පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අද (23) දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.
ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක හරිගුප්තා රෝහණධීර මහතා විසින් එය බාර දෙනු ලැබීය.
මේ වනවිට එය පාර්ලිමේන්තු පුස්තකාලයට බාර දී ඇති බව ඇනගන්නට ඇත.
එම වාර්තාව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දුන් අතර අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.










