පාස්කු කොමිසම් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ගැන අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සහ නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී ඇත.
පසුගිය සඳුදා පැවැති මෙම සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳවද අගරදගුරු හිමියන් දැනුවත්කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකාරක රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළාය.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මෙරටට ගෙන්වා ඇතිබන කියන කඩු 6000ක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද නීතිපතිවරයා පොලිස්පති වරයාට නියෝග කර තිබේ.
ඒ එම සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් ඉල්ලා අගරදගුරු හිමියන් විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සමකට අදාළව පියවර ගනිමිනි.










