• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කවුද මේ සකලකලා වල්ලභ

March 15, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කවුද මේ සකලකලා වල්ලභ
Share on WhatsAppShare on Facebook

දුටුගැමුණු, වළගම්බා මෙන්ම මහසෙන්, ධාතුසේන යන රජවරුන් තරම් ප්‍රසිද්ධ නොවුණද “සකලකලා වල්ලභ” යනු ලාංකීය ඉතිහාසයේ නම තැබූ ප්‍රසිද්ධ රජෙකි. සරලව කිව්වොත් සකලකලා වල්ලභ යනු අටවෙනි පරාක්‍රමබාහු රජුගේ වැඩිමල් පුත්‍රයාය. එම රජු කෝට්ටේ රාජධානියේ උප රාජධානියක් වන උඩුගම්පොළ රාජධානිය පාලනය කර ඇති බව ඉතිහාසයේ සඳහන්ය. එවකට එම ප්‍රදේශය බත බුලතින් සශ්‍රීක කරමින් සාරවත් කිරීමට රජුට හැකිවිය.මේ අතර උඩුගම්පොළ මාලිගාගොඩැල්ල නම් ස්ථානයේ තමා වෙනුවෙන් මාලිගාවක් ඉදිකර ගත් රජු ඒ ආසන්නයේම රජුගේ මෙන්ම බිසෝවරුන්ගේ භාවිතය උදෙසා පොකුණක්ද නඩු කටයුතු හා ආගමික වතාවත් සඳහා දිවුරුම් බෝධියක්ද ඉදිකළ බව සඳහන්ය.

සකලකලා වල්ලභ රජුගේ මාලිගය පිහිටි මාලිගාගොඩැල්ල නම් ස්ථානය අද වන විට බස්නාහිර පළාතේ උඩුගම්පොළ උත්තරාරාම පූරාණ විහාරය වෙන අතර විහාර භූමියේ දැක ගත හැකි පවුරු බැමි, ශිලා ස්ථම්භ, ගල් උළුවහු, වැසිකිළි පාදම් ගල්, කබොක් ගල්, උළු කැබලි වැනි බොහෝ නටබුන් කියාපාන්නේ සකලකලා වල්ලභ මාලිගයේ ඉතිහාසය 1485 වර්ෂය පමණ දක්වා අතීතයට දිව යන බවයි. දිවුරුම් බෝධිය මෙන්ම රාජකීය පොකුණද තවමත් විරාජමානව පවතින්නේ ඓතිහාසික යුගයක් වැළලී යාමට ඉඩ නොදිය හැකි නිසා බව බැලූ බැල්මට පෙනෙයි.

මේ අතර පතහ පොකුණ නමින් හඳුන්වන වර්ග අඩි 25805ක් තරම් වපසරියක ඉංග්‍රීසි හෝඩියේ “L” අකුරේ හැඩයට නිර්මාණය කර ඇති රාජකීය පොකුණ වටා මනාව සකස් කළ ගල් බැම්ම මෙන්ම රජු වතුරට පැනීම සඳහා භාවිතා කළ ගල් පුවරුවද තවමත් එම බිමෙහි නිරුපද්‍රිතව පවතියි. එවකට සකලකලා වල්ලභ රජු ඉදිකළ අස්වාන වැවෙන් උමඟක් ඔස්සේ පතහ පොකුණට ජලය ගෙන ආවා යැයි පැවසුවද තවමත් එවන් උමඟක් සම්බන්ධ වෙන ස්ථානයක් නම් ඒ අවටින් සොයාගෙන නැති අතර අස්වාන වැවේද වැව් බැම්ම පමණක් අදටත් නෂ්ඨාවශේෂව දැකගන්නට ලැබෙයි.

උඩුගම්පොළ ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා රජු ඉදිකළ අස්වාන වැවේ වැව් බැම්ම නිතර කැඩී යාම හේතුවෙන් එම තත්ත්වය වළක්වා ගැනීමට රජු මනා ලෙස සරසන ලද කන්‍යාවින් හත්දෙනෙක් වැවට බිලිදුන් බව ඇතැම් ජනප්‍රවාදයක දැක්වෙන අතර තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ රජතුමා විවාහ කරගෙන සිටි රජකුල බිසව ඊට බිලිදුන් බවයි. එසේ බිලිදුන් අයගේ ශරීර කොටස් ගසාගෙන ගොස් හමුවූ තැන් අදද ඒ ඒ නම්වලින් හඳුන්වන බව රහසක් නොවේ. එසේම විවාහක බිසව පැලඳ සිටි ආභරණ ගසාගෙන ගොස් නැවතුණු තැන “මිණිරුවන්ගොඩ” ලෙස හඳුන්වා පසුව “මිනුවන්ගොඩ” වූ බවත් බිසවගේ ඔළුව ගොඩගැසූ ගල්තලාව “ගල්ඔළුව” වූ බවත් කලවා ගසාගෙන ගොස් නැවතුණු තැන “කලවාන” වූ බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.

මෙම රජුගේ ජීවිතය වරක් බේරෙන්නේ අනූනවයෙනි. ඒ බව ජනප්‍රවායේ සඳහන්ය. එවකට සකලකලා වල්ලභ රජුගේ රාජ්‍ය කාලය බොහෝ සෙයින් දීර්ඝ වූ නිසා මීළඟට රජකම ලබාගැනීමට බලා සිට උරණ වූ කුමාරවරු පිරිසක් රාජකීය පොකුණ තුළ උල් සිටුවා රජු මරන්නට උපක්‍රම යොදා ඇත. එදා දියට පැනීමට පෙර දිය මතුපිට බඹරෙකු වසා සිටිනවා දැක ඒ පිළිබඳ රජු සොයා බැලීමේදී දැවමය උල් සොයාගත් රජතුමා කුමාරවරුන් රාජ්‍යයෙන් පිටුවහල් කළ බව සඳහන්ය.

මේ අතර ජනහිතකාමී රජෙකු වූ සකලකලා වල්ලභ රජු වර්තමානයේද අස්වාන දෙවියන් නමින් උඩුගම්පොළ ප්‍රදේශය තුළ පූජෝපහාරයට ලක්වෙයි. එසේම ගොම්මන් පාළු අවස්ථාවල පතහ පොකුණ අසල බිසෝවරුන් දිය නෑ ඉසව්වෙන් දියබුං හඬ ඇසෙන බව අදටත් ඒ ප්‍රදේශයේ ගැමියන් පවසන කරුණකි. මෙම සියලු ඉතිහාස කතාවන් සියල්ලම පරිස්සම් වී ඇති උත්තරාරාම පුරාණ විහාරය උඩුගම්පොළ වීදියවත්ත මාර්ගයේ ගොස් හමුවෙන උඩුගම්පොළ වටරවුම අසල මාර්ගය දිගේ මීටර් 500ක් පමණ ගිය තැන හමුවෙයි.

මෙම සකලකලා වල්ලභ රජතුමා සිදුකළ බිලි පූජාව නිසා එතුමා යක්ෂ ආත්මයක් ලැබූ බවටද ජනප්‍රවාදයේ සඳහන් වෙයි. නමුත් මෙම රජු එවකට කෘෂිකර්මය නඟසිටුවා ජනතාවට කළ යහපත නිසා දේවත්වයෙන්ද සලකන පිරිසක්ද අදටත් සිටිනා බව රහසක් නොවේ. එසේම වෑගොව්ව අම්බලම හා බලබෝව අම්බලම මෙම රජුගේ නිර්මාණයන්ය. මේ අතර සකලකලා වල්ලභ රජු හොඳ දේවභක්තිකයෙකු බවද සඳහන්ය. එසේම කලාකාමී ඇසක්ද මහා බුද්ධියක්ද රජුට තිබී ඇත. මෙම රජු මියගිය බව සඳහන් වන්නේ එතුමාගේ නිර්මාණයක් වෙන අස්වාන වැව නිතරම කැඩීයාම හේතුවෙන් ඒ වේදනාවට වැවට පැනය. නමුත් අදටත් සකලකලා වල්ලභ නාමයට බොහෝ පිරිසක් දේවත්වයෙන් සලකනු ලබයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

එක දිගට පරදින ක්‍රිකට් ටීම් එකට ක්‍රීඩා ඇමැති නාමල්ගෙන් අමුතු යෝජනාවක් (VIDEO)

Next Post

DP Education Digital Classroom ගාල්ල ඇලෝසියස් විදුහලේදී

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.