• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පල්ලියේ කොන්ද කැඩුණද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 13, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 4 mins read
A A
පල්ලියේ කොන්ද කැඩුණද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

චන්ද්‍රිකාගේ ආණ්ඩුව 1999 පළාත් සභා ඡන්දයට දින නියම කළේ 1999 අප්‍රේල් පළමුවැනිදාය. චන්ද්‍රිකා මේ දිනය තීරණය කලේ ජ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් අනුවය. ඒ 1999 අප්‍රේල් පළමු වැනි දිනය. කතෝලිකයන්ගේ පාස්කු සතියේ මහ බ්‍රහස්පතින්දා දිනය විය. පාස්කු සතියේ මහ බ්‍රහස්පතින්දා දිනයේ පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන කතෝලික පල්ලිය නොසන්සුන් විය. එවකට අගරදගුරු නිකලස් මාකස් හිමි පාස්කු සතියේ ඡන්දය නොපවත්වන්න යැයි චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළත්, ඇය ඊට ඇහුම්කන් දුන්නේ නැත. 1994දී චන්ද්‍රිකා බලයට ආවේ යූ.ඇන්.පී. බලකොටු ලෙස හැඳින්වූ කතෝලික ප්‍රදේශ අති විශිෂ්ට ලෙස ජය ගනිමින්ය. එයට හේතු වූයේ සාම්ප්‍රදායිකව යූ.ඇන්.පී. යැයි හඳුන්වන කතෝලික පල්ලිය ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ජනමත විචාරණ මංකොල්ලයත් සමඟ වෙනස් වූ නිසාය. 1982 ජනමත විචාරණය ඡන්ද මංකොල්ලයක් යැයි කියා කතෝලික රදගුරු මණ්ඩලය නිවේදනයක් නිකුත් කළ අතර 1988 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂිකා බණ්ඩාරනායක මැතිනිය සිය ඡායාරූපය සමඟ එම නිවේදනය මුද්‍රණය කොට රට වටේම බෙදා හැරියාය. ඉන් පසු ප්‍රේමදාස ආණ්ඩු කාලයේත් ජවිපෙ භීෂණ සමයේ තරුණ තරුණියන් ඝාතනයට එරෙහිව රෝමයේ පාප් වහන්සේ ප්‍රකාශයක් නිකුත් කළේය. භීෂණ කාලයේ රටින් පිටවී සිටි චන්ද්‍රිකා යළි ලංකාවට පැමිණ ඇගේ පළමු දේශපාලන රැස්වීම ආරම්භ කළේ සීදූව, කටානේ පල්ලියකට අයත් සංවිධානයක රැස්වීමකින්ය. මේ රැස්වීම සංවිධානය කළේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ විපක්ෂ මන්ත්‍රිවරයාය. මෙම රැස්වීමට කතෝලික පූජකයෝද පැමිණියහ. කතෝලික පල්ලියට චන්ද්‍රිකා සමඟ තිබුණ සමීප සම්බන්ධතාවය වූයේ ඇගේ සැමියා විජය කතෝලිකයකු වීමය.

මෙලෙස පල්ලියේද ආශීර්වාදයෙන් බලයට ආ චන්ද්‍රිකා පාස්කු සතියේ ඡන්දයක් ප්‍රකාශයට පත්කිරීම කතෝලිකයන් සහ පල්ලිය අමනාප කර ගැනීමට හේතු විය. මැතිවරණ දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇයගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ විටදී පල්ලිය එක් ඉරු දිනක දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කරනු ලැබීය. බස්නාහිර පළාතේ පමණක් පල්ලි 300ක් මෙම විරෝධතාවයට සහභාගි විය. ඔවුන් හැමෝම ආවේ සුදු ඇඳුමින් සැරසිලාය. නගරය වටා සටන්පාඨ ඔසවාගෙන පෙළපාළියක්ද යනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා ආණ්ඩුව සහ මැතිවරණ කොමසාරිස් මැතිවරණ දින ප්‍රශ්නය උසාවි ගෙන ගියේය. කතෝලිකයන්ගේ දුක්ගැනවිල්ල අසා මැතිවරණ දිනය වෙනස්කොට කල් දමන්න උසාවිය මැතිවරණ කොමසාරිස්ට අවසර දුන්නේය. එවකට අගරදගුරු නිකලස් මාකස් හිමි ඇතුළු කතෝලික පල්ලිය කතෝලිකයන්ගේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කළේ එලෙසය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් මැතිවරණ කොමසාරිස්වරයාත් කතෝලිකයන්ගේ විරෝධයට හිස නැමීය. කතෝලික පල්ලිය කොන්ද පෙන්නුවේ එසේය. ඒ 1999 වසරේය.

එයින් වසර 22කට පසු යළිත් කතෝලික පල්ලිය විරෝධතාවයක් ආරම්භ කළේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයන්න පත්කළ කොමිසමෙන් සාධාරණය ඉටු නොවන බව ප්‍රකාශ කරමින්ය. එයට නායකත්වය දුන්නේ කාදිනල් හිමිය. පසුගිය 7 වැනි දින සෑම කතෝලිකයෙක්ම කළු පාට හැඳ ආ යුතු යැයි පල්ලිය උපදෙස් දුන් අතර පාස්කු කොමිසම් වාර්තාවෙන් සාධාරණය ඉටු නොවන බව කියා කළු කොඩි ඔසවා විරෝධතා දක්වන්න උපදෙස් ලැබිණි. කාදිනල් හිමිද එම විරෝධතාවයට සහභාගි විය. එය අති සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් විය. අසරණ පවුල්වල කතෝලිකයන්ද අහල පහළ ගෙවල්වලින් කළු ඇඳුම් ඉල්ලාගෙන විරෝධතාවයට ආවේ කළු ඇඳුම් මිලට ගන්න මුදල් නැති නිසාය. හරියටම කළු විරෝධතාවයට කලින් දිනයේ ජනාධිපති ගෝඨාභය කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේ පැවැති ගම සමඟ පිළිසඳරේදී මෙලෙස කීවේය.

‘සමහර කළු කොඩි දමනවාලු. පාස්කු සිද්ධියේදී කළු කොඩි දැම්මේ නැහැ…’

මේ ගෝඨාභය කී කතාවය. කළු කොඩි දැම්මෙ පක්ෂ නොව කතෝලික පල්ලියය. එය කාදිනල් හිමි ගත් තීරණයක් මිස දේශපාලන පක්ෂ ගත් තීරණයක් නොවේ. ගෝඨාභයගේ මේ කතාවෙන් පසු පල්ලියේදී කළු දිනය අති සාර්ථකව පැවතුණත් හරියටම ඊට පසු දිනයේ කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලය පාස්කු කොමිෂන් සභා වාර්තාව තමන් පිළිගන්නා බව කීහ.

‘අයියෝ අපි මේකටද කළු ඇඳගෙන ගියේ….’

කාදිනල් හිමි කොමිෂන් සභා වාර්තාව පිළිගන්නා බවට නිකුත් කළ නිවේදනය දැක කතෝලිකයන් විස්සෝප වූයේ එසේය.

‘මොකක්ද මේ කාදිනල් හිමියන්ට එක පාරටම වුණේ?’

මේ අද කතෝලිකයන් අහන ප්‍රශ්නයය.

2019 ගෝඨාභයව ජනාධිපති කරවන්න වැඩ කළ ලැයිස්තුවේ කාදිනල් හිමි ඉන්නේ අංක එකේය. පාස්කු ප්‍රහාරයට එරෙහිව හඬ නගපු කාදිනල් හිමි කතෝලිකයන්ටත් වඩා සිංහල බෞද්ධයන් අතර ජනප්‍රිය චරිතයක් විය. කාදිනල් හිමි මෛත්‍රි – රනිල් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන්න පටන් ගත්තේ පාස්කු ප්‍රහාරයට බොහෝ කලක සිටය. ඒ 2015 දී පමණය. 2015 දී කාදිනල් හිමි බෞද්ධයා නාළිකාව අයත් පන්සලේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව හදන්න යන නව ව්‍යවස්ථාවට එරෙහිව රැස්වීමකට සහභාගි වී මෛත්‍රි – රනිල් ආණ්ඩුව සිංහලකම බෞද්ධකම නැතිකොට රට බෙදන්න යනවා යැයි චෝදනා කළේය. කාදිනල් හිමි රාජපක්ෂලා යළි බලයට ගෙන එන්න සංවිධානය වූ ජාතික සංඝ බලවේගයට එකතු වුණේ එලෙසය. එතැන් සිට කාදිනල් හිමියෝ මෛත්‍රි – රනිල් ආණ්ඩුව විදේශ බලවේගවලට වුවමනා විදිහට නටන රූකඩයක් බවත්, රණවිරුවන් හිරගෙට දමන බවත්, රාජ්‍ය ඔත්තු සේවා දුර්වල කරන බවත් කියමින් ප්‍රකාශ නිකුත් කළහ. පාස්කු බෝම්බ ප්‍රහාරය කරළියට ආවේ කාදිනල් හිමි ජාතික සංවිධාන සමඟ ආණ්ඩු විරෝධය අවුලමින් සිටියදීය. පාස්කු ප්‍රහාරයත් සමඟ කාදිනල් හිමි එක රැයින් ලංකාවේ ජනප්‍රිය චරිතය බවට පත්විය. එතැන් සිට කාදිනල් හිමිගේ කටින් පිටවෙන වචන විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට රත්තරන් මෙන් විය.

‘ඔත්තු සේවා දුර්වල කරලා අන්තවාදීන්ව හුරතල් කරනවා. නායකයන්ට කොන්ද පණ නැහැ. අහිංසකයන්ව බිල්ලට දුන්නා’

මේ ඒ කාලයේ කාදිනල් හිමි කී රත්තරන් කතාය. බෝම්බ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වූවන් සයින්දමර්දුහිදී ඝාතනය වූ බවත්, බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් ඇතුළු අනෙකුත් පිරිස අත්අඩංගුවේ සිටිනා බවත් මෛත්‍රි – රනිල් ආණ්ඩුව කීවත් කාදිනල් හිමි කීවේ ඝාතකයන් නිදැල්ලේ ඉන්නවා කියාය. කාදිනල් හිමි ඒ කතාවෙන් නොකියා කීවේ ආණ්ඩුවේ ඉන්නා මුස්ලිම් මැති ඇමැතිවරුන්ට සම්බන්ධකම් තියෙන අය ගැනය. ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමැතිවරු ඉවත් වන තෙක් දළදා මාලිගාව ඉදිරිපිට අතුරලියේ රතන හිමි උපවාසයක් ආරම්භ කළ විට කාදිනල් හිමි එතැනට ගියේ මුස්ලිම් මැති ඇමැතිවරුන්ට එරෙහි විරෝධය රට පුරා අවුලන්නටය. 2018 කුමන්ත්‍රණයේදී මෛත්‍රි මහින්දව අගමැති කළ විට රාජපක්ෂවරු මුස්ලිම් පක්ෂවල සහාය ඉල්ලා සිටියත් ඔවුහු මහින්දව අගමැති කිරීමට සහාය දීම ප්‍රතික්ෂේප කළහ. මුස්ලිම් පක්ෂ ජනාධිපතිවරණයකදී රාජපක්ෂවරුන්ගේ අපේක්ෂකයාට සහාය නොදෙන බව ඉන් තේරුම්ගත් රාජපක්ෂවරු පාස්කු ප්‍රහාරයට පසු රට පුරා මුස්ලිම් විරෝධයක් නිර්මාණය කොට සිංහල බෞද්ධ ඡන්ද වැඩිකර ගන්න සැලැසුම් හැදූහ. දැන හෝ නොදැන කාදිනල් හිමි වැඩ කළේ ඒ න්‍යාය පත්‍රයටය. ඇතැම් විට මේ ප්‍රහාරයට මුස්ලිම් මැති ඇමැතිවරුන් සම්බන්ධ යැයි රාජපක්ෂවරු කාදිනල් හිමිට ඒත්තු ගන්වන්න ඇත. කාදිනල් හිමිත් එය විශ්වාස කරන්න ඇත.

2019 ජනාධිපතිවරණය ගෝඨාභය දින්නේ කාදිනල් හිමි ඔහුගේ වචනවලින් 50%ක් ඡන්ද ප්‍රතිශතය ගන්න අවශ්‍ය සිංහල බෞද්ධ ඡන්ද සහ කතෝලික ඡන්ද ගෝඨාභයට හරවා දුන් නිසාය. ජනාධිපතිවරණය දින්නාට පසු කාදිනල් හිමි හිතුවේ රිෂාඩ්ව හකීම්ව අත්අඩංගුවට ගෙන මහ මොළකරු හොයා දඬුවම් කරනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ රිෂාඩ්ගේ සහ හකීම්ගේ සහායෙන් ගෝඨාගේ ආණ්ඩුව 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමය. ඒ මදිවාට පාස්කු ප්‍රහාරය උසාවි ගෙන යන නීතිපති දෙපාර්තමේන්තුව බාරව මුස්ලිම් ඇමැතිවරයෙක්ද පත් කළේය.

කාදිනල් හිමි නොසන්සුන් වන්න ඇත්තේ එවිටය. තමන්ව රවටා ඇතැයි කාදිනල් හිමිට නොසිතුණා නම් පුදුමය. තමන් හරහා සිංහල බෞද්ධයන් පමණක් නොව කතෝලිකයන්ද රවටා ඇතැයි කාදිනල් හිමිට දැනෙන විට මොනවා හිතෙනවාද දන්නේ නැත. දැන් පොලිසිය භාර ඇමැති කියන්නේ එදා මෛත්‍රි – රනිල් ආණ්ඩුව කී කතාවමය. එනම් ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් හිරේ ඉන්නවා කියාය. කාදිනල් හිමි කතෝලිකයන්ට කළු ඇඳගෙන එන්න කීවේ රාජපක්ෂවරු සහ පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය දිනන්න කලින් කී මහ මොළකරු කෝ කියල අහන්නටය. අවසානයේ පාස්කු කොමිසම් වාර්තාව පිළිගැනීමෙන් කාදිනල් හිමි වැරැද්දක් කර ඇත. එනම් ඔහු නායකයන්ගේ කොන්ද හොයන්න ගිහින් කතෝලික පල්ලියට තිබූ කොන්ද කඩා බිඳදමා ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කුජ ගැන ඔබ දැනගත යුතුම දේවල්

Next Post

ප්‍රවීනා රඟපාන්න ආවේ ජනප්‍රිය නළුවෙක්ගේ හයියකින්ද

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.