මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු කරගයෙන් ඉතා පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ප්‍රවීණයෝ සමත් වූහ.
මෙහිදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල රැස් කළේ ලකුණු 89ක් පමණි.
ඊට පිළිතුරු ලෙස ලංකාවේ ප්‍රවීණයන්ගේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 92ක් රැස් කිරීමට සමත් වූහ.
කණ්ඩායමේ නායක තිලකරත්න දිල්ශාන් නොදැවී ලකුණු 50ක් රැස් කරගත්තේය.
මීට පෙර පැවැති බටහිර ඉන්දීය කොදෙව් තරගයෙන්ද ලංකා ක්‍රීඩකයෝ ජය අත්කර ගත්හ.










