කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාළාව පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ අත්සනින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් ගේ සිරුරූ දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.










