා ගැනෙන අතර ඒ අයව සොයා ගන්නේද පොලීසියේ මහන්සියකින් නොව. පැමිණිලි කරුවන් විසින්ම කරන සොයා බැලීම්වලදීය. ඒ මෙවැනි අතුරුදන් වීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලීසිය එතරම් උනන්දුවක් නොදක්වන බැවිනි. පොලීසිය යම් උනනන්දුවක් දක්වන්නේ නම් ඒ බලවතෙකු ඊට මැදිහත් වීමක් සිදුකළහොත් පමණි. නැති නම් අතුරුදන්වීම් අතුරුදන්වීම්ම පමණි. ඇතැම් පැමිණිලි පොලිස් පොත්වල සටහන් කර ගැනීමට පවා පොලීසිය උනන්දුවක් දක්වන්නේ නැති තරම්ය.

පොලීසියේම සංඛ්‍යා දත්තයන්ට අනුව 2015 වසරේ සිට 2020 වසර දක්වා අපේ රටේ අතුරුදන්වීම් වාර්තාවී ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී කාන්තාවනගේ ගණන 23204 දෙනෙකි. ඒ 2020 වසරේ 3716 දෙනෙක්, 2019 වසරේ 3425 දෙනෙක්, 2018 වසරේ 3325 දෙනෙක්, 2017 වසරේ 3617 දෙනෙක් , 2016 වසරේ 4420 දෙනෙක් සහ 2015 වසරේ 4701 දෙනෙක් වශයෙනි. මේ අයගෙන් කීදෙනෙක් නැවත හමුවී අතිදැයි එම සංඛ්‍යාදත්තවල පෙන්වන්නේ නැත. අතුරුදන් වන සියලුම කාන්තාවන් නැවත හමුවන්නේ නම් හිස නොමැති කාන්තා මළ සිරුරක් ගමන් මල්ලකින් හමුවීමත් සමග සිය ගණනක් ඇමතුම් වේල්ලවීදිය පොලීසියට ලැබෙන්නේ නැත. ඒ අතරද වැඩිම ඇමතුම් ඇත්තේ වසර ගණනාවක් තිස්සේ අතුරුදන්වූ කාන්තාවන් ගැන විමසා වීමද විශේෂත්වයකි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ආනන්ද මෛත්‍රී නාහිමියොත් වැඩියේ යැයි කියන මොකද්ද මේ අන්තිම සංගායනාව

Next Post

වචන 2න් හිට්වුණු ගජමෑන්

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.