කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනයේදී වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර සහ යාපන දිස්ත්‍රික්කවලින් වන අතර කොළඹ ආසාදිතයන් අඩුවන ප්‍රවණතාවක් දැකගන්නට ඇත.
රත්නපුරයෙන් ආසාදිතයන් සංඛ්‍යාව 62ක් වනවිට යාපනයෙන් 59ක් වාර්තා විය.
මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක්, ගම්පහ 51ක්, මහනුවර 50ක්, කළුතර 09ක්, කුරුණෑගල 17ක්, ගාල්ල 21ක්, අම්පාර 02ක්, මාතර 35ක්, කෑගල්ල 07ක්, බදුල්ල 16ක්, මාතලේ 03ක්, පුත්තලම 03ක්, නුවරඑලිය 12ක්, අනුරාධපුර 18ක්, හම්බන්තොට 10ක්, පොළොන්නරුව 02ක්, වව්නියාව 03ක්, ත්‍රිකුණාමලය 02ක්, මන්නාරම 02ක්, මොණරාගල 01ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.
ඊයේ දිනයේදී මෙරට PCR පරීක්ෂණ 12,632ක් සිදුකර ඇති අතර ගතවු පැය 24 තුලදී මෙරටින් එකඳු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා නොවන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.










