• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආනන්ද මෛත්‍රී නාහිමියොත් වැඩියේ යැයි කියන මොකද්ද මේ අන්තිම සංගායනාව

March 14, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
ආනන්ද මෛත්‍රී නාහිමියොත් වැඩියේ යැයි කියන මොකද්ද මේ  අන්තිම සංගායනාව
Share on WhatsAppShare on Facebook

බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා තුන් මසකට පසුව රජගහනුවර වේහාර ප්‍රාන්තයේ සප්තපර්ණී ගුහාද්වාරය ඉදිරිපිට සැදූ අලංකාර වූ මණ්ඩපයකදී පළමු ධර්ම සංගායනාව පවත්වා ඇත. එවකට එහි ප්‍රධානත්වය මහා කාශ්‍යප හිමියන් ගත් අතර ඊට අනුග්‍රහය සපයා ඇත්තේ මගධයේ අජාසත් රජතුමා විසිනි. ආනන්ද, අනුරුද්ධ සහ උපාලි යන මහ රහතන් වහන්සේලා ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පන්සීයක පමණ ප්‍රධානත්වයෙන් මාස හතක් පුරාවටම මෙය පවත්වා තිබේ. පංච සතිකා යනුවෙන් හඳුන්වන්නේද එදා රජගහනුවරදී පැවැත්වූ මෙම පළමු ධර්ම සංගායනාවයි. එයින් පසුව කලින් කලට දෙවෙනි මෙන්ම තෙවෙනි ධර්ම සංගායනාද පවත්වා තිබේ. එමෙන්ම මාතලේ අලුවිහාරේදී සිව්වෙනි ධර්ම සංගායනාවත් බුරුමයේ මින්ඩොන් නම් රජතුමාගේ අනුග්‍රහයෙන් ව්‍යවහාර වර්ෂයෙන් 1871දී පස්වෙනි ධර්ම සංගායනාවත් පැවැත්වූ බව සඳහන් වෙයි.

මේ අතර ඉහත ධර්ම සංගායනා පහට අමතරව බෞද්ධ ඉතිහාසය තුළ හයවෙනි ධර්ම සංගායනාවක් ගැනද සඳහන් වෙයි. එහෙත් කියවන බොහෝ පිරිසක් ඒ සංගායනාව ගැන වැඩි යමක් නොදන්නා බව අපේ විශ්වාසයයි. විශේෂයෙන්ම මෙම කී හයවෙනි ධර්ම සංගායනාව පැවැත්වූයේ කුමකටද එය පැවැත්වූයේ කොහේද මෙන්ම එය පැවැත්වූ කාලය යනාදී කරුණු ඒ අතර වෙයි. එමෙන්ම හයවෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල මෙන්ම ඊට සහභාගී වූ පිරිස ගැනද කියවන ඔබ නොදන්නවා ඇත. එම නිසා අපේ අද කතාව මෙදා ලාංකීය බෞද්ධයාට මඟඇරුණු එහෙත් මඟනොහැර දැනගත යුතු මෙන්ම දැනන් සිටිය යුතු හයවෙනි ධර්ම සංගායනාව පිළිබඳවයි.

මෙම හයවෙනි බෞද්ධ ධර්ම සංගායනාව ගැන පැවසීමේදී එය ආරම්භ වූ බව සඳහන් වන්නේ වර්ෂ 1954 මැයි 17 වෙනි වෙසක් පොහෝ දිනෙක බුරුමයේ යැන්ගුන් නම් ප්‍රසිද්ධ නගරයේය. එමෙන්ම හයවෙනි ධර්ම සංගායනාව අවසන් කර තිබෙන්නේ එම ධර්ම සංගායනාව ආරම්භ කිරීමෙන් වසර දෙකක් ගතවූ තැන යෙදෙන වර්ෂ 1956 මැයි මස 24 වැනිදාට යෙදී තිබූ 2500 වැනි සම්බුද්ධත්ව ජයන්ති දිනයේය. මෙම සංගායනාව සඳහා බුරුම රජය මූලිකව මැදිහත් වූ බව පැවසෙයි. ඒ අනුව වසර දෙකක් පුරාවටම මෙම හයවෙනි ධර්ම සංගායනාව පවත්වා තිබේ.

හයවෙනි ධර්ම සංගායනාව පවත්වා තිබෙන්නේ මුලින් කී ආකාරයට බුරුමයේ යැන්ගුන් නම් ප්‍රසිද්ධ නගරයේය. එහි මහාපාෂාණ ගුහා නාමයෙන් ආරාම සංකීර්ණයක් ගොඩනඟා එහි මෙම හයවෙනි ධර්ම සංගායනාව පවත්වා තිබේ. සැබෑවටම එහිදී ඒ සඳහා මහාපාෂාණ ගුහා නාමයෙන් ආරාම සංකීර්ණයක් ගොඩනඟා ඇත්තේ එවකට පළමු ධර්ම සංගායනාව පැවැත්වුණු රජගහනුවර සප්තපර්ණි ගුහාද්වාරය එදා යළිත් සිහිපත් කරමිනි. කෙසේ වුවද මහාපාෂාණ ගුහා නාමයෙන් ආරාම සංකීර්ණයක් ඉදිකිරීමේදී ඒ අවට භූමියේම “කබා ආයේ” නමින් දාගැබක් මෙන්ම විහාර සංකීර්ණයක්ද ඉදිකර තිබෙන බව සඳහන් වෙයි. මේ අනුව හයවෙනි ධර්ම සංගායනාව එසේ සිදුකර ඇත.

මෙම ධර්ම සංගායනාව සඳහා ථෙරවාදී බෞද්ධ රටවල් අටක් නියෝජනය කරමින් වියත් භික්ෂූන් වහන්සේලා ගණනාවක්ම බුරුමයට වැඩම කළ බව සඳහන් වෙයි. ඒ අතර තායිලන්තයේ කාම්බෝජයේ ලාඕසයේ නේපාලයේ වියට්නාමයේ මෙන්ම අසල්වැසි ඉන්දියාවේ සහ අපගේ ශ්‍රී ලංකාවේද එසේ භික්ෂූන් වහන්සේලා සිට තිබේ. එමෙන්ම බෞද්ධ රටක් වෙන ජපානයේ භික්ෂූන් වහන්සේලා කීපනමක්ද හයවෙනි ධර්ම සංගායනාවට වැඩම කළ බව පැවසෙයි. මෙම හයවෙනි ධර්ම සංගායනාවේ මූලිකත්වය ලබාගෙන කටයුතු කළ බව සඳහන් වන්නේ එවකට බුරුමයේ වැඩ වාසය කළ ඉතාමත් සිල්වත් මෙන්ම ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් වූ මහාසි ශයාඩෝ නමින් හඳුන්වන භික්ෂූන් වහන්සේය.

මෙම ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගැන මීළඟට සමාලෝචනය කිරීමේදී හයවෙනි ධර්ම සංගායනාව අවසානයේදී සියලුම භික්ෂූන් වහන්සේලා හයවෙනි ධර්ම සංගායනාව පිළිබඳ පිටපත් මුද්‍රණය කරනු ලැබූ බවත් ඒ පිටපත් සියල්ලම ලෝකය පුරා බෙදා හැරීමට කටයුතු කළ බවත් සඳහන්ය. එහෙත් එහි යම් යම් අයුරින් මුද්‍රණ දෝෂ තිබූ හෙයින් පසුව වර්ෂ 1999 දී තායිලන්තයේ ධර්ම සමාජ නම් අරමුදල මගින් එම හයවෙනි ධර්ම සංගායනාවේ පිටපත්වල තිබූ මුද්‍රණ දෝෂ ආදිය ඉවත් කරමින් නැවතත් ඒවා මුද්‍රණය කර බෙදාහැර තිබේ. අනතුරුව ඒ පිටපත් නැවතත් වරක් ලෝකය පුරා බෙදා හැරීමට එම අරමුදල පියවර ගත් බවත් ඊට තායිලන්ත රජ පවුලේ සහ එරටේ සිටිනා විවිධ දානපතියන්ගේ ආධාර උපකාරද ලැබී තිබූ බවත් සඳහන් වෙයි.

හයවෙනි ධර්ම සංගායනාව සඳහා ප්‍රධානතම දායකත්වය දරා තිබෙන්නේ එවකට බුරුමයේ සිටි අගමැතිවරයා වූ “ඌ නූ” මහතා විසිනි. එවකට ඉතා හොඳ බෞද්ධයෙකු වූ එම මහතා වරක් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ ජීවිතය තුළ වඩාත්ම ගරු කරන සූත්‍රය වන්නේ “කාලාම සූත්‍රය” බවයි. මේ අතර ඔහු බුරුමය තුළ බුද්ධාගම නගාසිටුවීමටද ඉතා විශාල කාර්යභාරයක් සිදුකරනු ලැබ තිබේ. විශේෂයෙන්ම පළමුවෙනි වතාවට බුරුමය තුළ “බුද්ධාගම” රාජ්‍ය ආගම බවට පත්කරනු ලැබුවේද ඔහු විසිනි. තවද බෞද්ධයන්ට සතර පෝයේදී ආගමික කටයුතුවල යෙදීමේ පූර්ණ නිදහසද ඔහු විසින් ලබාදුන් බව අද රටම දන්නා ප්‍රසිද්ධ කරුණකි.

අප ඉහතදී සඳහන් කළ ආකාරයට බුරුමයේ වැඩවාසය කළ සිල්වත් මෙන්ම ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් වූ “මහාසි ශයාඩෝ” නම් භික්ෂූන් වහන්සේ හයවෙනි ධර්ම සංගායනාවට මූලිකත්වය ගෙන තිබේ. එහිදී උන්වහන්සේ විසින් විමසන ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එවකට පළමු ධර්ම සංගායනාවේදී ආනන්ද හිමියන් සහ උපාලි හිමියන් සිදුකළ කාර්යය සිදුකරනු ලැබ ඇත්තේ ඊට වැඩම කළ විචිත්තසාරාභිවංස නම් භික්ෂුන් වහන්සේය. උන් වහන්සේගේ විශේෂත්වය වන්නේ මුළු ත්‍රිපිටකයම මතකයෙන් කියවීමට තරම් හොඳ මතක ශක්තියක් තිබීමයි. මේ අතර හයවෙනි ධර්ම සංගායනාව සඳහා ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා අතර බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක ස්වාමීන් වහන්සේ ගැනද මතක් කළ යුතුය. එසේම ඊට එක්වූ පොල්වත්තේ බුද්ධදත්ත මහා නාහිමියන්ට බුරුම රජය මඟින් අග්ගමහා පණ්ඩිත උපාධියද පිරිනැමූ බව සඳහන්ය. තවද තුඩාවේ අරියවංශ හිමියන්ද එදා මෙම හයවෙනි ධර්ම සංගායනාවට සහභාගි වූ බව පැවසෙයි. මෙම සංගායනාව අතරතුර ඇතැම් බුරුම හිමිවරුන්ගේ වැරදි මත දුරුකිරීමට කටයුතු කරනු ලැබුවේද ඒ හිමියන් බව සඳහන්ය.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

පාතාල කල්ලි නායක කෙසෙල්වත්තේ දිනුක ඩුබායිහිදී මරුට EXCLUSIVE

Next Post

කුරුවිට තරුණියගේ ඝාතනයෙන් පසු රටම පුදුම වන හෙළිදරව්වක්: අවුරුදු 5ට කාන්තාවන් 23,000ක් අතුරුදන්

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.