සිරදඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට ගොස් ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.
හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ඊයේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා ඔහු සමග ගත් සෙල්ෆි ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණ.
හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සිය මන්ත්‍රි වරප්‍රසාද උල්ලංඝණය කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.










